වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
පිටකොටුව මැද කාඩ්ලන්තය

කල්යල් බලා සුදුසු නැකැතක් උදාවෙන තෙක් දෑඟිලි ගණින ඔබට, ඔබේ ආදරණීයම ආරාධනාව පෙළ ගස්වන්න මැලිබන් වීදියට ගොඩවැදිය හැකියි. අතීතයේ දී නම් මංගල උත්සවයකට ආරාධනා කිරීම පැවරී තිබුෙණ් බුලත් හුරුල්ලකටයි. කල්යාමත් සමඟම එය වෙනස් වෙමින් වර්තමානය වන විට එම කර්තව්‍යය ආරාධනා පත්රයකට පැවරී තිබේ. එබැවින් මංගල උත්සවයට මාසයකට දෙකකට ප්‍රථම මෙම මංගල ආරාධනා පත්‍ර සකස් කරගත යුතු වේ. එය එසේ නොවුවහොත් එය අාරාධිතයන් වෙත පිරිනැමීමට කල් වේලාව නොමැති වේවි.
සාමාන්‍යයෙන් මංගල ආරාධනා පත්‍රයක් සකසා ගන්නේ මනාලිය සහ මනාලයාගේ රුචිකත්වය සහ අදහස් මතයි. මෙය ඇතැම් විට ඔබේ දෑතින් නිර්මාණය කරගන්නට ආසාවක් දක්වනවා ඇති. එවැනි අවස්ථාවකදී අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදීගෙන ඔබේ කැමැත්ත පරිදි එය සකසා ගත හැකි අතර අවශ්‍ය විස්තර පමණක් මුද්‍රණය කිරීමට භාරදිය හැකියි. ඒ සඳහා කාල වේලාව අවම බොහෝ දෙනකුගේ තෝරාගැනීම වන්නේ තමන්ගේ අදහසට කැමැති ආරාධනා පත්‍රයක් සකස් කරවා ගැනීම හෝ වෙළෙඳපොළේ ඇති ආරාධනා පත්‍ර අතරින් රුචිකත්වය මත එකක් තෝරා ගැනීමයි.
පිටකොටුවේ මැලිබන් වීදිය වෙන් වී අැත්තේ මේ කටයුත්ත සඳහාමයි. එක පෙළට ලොකු කුඩා කඩ සාප්පු 40ක් - 50ක් දැකිය හැකියි. ඉතින් මේ මැලිබන් වීදිය කියන්නේ නැකැත් උදාවන් මාසයන්ට ප්‍රථම විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් වැඩියෙන්ම ගැවසෙන ස්ථානයකි. විශේෂයෙන්ම ජනවාරි, මාර්තු, අප්‍රේල් සිට ජූලි මාස දක්වාත් නැවතත් දෙසැම්බර් මාසය ළංවත්ම මංගල ආරාධනා පත්‍ර තෝරන්න මෙහි පැමිණෙන පිරිස බොහොමයි.
මංගල දිනයට මෙන්ම දෙවැනි ගමනට අවශ්‍ය ආරාධනා පත්‍රය ද එකම මෝස්තරයෙන් තෝරා ගැනීමක් ද අද විලාසිතාවකි. මෙහිදී මංගල දිනයට අවශ්‍ය ආරාධනා පත්‍රය මනාලියන්ගේ ඇඳුමේ වර්ණයෙන් එනම් සුදු පැහැය, රන්වන් පැහැය, ඇත් දළ පැහැය ආදියෙන් තෝරා ගැනෙන අතර ඊට දෙවැනි මනාලියන්ගේ හෝ මල් කුමරියන්ගේ ඇඳුම්වල වර්ණය සහිත විසිතුරු පබළු, ගල්, රිබන් ආදිය එකතු කිරීමත් විලාසිතාවකි. අනතුරුව එම මෝස්තරයට රතු පැහැය එකතු කරමින් දෙවැනි දිනයට අවශ්‍ය ආරාධනා පත්‍රය සකසා ගැනේ.
මංගල අාරාධනා පත් තේරීම යනු එක දිනයකින් අවසන් කළ හැකි ලෙහෙසි පහසු කටයුත්තක් යැයි ඔබට සිතෙන්නට පුළුවනි. නමුත් එහි වැඩ කටයුතු අවසන් කිරීමට නම් ඔබට දෙවතාවක්වත් එම වෙළෙඳසලට ගොඩවීමට සිදුවනවා. එනම් පළමුවෙන්ම විවාහ අපේක්ෂිත යුවළ තම සිතැඟි පරිදි ආරාධනා පත්‍රයක් තෝරා ගැනීම කළ යුතුය. එහිදී ඔබ වෙළෙඳපොළේ දැනට තිබෙන මෝස්තරයක් තෝරාගන්නේ නම් අනතුරුව කළ යුත්තේ එහි මුද්‍රණය කිරීමට අවශ්‍ය තොරතුරු ඔවුන් වෙත ලබාදීමයි.
මෙහිදී තමන් කැමැති භාෂාවක් තෝරාගත යුතුයි. නිවැරැදි අක්ෂර සහිත එකිනෙකට ගැළපෙන ආකාරයට එය ලිවීමත් වැදගත්. මෙලෙස ඔබ විසින් තෝරාගත් කාඩ්පතට ඔබ ලියූ තොරතුරු මුද්‍රණය කිරීමට භාර දී නැවතත් දින 3 -4ක් ඇතුළත එහි හරි වැරැදි සැකසීමට පැමිණීම අත්‍යවශ්‍ය කාර්යයකි. මන්ද එහි කුමක් හෝ වැරැද්දක් තිබුණ හොත් කාඩ්පත් සියල්ලම ඉවත් කිරීමට සිදුවන බැවින් එක් කාඩ් පතක් මුද්‍රණය කර ඔබට කියවීමට ලබාදෙනු අැත. එවිට ඔවුන් ඔබ කියවූ බවට අත්සනක් ද ලබාගනු ඇත. මේ ආකාරයට කාඩ් පතේ හරි වැරදි ලකුණුකර සතියක් ඇතුළත මුද්‍රණය කළ ඇරැයුම්පත ඔබ අතට හිමි වේ.
මැලිබන් වීදියේ කඩ සාප්පුවලට ගොඩවදින ඔබට රුපියල් 8 සිට රුපියල් 250ක් දක්වා මිල ගණන් යටතේ මේ ඇරැයුම් පත් අලෙවි වේ. ඔබට මෙය ස්වයං රැකියාවක් ලෙසින් ද සිදුකිරීමට හැකියි. ඒ සඳහා වෙළෙඳසල් හිමියන්ගේ සහාය ලබාගන්න පුළුවන්.
කලර් බෝඩ්, ෂයින් බෝ්ඩ්, පැඩඩ් බෝඩ් ආදී වශයෙන් විවිධාකාරයේ මනරම් ඇරැයුම් පත් මෙහිදී දැකිය හැකියි. ඔබේ අතේ ඇති මුදලට, හිතේ රැඳි ඇරැයුම් පත මෙලෙසින් නිර්මාණය කර ගත හැකියි.
මේ හා සමගාමීව මංගල කේක් ඇසුරුම් ද නිර්මාණය කර ගත හැකියි. මේ සියල්ල සඳහා මැලිබන් වීදියේ සාප්පු සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා විවෘතව පවතී. නමුත් ඉරිදා, පොහෝ දින සහ විශේෂ නිවාඩු දිනයන් හිදී මෙම අලෙවිසල් වසා තබන බවත් මතක තබා ගන්න.