ආහාර පිසින්නට පෙර අහිතකර තෙල් ගැන දැනුවත් වන්න

ජනවාරි 16, 2019

කාගේත් කැමැත්ත සිරුරට ගුණ දෙන ආහාරයක් වුණත් කටට රසට කන්නයි. බත් පතක් වගේම කෙටි කෑමක් සකසන සූපවේදයේදී තෙල් ළංකර ගත්තෝතින් එහි රස වැඩිවන බව රහසක් නොවෙයි. ඒත් හිතේ හැටියට තෙල් කෑ අයට කොලෙස්ටරෝල් වැඩිවීමේ අවදානම අනිවාර්යය වනවා.

අහිතකර තෙල් කෑමෙන් මිදී කෑම උයන ක්‍රමය අනුව නිවැරැදිව තෙල් වර්ගය තෝරාගත්තෝතින් ඔබේ සුව දිවිය සුරැකේවි.

තෙල් ආහාර ගැන මේ දැනුවත්කිරීම ඔබට මඟ කියන්නේ ඒ සඳහායි.

"තෙල් සහිත ආහාර කෑවෝතින් කොලෙස්ටරෝල් වැඩිවෙනවා." අපේ ඇත්තන් කාටත් කාලයේ තාලය නිසාම මේ සාමාන්‍ය දැනීම තියනවා.

ඉන් එහාටත් කොලෙස්ටරෝල් ගැන දැනුවත් වනවා නම්...

කොලෙස්ටරෝල් කියන්නේ අපේ සිරුරේ සෛලවලට අත්‍යාවශ්‍ය සංඝටකයක්. අපේ සිරුර තුළ අවශ්‍ය පරිදි කොලෙස්ටරෝල් නිපදවීම ස්වාභාවිකව සිදුවනවා. මෙය අප ආහාරයට ගන්නා මස්, සොසේජස්, බේකන්, බිත්තර, සම්පූර්ණ යොදය සහිත කිරි, බටර්, චීස් සහ සත්ත්ව අක්මාවල දක්නට ලබෙන මේද සංඝටකයක් ද වනවා.

මෙලෙස ආහාර මඟින් අප සිරුරට කොලෙස්ටරෝල් ලබා දෙන විට සිරුරේ ස්වාභාවිකව නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වනවා.

මෙහිදී සිදුවන අයහපත් ප්‍රතිවිපාකය වන්නේ ආහාර මඟින් සිරුරට වැඩිපුර එකතුවන කොලෙස්ටරෝල් ප්‍රමාණය රුධිරවාහිනීවල තැන්පත්වීමයි. ඉන් හෘදයාබාධ, අංශභාග වැනි රෝග වැළඳීමේ අවධානම වැඩිකරනවා.

අප ආහාරයට ගන්නා තෙල් සහිත ආහාරවල ප්‍රධාන මේද අම්ල තුන්වර්ගයක් අඩංගුවනවා. ඒ සංතෘප්ත මේද අම්ල, ඒක අසංතෘප්ත මේද අම්ල, බහු අසංතෘප්ත මේද අම්ල ලෙසයි.

 

2019/01/16 තරුණි බලන්න