ඉහළ ගිය බිත්තර පහළ බස්සයි

මෙන්න, බිත්තරයේ කතාව...
සැප්තැම්බර් 5, 2022

 

බිත්තර පොඩි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම ආහාරයට ගන්නකි. ඒ පෝෂණ අවශතා සපුරා ගැනීමටය. අතවශ ආහාර ව මිල ඉහළ යාමත් සමඟ බොහොමයක් දෙනකුගේ ආහාර රටාව වෙනස් වී ඇත. මස්, මාළු මිල ඉහළ ගිය නිසාම සිඟිත්තන්ගේ හා හැදෙන වැඩෙන ළමා ළපටීන්ගේ පෝෂණය පිරිමැසුවේ බිත්තරයි. ඒ මාපියන් ආහාරයට නො ගෙන දූදරුවන්ට බිත්තර ලබා දීමෙනි. එහෙත් බිත්තර මිලත් ඉහළ යාමට පටන් ගත්තේ නැතිබැරි මිනිසා කබලෙන් ළිපටම ඇද දමමිනි. මේ තත්ත්වයත් සමඟ බිත්තර ‍යොදා කරන නිෂ්පාදනවල ද මිල ඉහළ යාම අරුමයක් නොවේ.

 

පවත්නා ජීවන වියදම එදිනෙදා කුලී වැඩ කරන මිනිසාට මෙන්ම ‍රැකියාවක් කර මසකට යම් මුදලක් උපයා ගන්නා අයට ද දරා ගැනීම අසීරුය. සියල්ලේ මිල රොකට් වේගයෙන් ඉහළ යද්දී ලැබෙන ආදායමේ ඉහළ යාමක් නොවේ නම් වියදම් දරාගැනීම අසීරුබව ද අමුතුවෙන් කිව යුතු නැත.

මේ නිසාම පසුගිය දා රජය බිත්තර වෙනුවෙන් පාලන මිලක් නියම කළේය. සාමාන ජනතාවගේ පැත්තෙන් එය යහපත් ියාවකි. නිෂ්පාදකයාට එය අසීරු විය හැක්කේ නිෂ්පාදන පිරිවැය ද සාපේක්ෂ ලෙස ඉහළ යාම හේතුවෙනි. මේ නිසා අප කිසිවකුට නිෂ්පාදකයා අසාධාරණ යැයි පැවසීම ද අසීරුය.

කෙසේ වෙතත් රොකට් වේගයෙන් බිත්තර මිල ඉහළ දැම්මාට බිත්තර කන්න මිනිසුන් ළඟ මුදල් නොවේ නම් බිත්තර අලෙවිය පහළ බැසිය හැකියි. පසුගිය දා බිස්කට් අලෙවිය පහළ ගියේ ද මේ නිසාය. අනෙක් කරුණ වන්නේ බිත්තර ‍යොදා කරන නිෂ්පාදන මිල ඉහළ යන විට ඒවා මිල දී ගැනීමෙන් වැළකී සිටියහොත් එම නිෂ්පාදකයන්ට ද ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. එමඟින් ඔවුන්ට ද තම ජීවිකාව අහිමි විය හැකියි.

බිත්තර දුප්පතාගේ මෙන්ම ෙපාෙහාසතාගේ කෑමක් ද වේ. එහෙත් බොහෝ විට කේක් යනු පොහොසතාගේ කෑමකි. කෙසේ වෙතත් මෙලෙස මිල ඉහළ යාමෙන් බිත්තර වුවද ෙපාෙහාසතාගේ පමණක් කෑමක් වීම නො වැළක්විය හැකියි.

ඒ නිසා රටේ පවත්නා තත්ත්වය තේරුම් ගෙන බිත්තර නිෂ්පාදකයන් විශාල ලාභ නො සොයා සාධාරණ මිලකට බිත්තර අලෙවි කරන්නේ නම් ඉන් ගැටලු බොහොමයක් විසඳා ගත හැකියි. එමෙන්ම අපේ දූදරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ පෝෂණ අවශතා ද රැකගත හැකි වේවි. නැත්නම් රටේ දරුවන්ගෙන් බහුතරයක් පෝෂණ අවශතා සපුරාගත නො හැකිව මන්දපෝෂණ තත්ත්වය වැඩිවිය හැකියි. දැනටමත් අපේ රටේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යමින් පවතී. එසේ වුවහොත් අපේ රටේ අනාගත පරපුර අවදාන ෙම්ය.

 

නිවෙසට කිකිළියක්

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී පැවසිය යුතු තවත් දෙයක් ඇත. එනම් ගම්බදව හා තම ඉඩමේ යම් ඉඩකඩක් වේ නම් පවුලේ පෝෂණ අවශතා වෙනුවෙන් කිකිළියෙක් දෙන්නෙක් ඇතිකළ හැකියි. එමඟින් ඔබේ නිවෙසේ සාමාජිකයන්ගේ පෝෂණ අවශතා වෙනුවෙන් නිවෙසින් ම බිත්තර අවශතා සපුරාගත හැකියි. එමෙන්ම ඔබේ ගෙවතු වගාවට ද හොඳ පෝෂණයක් සහිත කුකුළු පොහොර නිවෙසින් ම සපයා ගත හැකි වේවි. වැඩිපුර දෙතුන්දෙනෙක් ඇති කිරීමෙන් අහළපහළ අයට ද බිත්තර අලෙවි කළ හැකියි. ගම් කිකිළියන්ට කන්නට කියා අමුතුවෙන් කෑම, විටමින් ආදිය දිය යුතු ද නැත. ඒ නිසා ඔබට අමතර වියදමක් යන්නේ ද නැත. ඒ නිසා බිත්තර මිල ගැන ළතනොවී ඔබට කළ හැකි දේ කරන්න.

රොකට් වේගයෙන් ඉහළ ගිය බිත්තර මිලට රජය පාලන මිලක් පැනවීමෙන් පසු බිත්තර නිෂ්පාදකයන් බිත්තර බෙදාහැරීම අත් හිටුවීමට ගත් තීරණයට මහජනයා දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ. මේ අදහස් තුළ යථාර්ථය, හා‍ස, උද්වේගය, උපහාසය ආදිය හොඳින් ගැබිවී තිබෙනු කියවන ඔබට ද වැටහේවි.

------------------------------

“මේක නොකා ඉන්න කිව්වාට පොඩි අය ඉන්න ගෙවල්වලට ඕනෙම දෙයක්. මොකද මස්, මාළු ගණන්. එතකොට ඔය හැම වර්ගයම නොගෙන හිටියත් ළමයින්ට පෝෂණ ඌනතාවලට මුණ දෙන්න වෙනවා. මොකද එළවළුවලින්ම අවශ පෝෂණ සංඝටක ලැබෙන්නේ නැහැ. මෙහෙම ගියොත් කොහොමත් ළමයි ලොකු අවදානමකට පත් වෙනවා. පෝෂණ ඌනතාවලින් බුද්ධි වර්ධනයට වෙන බලපෑම තව අවුරුදු කීපයකින් පතිඵල බලාගන්න පුළුවන් වෙයි.”

------------------------

“නිෂ්පාදන පිරිවැය කියලා එකක් ගැන දන්නෙ නැති මිනිස්සු ලංකාවෙ සෑහෙන්න ඉන්නවා.”

 

----------------------------

“සති දෙකක් යනකොට ලොරි පිටින් ඇවිත් පාරවල් අයිනෙ තියන් රු. 10 දෙනවා…. සති දෙකක් ගන්න එක නවත්‍තමු.”

 

-------------------------

“මේකෙ අවසානය වෙන්නේ බිත්තර ආනයනය කිරීමක් හරහා තවත් කොමිස් ගැහිල්ලකිනි.”

--------------------------------

 

“දෙගොල්ලටම බේරගන්න අරින්න. අපි ටික දවසක් බිත්තර නොකා ඉමු.”

----------------------------

 

“සාධාරණයක් වෙන්න කියලා, 35ට දෙනවා නම් ගන්නම්... ඊට වඩා ගෙවන්න අපිට අමාරුයි මේ කාලෙ...”

-----------------------------

 

“කිකිළියන්ට බිත්තර නොදාන්න කියලා කියන්න. අපේ මොකෝ!”

------------------------------------

 

“අන්න අත්හිටවන්න මාස 3ක්.. පුළුවන් නම් …”

-------------------------------

 

“බිත්තරයකට නිෂ්පාදන වියදම මේ වෙද්දී සාමානයෙන් රුපියල් 45-50ක් අතර ගාණක තියෙන්නේ. ඕක තේරුම් ගන්නේ නැතුව කළු කඩ, කළු කඩ ගගා අඬනවා. අපේ රටේ සාක්ෂරතාව අච්චරයි මෙච්චරයි ගෑවට ගොඩක් අයගේ මොළේ තියෙන්නේ කොහේද?”

------------------------------

 

“ගන්නෙ නැතුව ඉන්න ඕනේ බිත්තර නෑ කියලා මැරෙන්නෙ නෑනේ.”

 

 ----------------------

 “බෙදන්න බැරිනම් තියාගෙන රැකපල්ලා... අපිට මොකෝ..”