'දෙපා නැතත් සීමාවක් නෑ' වාසනාව නිසා ජීවිතය ගොඩ ගිය කන්යා සෙසර්

අගෝස්තු 7, 2023

දරුවන් යනු මවුපියන්ගේ ජීවිතය යැයි කිව්වත් මේ ජීවිතය මහමග දමා යන මවුපියන්ද නැතුවා නොවේ. සමහර විටෙක මේ දරුවන් කිසිදු සරණක් නොමැතිව අසරණ තත්ත්වයට පත් වුණත් තවත් විටෙක ඔවුන් ජීවිතයේ සියලු අභියෝග ජය ගෙන ඉදිරියට යන අවස්ථාවන්ද නැතුවා නොවේ. “කන්යා සෙසර්” නැමැති මේ යෞවනිය ඇතුළත් වෙන්නේ ඒ වාසනාවන්ත කාණ්ඩයටයි.

තායිලන්තයේ නකොන් රට්චාසිමා පළාතේ පක්චොං හි ජන්මය ලත් කන්යාගේ සිරුරේ පාද පිහිටා තිබුණේ නැත. සිරුරේ ඉහළ ප්‍රදේශය සාමාන්‍ය අයුරින් පිහිටි අතර ආසියානු කාන්තාවකට හිමි කාල වර්ණ කෙස් කළඹක් මෙන්ම පැහැපත් සමක් හා විශ්වාසයෙන් පිරි දෑසක හිමිකාරිය වූවාය. එහෙත් ඇගේ මව මේ දියණිය පිළිගත්තේ නැත. ඇය තම බිලිඳු දියණිය මහමග දමා ගියේ ආබාධිත තත්ත්වය නිසාම වන්නට ඇත. මහමග සිටි බිලිඳිය “පක්‍චොං නානා” රෝහලට ගෙනැවිත් දුන්නේ පාරේ ගමන්ගත් මගියකු විසින්ය. එතැන් පටන් කන්යාගේ නිවෙස වූයේ මෙම රෝහලයි. එහි කාර්ය මණ්ඩලය ඇයට සැබෑම මවුවරුන් වූහ. වසර හතරක් මෙම රෝහලේ ජීවත්වුන කන්යා වෙනුවෙන් කැපකරු මවුපියන් සොයා දෙනු ලැබුවේ සහනදායී පදනමේ සමාජ සුබසාධන අංශය මගින්ය. එහි අධ්‍යක්ෂ “මලී චත්කන්හායි” ගේ උදව්වෙන් කන්යාගේ කැපකරු මවුපියන් බවට පත් වුණේ “සෙසර්” පවුලයි. ඩේවිඩ් සහ ජේන් ඇගේ අලුත් මවුපියන් වූහ.

අලුත් පවුලක්. . .

 

ඔවුන් මේ අලුත් දියණිය ඔරිගන්හි පෝර්ට්ලන්හි පිහිටි ඔවුන්ගේ නිවස්නය වෙත රැගෙන ගියහ. සෙසර් පවුල කන්යා දරුකමට හදා වඩා ගන්නට තීරණය කරනු ලැබුවේ ඔවුන්ට දරු සෙනෙහස අහිමි නිසා නොවේ. ඒ වනවිටත් මේ පවුලට පුතුන් දෙදෙනකු වූහ. තවත් අතකින් ආබාධිත දැරියක් හදා වඩා ගන්නවා යනු එතරම් පහසු කටයුත්තක්ද නොවේ. ඊට හේතුව අනාගතයේදී ඇගේ ජීවිතයේ සැලසුම් සාමාන්‍ය දරුවකුගේ තරමට පහසු නැත. ඒත් සෙසර් යුවල ඒ සියලු අභියෝග ඉදිරියේ මුහුණ දෙන සිතින් යුක්තව ඇය බාර ගත්තාය. ඇය අලුත් නිවෙසට යන විට රෝහලේ කාර්යමණ්ඩලය හිත හදා ගත්තේ “කමක් නෑළඇයට යහපතක් වේවාළ!” යන හදවතින්ම නැගුණ සිතුවිල්ලෙන් බව බූන්චාන් චයික්වන්ග් හෙවත් මෙම රෝහලේ ඇගේ රැකවරණයට සිටි 63 හැවිරිදි කාන්තාව සඳහන් කළාය.

 

අතීතාවර්ජනා. . .

 

පසුගිය දිනෙක කන්යා මෙම රෝහලට පැමිණියාය. එහිදී ඇය මව ලෙසින් ඇමතූ බුන්චාන් බාල කාලයේදී කන්යා කළ කී දේ සිහිපත් කළාය. ඇය උපත ලද සූතිකාගාරය පෙන්වූ අතර රෝගීන් සමඟ කන්යා දෙඩූ සංවාද සිහිපත් කළාය. “ඇත්තට මම එහෙම කිව්වදළ?” ඇය ප්‍රතිචාර දැක්වූයේ එසේය. බුන්චාන්ගේ ඇල්බමයේ තිබුණු ඡායාරූපත් දැක බලා ගැනීමට කන්යාට අවස්ථාව ලැබුණි.

 

අම්මාගේ උදවු. . .

 

කන්යා පෝට්ලන්ඩ් නිවෙසේ සාමාජිකයෙක් බවට පත් වුණේ මව පියා පමණක් නොව ඔවුන්ගේ පුතුන් දෙදෙනාටත් සහෝදරියක් වීමෙනි. මේ කුඩා දැරිය පිළිගත් පෝට්ලන්ඩ් අවට ප්‍රජාව ඇයට සුව පහසුව ජීවත් පහසුකම් සම්පාදනය කළාය. ඇයට සිය රෝද පුටුවෙන් එහා මෙහා යා හැකි පරිදි ඔවුහු මාර්ග වේදිකා ද, මාර්ගය හරහා යා හැකි පරිදි සංඥා එළි ද, ක්‍රීඩාංගණය මෙන්ම සිය අලුත් අසල්වැසියාට පහසු වනු පිණිස පාසල් පුස්තකාලයේ පොත් අසුරණ ද නැවත සකස් කළහ.

 

ඇයට ජීවිතයේ සැබෑ මව ලැබුණේ දැන්ය. ජේන් සෙසර් විසින් කන්යා තනි කළේ නැත. ආබාධිත නිසා ක්‍රීඩා කිරීමට නොහැකි යැයි තීන්දු ගත්තේ නැත. ඇය පැසිපන්දු, ටෙනිස්, රෝදපුටු ක්‍රීඩා, මොනෝ ස්කී, පිහිනුම් සහ රග්බි ඇතුළු බොහෝ ක්‍රීඩා සඳහා එක්වූවාය. එහිදී ඇයට තවත් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසුණ අතර එහිදී කන්යාට හිතුණේ තමා වෙනුවෙන් තවත් පිරිසක් සිටින බවයි. “මම තනි වුනේ නැහැ කියන සිතුවිල්ල මගේ හිතට ආවාළ” යැයි ඇය සඳහන් කරන්නීය. මේ නිසාම 2014 වසරේ ලන්ඩනයේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මොනොස්කී ඉසව්වෙන් එක්සත් ජනපදය නියෝජනය කරන්නට ඇයට හැකි වුවාය.

 

නිරූපිකාවක් වෙන්න කැමැති. . .

 

මේ අතර ඔරිගන් හි පිහිටි පදනමක් ඇයගෙන් විමසුවේ ඇය වඩාත්ම යෙදීමට රුචි කාර්යය තුන කුමක්ද යන්නය. නිරූපිකාවක වීම ඉන් එක් අභිමත කාර්යයක්වන අතර පසුව එය සැබෑ කරගන්නට ඇයට හැකි විණි. බීබීසී හි තායි සේවය සමග අදහස් දක්වමින් කන්යා කියා සිටියේ රූප සෝබාව වෙනස් කිරීම දැන් ප්‍රවණතාවයක්. මෝස්තර නිසා අපි ලස්සන වෙනවා. ඒවා එක් එක් අයට වෙනස්. අපි සඟරාවකින් දකින දේ සැබෑ ලෝකයේ දකින‍්නේ නැහැ. ඒත් මම හිතන්නේ සැබෑ තත්ත්වය සඟරාවකින් පේන්නට ඕනෑ. කන්යා සෙසර් හඳුනාගත්තේ Nike හා  Billabong වැනි ලොව ප්‍රමුඛ වෙළෙඳ සන්නාම සඳහා පෙනී සිටින නිරූපිකාවක ලෙසිනි. 2015 වසරේදී රූපවාහිනී කතා මාලාවකට එක්වූ ඇය මේ වනවිට ප්‍රකට රූපවාහිනී කතාමාලාවක්වන “ද වෝකිං වෝකිං ඩෙඩ්” (The Walking Dead) හි අලුත්ම අදියරට රංගනයෙන් එක්වන්නීය.

 

ආබාධිතබව ගැන මම හිතන්නේ නැහැ..

 

ආබාධිතබව නිසා මුල් වරට ඇය දකින කෙනෙක් තුළ ඇතිවන සිතුවිලි නිසා කන්යාට අපහසුතාවයක් ඇති වුණාදැයි විමසු විට ඇය කියා සිටියේ  කවුරු කොහොම හිතුවත් මට ගැටලුවක් නැහැ. තමන්ගේ ස්වාමියා ඉන්නේ තමන් තුළයි. ජීවිතය කියන්නේ අපි ලැබූ අවස්ථාවයි. ඉතින් එයින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ.

 

අම්මා ගැන හොයන්න කැමැති නැද්ද. . .?

 

දරුකමට හදා වඩා ගත් දරුවන්ගෙන් බොහෝ දෙනකුට තමන්ගේ සැබෑ මවුපියන් හඳුනා ගැනීමේ ආශාවක් කාලය සමග ඇති වීම ස්වභාවිකයි. මේ ගැන කන්යා කියා සිටියේ හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි. එය ඒ ආකාරයෙන් ම පැවතිය යුතුයි. “ඇය පවුල විදිහට අදහස් කරන්නේ ලේ ඥාතීත්වය හෝ එකම වර්ගයේ ඩීඑන්ඒ ද නොවේ. අතීතය දිහා බලන්න. දරුවෙක්ව සිටිය කාලයේ ජීවිතයේ කොටසක් විදිහට සිටිය කවුරුන් හෝ සිටිනවා එතැන තමයි මම හිතන පවුල කියන්නේළ”

 

අනාගත හීන. . .

 

“දෙපා නැතත්, සීමාවක් නැහැ " මේ මගේ ජීවිතයේ තේමාව.  සාමාන්‍ය පුද්ගලයකුට ඹඹවගේම කන්යාටත් අනාගත හීන බොහොමයක් තිබෙනවා. ඒවා අතර ඇගේ කැමැත්ත තිබෙන්නේ ලෝකය වටා සංචාරය කිරීම,දරුවන් පවුලට එක්කර ගැනීම, නිළියක් වීම විතරක් නොව චිත්‍රපටියක ප්‍රධාන නිළිය බවට පත් වීමටයි. කවදා හෝ ඇය හඹා යන සිහින ඉෂ්ට වේවා යැයි අපිත් ප්‍රාර්ථනා කරමු.