පාඨක ඔබට තිළිණ පිරිනමන The Buddhist Jeweller

ජූලි 4, 2022

තරුණී සිය 53 වැනි සංවත්සරය සමරමින් පාඨක ඔබ වෙනුවෙන් තිළිණ ලබා දෙන්නත් සූදානම්. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය දරන්නේ කොස්වත්ත, තලංගම, කඩුවෙල පාරේ අංක 347/1/1 දරණ ස්ථානයේ පිහිටි ද බුඩිස්ට් ජුවෙලර් (The Buddhist Jeweller) ආයතනයයි. එය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි. ඒ නිසාම කාටත් විශ්වාසවන්ත ලෙස බෞද්ධ ආභරණ නිර්මාණය කරගන්න සුදුසු ආයතනයක් ලෙසින් හඳුනාගත හැකියි.

තරුණී පාඨක ඔබට රතන පිරිත අඩංගු රන් පෙන්ඩන්ට් තිළිණ කළ එම ආයතනය මෙදා සැරේ වැඩි පාඨක පිරිසකට තිළිණ දෙන්න සූදානම්. ඒ රථවාහනවල ආරක්ෂාව වෙනුවෙන් රඳවන රත්නමාලි යන්ත්‍රය එම්බෝස් කළ රන් ආලේපිත පෙන්ඩන්ඩ් දහයක් හා පිරිසුදු රිදියෙන් නිම කළ පිරිත් ලොකට් පෙන්ඩන්ට් හතකි.

කැරට් 22 රනින්, රිදීයෙන් හා රන් ආලේපිත පංචායුධ, රත්නමාලී පෙන්ඩන්ට්, ධර්මචක්‍ර පෙන්ඩන්ට්, පිරිත් පෙන්ඩන්ට් ඇතුළු විවිධ පෙන්ඩන්ට් වර්ග හා වාහනවල ආරක්ෂාව සඳහා එල්ලන රන් ආලේපිත රත්නමාලි යන්ත්‍රය ආදී විවිධාකාර බෞද්ධ ආභරණ හා රැඳවුම් නිර්මාණය කරන ලංකාවේ එකම බෞද්ධ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනය, ද බුඩිස්ට් ජුවෙලර්ස් වේ. වසර ගණනාවකට පෙර මේ ආයතනය මඟින් ලංකාවේ පළමුවරට ඉතා සියුම්ව කැටයම් කරන ලද රතන පිරිත අඩංගු ලොකට් රන් පෙන්ඩන්ට් එක හඳුන්වා දෙන ලදී. ඉන් අනතුරුව එම රතන පිරිතට අමතරව ජය පිරිත, මෝර පිරිත, බොජ්ජංග පිරිත, සූර්ය පිටිත, අභිසම්භිධාන පිරිත හා රත්නමාලි යන්ත්‍රය මෙලෙස ලොක්ට් පෙන්ඩන්ට් ලෙස කැරට් 22 රනින් හෝ පිරිසුදු රිදියෙන් ලබා ගත හැකියි. පිරිත් පෙන්ඩන්ට් සමඟ පිරිත් අඩංගු කුඩා පොත් පිංචක් හා පියවි ඇසට නොපෙනෙන පිරිත් කියැවීමට අත් කාචයක් නොමිලයේ ලබා දේ.

කැරට් 24 රන් ආලේපිත රත්නමාලි යන්ත්‍රය, වාහනයේ එල්ලීමට, වැඳුම් පිළිවෙත් කරන ස්ථානයේ තැබීමට මෙන්ම ගෞරවණීය ත්‍යාගයක් ලෙස පිරිනැමීමට ද හැකිවන ලෙස නිමවා ඇත. ළදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙල පලඳන පංචායුධ රැසක් ද හඳුන්වා දී ඇත්තේ මාපිය වැඩිහිටියනට රුචි ලෙසින් තෝරා ගන්නටයි. ඒ පංචායුධ අතර රත්නමාලි යන්ත්‍රය, සබ්බපාපස්ස ගාථාව, ධර්ම චක්‍රය ආදී අර්ථවත් හා ආරක්ෂාව සලසන බෞද්ධ සලකුණු හා පාඨ එම්බෝස් කළ ඒවා වේ.

මේ සියලුම නිර්මාණ ආයතනයේම නිපදවන බැවින් අලෙවියෙන් පසු වුවද ඔබට යම් සාධාරණ ගැටලුවක් මතු වුවහොත් ඒ සඳහා හොඳම විසඳුමක් ලබා දීමට ඔවුන් සූදානම්.

0112179750, 0707525526 දුරකථන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර දැන ගත හැකියි.

 

ස්තූතිය

The Buddhist Jeweller  හි

නිෂ්පාදන කළමනාකාර

චලනි බුද්ධිකා රණසිංහ