ලැප්ටොප් එක ලෙඩ දුන්නොත් ඔබේ පරිගණකයේ දොස්තර ඔබම වන්න

ජුනි 26, 2019

ලෝකය දකින්න ඩෙස්ක්ටොප් පරිගණකය භාවිත කළ අපි දැන් ලැප්ටොප් එකට හුරු වෙලා. ඒ නිසා මුළු ලෝකයම අතැඹුලක් සේ දකින්නට හැකියි. එහා මෙහා ගෙන යාමේ පහසුව නිසාම විශ්වවිද්‍යාල සිසුන්ට, ව්‍යාපාරිකයන්ට, ළමුන්ට සහ ගෘහණියන්ටත් පහසුවෙන් පරිහරණය කළ හැකි දැනුම් සම්භාරයක් ලබා දෙන තාක්ෂණික මෙවලමක් බවට පත් වෙලා.

ලැප්ටොප් පරිගණයක් කියන්නේ වර්තමානයේදී බොහෝ දෙනෙක් තමන්ගේ විවිධාකාර අවශ්‍යතාවන් ඉටුකරගන්න භාවිත කරන මෙවලමක්. අද දවසේදී තමන්ගේ අධ්‍යාපන, රැකියා, විමෝදාස්වාදය හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ලැප්ටොප් මාදිලියේ පරිගණකයක් භාවිත කරන සංඛ්‍යාව ඉතා ඉහළයි.

නමුත් එය නිවැරැදිව භාවිත නො කළොත් ප්‍රශ්න ගොඩයි. නිවැරැදිව ලැප්ටොප් පරිගණකය භාවිතය තුළින් එහි ආයු කාලය වැඩි වන අතරම හොඳ කාර්යක්ෂමතාවක් ද වර්ධනය වේ. එලෙසම අලුත්වැඩියා කිරීමකට යාමට වඩා එවැනි අවස්ථාවලින් පරිගණකය ආරක්ෂා කර ගැනීමයි වැදගත්.

කෙසේ නමුත් ලැප්ටොප් පරිගණකයක් මිලදී ගෙන කාලයක් යනවිට විවිධ හේතූන් නිසා පරිගණකය ලෙඩ වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වෙලාවක අපි කරන්නේ කාර්මිකයකු ලවා අපේ පරිගණකයේ ගැටලුව පරීක්ෂාකර පිළියම් යෙදීමයි. නමුත් මේ අත්බෙහෙත් ගැන ඔබ හරිහැටි දැනුවත් වුවහොත් ඔබේ පරිගණකයේ දොස්තර වෙන්න ඔබටම පුළුවන්.

 

නිවැරැදි පාවිච්චිය වැදගත්

ලැප්ටොප් එකක් ගත්ත මුල් දිනවල කවුරුත් හරිම උනන්දුයි. නමුත් කල් ගත වෙද්දී ලැප්ටොප් එක පැත්තකට කරලා දානවා. සමහරවිට එය නැවත ක්‍රියාත්මක කරන්නේ මාස ගණනාවකින් වෙන්නත් පුළුවන්. මෙය ලැප්ටොප් එකෙහි ආයු කාලය අඩු වීමට ප්‍රධාන හේතුවක්. එමෙන්ම ලැප්ටොප් එකෙහි Œ battery charge
 එක අඩු වූ පසුව ලැප්ටොප් එක දිගු කාලයක් පාවිච්චි නො කර සිටීමෙන් ද ලැප්ටොප් එකට හානි සිදු විය හැකියි.

බොහෝ දෙනෙක් ලැප්ටොප් පරිගණකයෙන් යමක් කියවන හෝ නරඹන අතරතුර කිරි, තේ, සිසිල් බීම වැනි දේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එවැනි දියර වර්ග ලැප්ටොප් පරිගණකය මත ඉහිරී යාම තුළින් පරිගණකයේ අභ්‍යන්තර උපාංග short circuit)  අක්‍රිය වීම තුළින් දත්ත හානි වීම හෝ අභ්‍යන්තර උපාංග දැවී යාමක් විය හැකියි.

විශේෂයෙන්ම පාන්, බනිස්, බිස්කට් වැනි ආහාරවල කුඩා කැබලි යතුරු පුවරුවේ යතුරු අතර තැන්පත් වේ. මේ නිසා කූඹින් වැනි කෘමි සතුන් පරිගණකය අභ්‍යන්තරයට ඇදී ඒමෙන් අභ්‍යන්තර වයර් හා රබර්වලින් තනා ඇති කොටස්වලට හානි පැමිණවීමත් අභ්‍යන්තර කොටස්වලට හානි වීමත් සිදුවිය හැකියි. එසේම මෙවැනි ආහාර කැබලි තෙල් හා කහට පැල්ලම් ආදිය නිසා ලැප්ටොප් පරිගණකයේ පෙනුමද අපිරිසුදු වේ.

ලැප්ටොප් පරිගණකයේ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු, ආරක්ෂා කරගත යුතු උපාංගය වන්නේ එහි තිරයයි (Display). . ලැප්ටොප් එක වැසීමේදී සෑම විටම තිරය තද නොවන ලෙස මැදින් අල්ලාගෙන සෙමින් වසන්න. තවද තිරය වැසීමේදී යතුරු පුවරුව මත පෑන්, පැන්සල්, ඉයර්ෆෝන්, පෙන්ඩ්‍රයිව් වැනි උපකරණ ඇති දැයි පරීක්ෂාකර බලන්න.

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශ්‍රී ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

2019/06/26 තරුණි බලන්න