වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මොළය වර්ධනයටත් බුද්ධි මට්ටම පරීක්ෂාවටත් නවතම ඇප්ස්

ජිම් එකට ගිහින් සිරුරට ව්‍යායාම ලබාදෙනවා වගේම මොළයටත් නිරන්තරයෙන් ව්‍යායාම අවශ්‍ය වෙනවා. අපේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවන්, ගණිතමය, භාෂාමය හැකියාන් සියල්ලම ඔප මට්ටම් කර තබා ගතහොත් අපිට අනෙක් අය අභිබවා ජීවිතය ජයගන්නට අවස්ථාව උදාවෙනවා.
ඕනෑම වයසක කෙනෙක්ට තමන්ගේ මොළය ක්‍රියා කරවමින් සක්‍රීයව පවත්වා ගන්නට සහ හැකියාවන් වර්ධනය කරනවා නම් ආතතිය වැනි රෝග තත්ත්ව, අමතක වීමේ ගැටලු සහ මානසික ගැටලුවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ආදී බොහොමයකට සාර්ථක ඵල ලබන්නට අවස්ථාව උදාවෙනවා. නිතරම ළඟ තිබෙන දුරකථනයට එවන් ඇප් එකක් දාගත්තොත් නිකරුණේ ගත කරන කාලය මොළය වර්ධනයට යොදාගන්න පුළුවන්.
Peak
තනි ඇප් එකක් තුළ ගේම් 45 කටත් වැඩි ප්‍රමාණයක් ගෙන එන මෙය විවිධ ආකාරවලින් මොළයට ව්‍යායාම දෙන්නට යොදාගත හැකියි. කේම්බ්‍රිජ්, නිව්යෝර්ක් සරසවිය වැනි අධ්‍යාපනික ආයතනවල ද සහභාගීත්වය සහිතව ගොඩනඟන ලද මෙය, ඕනෑම වයසක කෙනෙක්ට තමන්ගේ මොළය විවිධ අංශවලට පුහුණු කරවන්නට උපකාර වෙනවා. භාෂාව, මතකය, ගැටලු විසඳීම, හැඟීම් පාලනය ආදී ක්‍රීඩා මෙහි අන්තර්ගත වෙනවා. play store හි 4.4 ක rating අගයක් ලබා ඇති මෙය බුද්ධි වර්ධනයට සුදුසුම ඇප් අතරින් එකකි.
Elevate
අවධානය, කතා කිරීමේ හැකියාවන්, යමක් විශ්ලේෂණය කිරීමේ හැකියාව, මතකය, ගණිතමය හැකියාවන් ආදී කුසලතාවන් රැසකින් මොළය පුබුදුවාලන්නට Elevate ඇප් එක දායක වෙනවා. මෙය ක්‍රීඩා කිරීමේදී අපිට වඩාත් ගැළපෙන ආකාරයේ වැඩසටහනක් බවට ස්වයංක්‍රීයව පත්වන නිසා දුර්වල තැන් වැඩිපුර වර්ධනය කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඥානාත්මක හැකියා වර්ධනය හරහා ඵලදායීතාව, උනන්දුව මෙන්ම තමා පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගන්නට හැකියි. මෙහි දින 14 ක trial එකක් ලෙස හෝ සම්පූර්ණයෙන් නොමිලේ පාවිච්චි කරන්නට ද ආකාර දෙකක් ලබාදී තිබෙනවා.
2019/11/06 තරුණි බලන්න.
උපදෙස්
අනුරාධ කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක
උපදේශක