දුරස්ථ භාවයක් නැතිව මුහුණු ආවරණ ගලවන්න එපා!!!

මැයි 30, 2022

 

 

දුෂ්කර කාලයක ලෙඩ දුක් අමතක වීම ස්වාභාවිකයි. ඒත් කුමන හේතුවකටවත් අවුරුදු දෙකක් ජීවිත බිලියන ගණනක් පීඩාවට පත්කළ කෝවිඩ් නම් අමතක නො කළ යුතුයි.

 

කෝවිඩ් කියන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව සෑදීමට මුල්වන කොරෝනා වෛරස් ප්‍රභේදයක්මයි. සෙම්ප්‍රතිෂ්‍යාව ලෝකයෙන් තුරන් කළ නො හැකි සේ නව කොරෝනා වෛරසය ද අපෙන් දුරස් වන්නේ නැහැ. ඊට හොඳම උදාහරණය කෝවිඩ් -19 වසංගතයේ මහගෙදරවූ චීනයේ ම සුවිසල් ෂැංහයි නගරයේ මේ වන විට සංචරණ සීමා පනවා තිබීමයි. ඔමික්‍රෝන් වයිරසය සීග්‍රයෙන් ෂැංහයි, තායිපෙයි නගරවල පැතිරෙන අතර ඔස්ට්‍රේලියාවේ ද ඩෙල්ටා, ඔමික්‍රෝන්, ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේදය රජ කිරීමට පටන් අරන්. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවලට පවා තවමත් නව කොරෝනා ‍වයිරසය ගැටලුවක්.

එහෙත් මේ වන විට අපේ වැඩි දෙනකු ගේ මුහුණු ආවරණ ගැලවිලා ගිහින්. දුරස්ථ භාවයක් පවත්වා ගන්නේ ම නැහැ. එහෙත් ප්‍රබල ලෙස ‍නව කොරෝනා වයිරස මතුවූවන් දස දෙනකුට ආසන්න ගණනක් දිනපතා රෝහල්ගත වෙනවා. සමහරුන් ට රෝග ලකුණු මතු වන්නේ නැහැ. තවත් අයට රෝග ලකුණු මතු වුණත් ඒ සුළු වශයෙන්. ඒ නිසා තමන්ට රෝග ලකුණු තිබ්බත් රෝගය ඇති බව වැඩි දෙනකු දන්නේ නැහැ. මේ අවදානමත් රැගෙන අප සියලු සුව නීති උල්ලංඝනය කරමින් හැසිරුණොත් ලංකාවත් ෂැංහයි පුරවරයක් වීමට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය බවට පත් වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් ඇති ඔස්ට්‍රේලියාවේ වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් මේ වන විට කෙතරම් පිරී ඉතිරී ඇත්දැයි කිවහොත් රෝගීන් හරවා යැවීමට පෙලඹිලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පවසන අන්දමට වයිරසය වගේ ම වයිරසයේ හැසිරීමත් වෙනස් වෙමින් තියෙන්නේ රෝගය වඩාත් දරුණු ලෙසින් පැතිරෙන ආකාරයටයි.

ඖෂධ හිඟයක් පවතින මේ කාලයේ කිසිදු රෝගයකට ගොදුරු නො වී සිටීම ඉතා වැදගත්. නිහඩ මාරයෙක් වන කෝවිඩ් - 19 ඒ අතරින් සුවිශේෂීයි.