රූ කිරුළට ළං වූ කුමර කුමරියෝ

අප්‍රේල් 15, 2024

රුවැත්තියන් අතර කිරුළු පලන් අවුරුදු කුමරියත් කඩවසම් තරුණයන් අතරින් ඔටුන්න හිමි අවුරුදු කුමරාත් ලෙස අභිෂේක ගන්වන රූ කිරුළ 2024 අවසන් මහා තරගයට සියල්ල සුදානම්.

තරුණී මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික රූපවාහිනියට වැල නොකැඩී ආ කුමර කුමරියන් ගොන්නෙන් අවසන් මහා තරගය සඳහා කුමර කුමරියන් 24 දෙනෙකු තරඟ වදී. මේ රූ කිරුළ අවසන් මහා තරගය අප්‍රේල් මස 14 දින සවස 6.00ට ජාතික රූපවාහිනියෙන් සජිවීව විකාශය කෙරේ. මෙහිදී ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථානයට අමතරව මුදල් සහ වටිනා වෙනත් ත්‍යාගයන් පිිරිනැමේ. ඒ අවුරුදු කුමරියන් වෙනුවෙන් හොඳම වරලස, නිරෝගීමත් සම, ජනප්‍රිය කුමරිය, දක්ෂතම කුමරිය ද අවුරුදු කුමාරයන් සඳහා ජනප්‍රිය කුමරා, කඩවසම් කුමරා හා පෞරුෂමත් කුමරා ලෙස ද අභිෂේක ගන්වනු ලැබේ. අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස නර්තනාචාර්ය චන්න විජේවර්ධන, නිරූපණ නිර්මාණ අධ්‍යක්ෂ රොසෑන් ඩයස්, රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන, රංගන ශිල්පී උදාරි පෙරේරා සහ රංගන ශිල්පිනි සංජානා ඹනාලි සහ රූපලාවන්‍ය ශිල්පිනි නදීෂා ද සිල්වා යන මහත්ම මහත්මින් සභභාගී වෙයි.