මුඛයේ දී උෂ්ණත්වමානය බිඳුණහොත්...

ඔක්තෝබර් 23, 2019

අනුෂ්කාගේ පුංචි පුතුට වයස අවුරුදු දෙකයි. හුරතලයයි, දඟකාරකමයි එකට කැටිවුණු මේ පුංචි පැටියා දවස පුරාම දුව පැන නටනවා. අදත් ඒ විදිහට දුව පැන නටපු පුංචි පුතා හදිසියේම නිදාගෙන ඉන්න විදිහ දැකපු ඇයට පුදුමත් හිතුණා.

ඇඟට අත තියලා බැලූවිට තද උණුසුමක් දැනුණු නිසාම අනුෂ්කා ඉක්මනින් උණකටුව අරන් මුඛයෙන් තිබ්බා. ගතවුණේ මොහොතයි...

පුංචි පැටියාගේ දත්වලට හසුවුණු උණකටුව කැබලිවලට කැඩුණා විතරක් නෙමෙයි කොටසක් ගිලිලා. අන්තිමට අනුෂ්කා දරුවාත් අරගෙන රෝහලට දිව්වේ උණට බෙහෙත් ගන්න නොව උණකටුවේ ගිලුණු වීදුරු කොටස් ඉවතට ගන්නයි.

ඇත්තටම පුංචි දරු පැටවුන් ඉන්න අම්මලා බොහොමයක් මෙවැනි සිදුවීම්වලට මුහුණ දී ඇති.

ඒ නිසා උණකටුවක් මුඛයේ දී බිඳීගියහොත් කළයුත්තේ කුමක්දැයි දැන සිටීම වාගේම නිවැරැදිව උණකටුවක් භාවිත කරන අන්දමත් දැනසිටිය යුතුමයි.

සාමාන්‍යයෙන් උෂ්ණත්වමානයක් එහෙමත් නැතිනම් උණකටුවක් මුඛයේ දී බිඳී රසදිය කුඩා ප්‍රමාණයක් ගිලීම එතරම් හානිකර තත්ත්වයක් ඇති නොකරයි. නමුත් රසදිය සමේ ස්පර්ශවීම හරහා යම් දැවිල්ලක් වැනි සංවේදනාවක් ඇතිවිය හැකියි. ඊට අමතරව වීදුරු කටු ගිලීම හරහා යම් අපහසුතා ඇතිවිය හැකි නිසා ඊට ප්‍රතිකාර ලබාදිය යුතු වේ.

ඔබට වීදුරු උෂ්ණත්වමානයක් තිබේ නම්, එහි පළමුව රසදිය අඩංගුදැයි බැලීමට සරල පියවර කිහිපයක් වේ.

 

2019/10/23 තරුණි බලන්න............

 

 

උපදෙස් - කොළඹ ජාතික රෝහලේ

ජාතික පුහුණු කිරීමේ

හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යානි සොයිසා