ලැප්ටොප් එකේ හදවත බඳු බැටරිය

ජූලි 3, 2019

දවසේ විවිධ කාර්යයන් කරගන්නට අවශ්‍ය වූ විට බොහෝ දෙනා ඔළුව වටේ අත දාලා නහය අල්ලනවාක් මෙන් බොහොම කරදර විඳිනවා. නැත්නම් ඒ විෂයයට අදාළ මිතුරකුගෙන් උදව් ඉල්ලා ඔවුන්ටත් කරදරයක් වන්නට සිදුවෙනවා. ඒ වෙනුවට ඉතා කෙටි කාලයකින් අපට අවශ්‍ය බොහෝ දේ කරදෙන්නට දැන් තාක්ෂණයට පුළුවන්. ඒ නිසයි දැන් සියලු දෙනාම පාහේ ලැප්ටොප් පරිගණකයට හුරුව සිටින්නේ.

සැමගේම මිතුරකුව සිටින ලැප්ටොප් පරිගණකයේ ගැටලුවක් ඇති වුවහොත් එයත් ඔබටම විසඳාගත හැකිනම් එය තවත් පහසුවක් වේවි.

පසුගිය සතියේදී ඒ පිළිබඳ අප ඔබව දැනුම්වත් කිරිමක් කළා. එහිදී අවසානයට කතා බහ කළේ වෛරස් පිළිබඳයි. අද එතැන් සිට...

සාමාන්‍යයෙන් වෛරසයක් ඇතුළු වුවහොත් එකවරම මුළු පද්ධතියටම හානි නොකරයි. එහෙත් ඔබේ වටිනා තොරතුරු අඩංගු file delete  වීම සහ  images  වලට හානි සිදුවීම වැනි දේ සිදු විය හැකියි. එය සිදු වන්නේ වෛරසයේ ස්වභාවය අනුවයි.

එලෙස වෛරස් වර්ග මිලියන ගණනක් තිබෙනවා.

ඒ අතරින් පණුවකුගේ හැඩය ගන්නා worm virus පරිගණකයට ඇතුළු වුවහොත් දිනෙන් දින folders කා දැමීමක් සිදුකරනවා. ඇතැම්විට ඒ සඳහා කාලයක් ගත විය හැකියි. කෙසේ නමුත් තත්ත්වයෙන් උසස් virus guard  එකක් installකර ගැනීමෙන් මේ සියලු ගැටලුවලින් මිදිය හැකියි.

අමතර mouse සහ keyboard පාවිච්චි කිරීමේ වැදගත්කම

ලැප්ටොප් එකෙහි keyboard  එකක් සහ touchpad  එකක් තිබුණත් අමතර  එකක් සහ mouse  එකක් පාවිච්චි කිරිම වාසි සහගතයි.

ලැප්ටොප් එකෙහි ඇති keyboard  එක සහ touchpad එක තරමක් අතට අපහසුයි. ඒ වගේම මේ කොටස්වලට හානිවීමක් සිදුවුවහොත් නැවත අලුතෙන් කොටස් දැමීම සඳහා තරමක මුදලක් ද වැය කරන්න සිදුවෙනවා.

නමුත් අමතර  keyboard එකක් mouse  එකක් එතරම් මිල අධික නොවේ.

ඒ නිසා වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් නිවෙසේදී, කාර්යාලයේදී අමතර keyboard  එකක් සහ keyboard එකක් පාවිච්චි කරන්නේ ලැප්ටොප් එකෙහි ඇති ඬkeyboard එක හා touchpad එකෙහි ආයු කාලය වැඩි කර ගැනීමේ අරමුණක් ලෙසයි.

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශ්‍රී ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

 

2019/07/03 තරුණි බලන්න