ඔබේ අරමුණු සපලකර ගැනීමට නම්...

ඔක්තෝබර් 2, 2019

මිනිසුන් ජීවිතය දෙස බලන්නේ විවිධාකාරයේ කෝණවලිනි. මේ කුමනාකාර පැතිකඩකින් බැලුවත් ජීවිතයක් සාර්ථක කරගැනීමට සෑම පුද්ගලයකුගේ ම සිත් තුළ ඇත්තේ බලවත් කැමැත්තකි.

සිතේ කැමැත්ත ඉටුකර ගැනීමට නම් ක්‍රමවත්ව ක්‍රියාකාරී විය යුතුය. එම ක්‍රියාකාරීත්වය වෙනුවෙන් පෙළගැසෙන ඔබට නිතැතින් ම ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත.

දැක්මක් ඇති වුවද එම දැක්ම කරා යාමට අරමුණු කරගන්නා සාධක පිළිබඳ අපි පසුගිය සතියේ කතා කළ අතර අද ඒ පිළිබඳ තව දුරටත් කරුණු සාකච්ඡා කරමු. පළමුව අපි යම් දෙයක් ලබා ගැනීම සඳහා සුදුස්සකු විය යුතු බව පැවසුවා මතක ඇති. එහි දෙවැන්න වන්නේ අවස්ථා ලැබීමයි.

මෙහිදී විවිධ අවස්ථා විවිධ අභියෝග හමුවේ. එවිට අපි ඒවා අභියෝගය බාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීරණ ගත යුතුය. එය තමාගේ තීරණයකි. මට මේ තීරණය ගැනීම මඟින් සාර්ථක වේ යැයි සිතා තමාම එම තීරණය ගත යුතුය.

සුදුස්සෙක් වීමට යද්දී කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස විවිධ කඩඉම් පසු කළ යුතුය. මෙම තෛ‍්‍රකාලීන කඩඉම් අරමුණු උදෙසා අවශ්‍ය වේ. මෙය දැක්මට වඩා වෙනස් වේ. නිශ්චිත බවක් ඇති අතර පටු සීමාවක ඇති දෙයකි. කිසියම් කාල පරාසයක් තුළ සාක්ෂාත් කරගැනීමට හැකි එසේ ඉටුකරගත් විට එය කළා ද නැද්දැයි මැන ගත හැකි හා දැක ගත හැකි, විඳ ගත හැකි දෙයකට අරමුණ යැයි පවසයි. අරමුණ ලිවිය හැකි දෙයකි. එසේ ලිවිය නොහැකි දෙයක් අරමුණක් නොවේ. මේ අරමුණු ලිවීම ම සංකීර්ණ වූ දෙයකි. පාසල්වලින් උගන්වන්නේ ද නැත.

මෙය බටහිර සංකල්පයකි. එහිදී මෙය හඳුන්වන්නේ ස්මාර්ට් ඔබ්ජෙක්ටිව්ස් නමිනි.

Smart Objectives


* Specific
* Measurable
* Attainable
* Relevant
* Time-bound


මෙහිදී යම්කිසි කාලයක් තුළ ඉටුකර ගැනීමට හැකි වීම අපි ගත හොත්, 'මම ගෙයක් හදනවා' යන්න උදාහරණයක් ලෙස ගනිමු. එම අදහස අරමුණක් ලෙස ගත නොහැකිය. මන්ද එය අදහසක් පමණි. එම අදහස ගැන පවසමින් කොතරම් වුවත් කාලයක් ගත කළ හැකියි. එය මේ මුළු ජීවිත කාලයට ම අදාළ වන්නකි. එහෙත් එය යම් කිසි කාල සීමාවකට අනුව 'මම ලබන අවුරුද්දේ දෙසැම්බර් 25 ට පෙර හතරැස් අඩි 1500ක ගෙයක් මිලියන 10-12ක බජට් එකකින් අහවල් තැන සකසන බව සිතිය යුතුය.'

 

 

උපදෙස් - කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි

 

2019/10/02 තරුණි බලන්න