ගැබිනි මවට වැදගත්ම DHA

දෙසැම්බර් 26, 2022

 

ගැබිනි මවකට තම පෝෂණය සම්බන්ධයෙන් ඇති ගැටලු බොහෝමයි.නිදුක් නීරෝගී දරු පැටියකු මෙලොවට බිහි කිරීම ඕනෑම මවකගේ අවිහිංසක බලාපොරොත්තුවයි. මවක් පෝෂණය සම්බන්ධයෙන් උනන්දු වන්නේ මේ නිසයි.

 

ඒ සඳහා අවැසි මඟ පෙන්වන්නට තරුණී සැදී පැහැදී සිටියි. ගැබිනි මවගේ පෝෂණය පිළිබඳව අප පසුගිය සතියේ කතා කළා. ඇයව පෝෂණය කරන සමබල ආහාර වේල පිළිබඳව තවත් තොරතුරු අපි අද කතා අද කතා කරමු. සංතෘප්ත මේද අම්ල

හිතකර මේද අම්ල ඇති එළවළු පලතුරු ආහාරයට ගැනීම ගැබිනි කාලයේදී බෙහෙවින්ම වැදගත් වේ. අපි හිතමු අලිගැටපේර පිළිබඳව. මෙහි සංතෘප්ත මේද අම්ල බහුලව අඩංගු වේ. කුසේ සිටින දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට අලිගැටපේර ඉතාම වැදගත් වූවකි. විටමින් සී බහුල ආහාර ගැනීම ගර්භිණී කාලයේ දී වැදගත් වේ. වමනය යන කාලයේදී ආම්ලිකතාව වැඩියි.මේ කාලය පසු වීමෙන් අනතුරුව පැඟිරි කුලයේ පලතුරු ගැනීම යෝග්‍ය වේ.

 

විටමින් A වැඩිපුර එපා

මුල් මාස තුනේදී ගර්භිණී මවක් නොගත යුතු ආහාර යටතට විටමින් A වැඩිපුර අඩංගු ආහාර අයත් වේ. පීකුදුවල විටමින් A වැඩිපුර අඩංගු වේ. විටමින් A අඩංගු පෙති, පීකුදු මේ කාලයේ සුදුසු නොවේ. එය කලලයේ අසාමාන්‍යතා සඳහා හේතුවේ.

අයඩීන් අවශ්‍යතාව මුල් මාස කිහිපයේදී දෙගුණයක් බවට පත්වේ. එබැවින් අයඩින් වැඩිපුර අඩංගු ආහාර ගත යුතුයි. මෙය තයිරොක්සින් හෝමෝනය වර්ධනයට වැදගත් වෙයි.

කිරි වීදුරුවක්

මුල් මාස තුනේදී නිසි ලෙස පැස්ටරීකරණය නොකරන ලද කිරි සහිත ආහාර වර්ග නොගත යුතුයි.නැවුම් කිරි වීදුරුවක් දවසකට ගත හැකි නම් ඉතාම වටීවි. මෙය අනිවාර්යයෙන්ම පැස්ටරීකරණය වූ එකක් විය යුතුයි.

යකඩ අවශ්‍යතාව

පළමු සති 12 ක් ඇවෑමෙන් පසු යකඩ අවශ්‍යතාව දැනේ.ගර්භිණි කාලයේ යකඩ අතිශය වැදගත් දෙයකි. දරුවා ප්‍රමාණයෙන් වර්ධනයට, මවගේ රක්තහීනතාව අවම කිරීමට මෙය හේතු වේවි. ප්‍රසූතියේදී මවට රුධිරය වහනය වේ. ලංකාවේ යකඩ අඩංගු පෙත්තක් දීම ගර්භිණී මවකට සති 12 ක් අවසානයේ සිට ඇරැඹේ. යකඩ අවශෝෂණය වැඩි කිරීමට යකඩ පෙති සමඟ විටමින් සී පෙත්තක් ද ලබා දෙයි.

මේ කාලයේදී ඇතැම් විට විටමින් D අවශ්‍යතාවක් දැනේ. ලංකාව හොඳින් හිරු එළිය ඇති හිරු එළියට නිරාවරණය වන රටක් වුවත්, හිරු එළියට නිරාවරණය නොවේ නම් ආහාර වෙතින් නිසිලෙස විටමින් D නොලැබේ නම්, සිහින් සිරුරක් ඇති කෙනෙක් නම් වෙන මම විටමින් D ලබා දීමට වෛද්‍යවරු නිර්දේශ කරයි.

DHAවල වැදගත්කම

DHA සංඝටකය ගැබිනි මවට අවශ්‍ය තවත් දෙයකි. මෙය කුසෙහි ඉන්නා පුංචි පැටියාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට, බුද්ධි වර්ධනයට ඉවහල් වේ. fish oil වල මෙය මැනවින් අඩංගු වේ. ලංකාවේ නම් ජීලාවා නමැති මාළුවාගේ මාළු තෙල් හොඳින් අඩංගුයි. DHA අඩංගු fish oil පෙත්තක් ගනී නම් මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයෙන් ගත යුතුයි. විටමින් D සහ කැල්සියම් පෙත්ත ගැනීමත් සමඟින් අධිරුධිර පීඩනය යම් තරමකට අඩුවේ.

 

අමතර කැලරි

පළමු සති 12 දී මවට අමතර කැලරි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. දෙවැනි මාසිකය වෙද්දි අවශ්‍ය කැලරි ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ. කැලරි 300 - 350 ත් අතර ප්‍රමාණයක් දෛනික ආහාර වේලට එකතු විය යුතුයි. කලින් කැලරි 1700 ක් පමණ ගත්තේ දැන් කැලරි 2000 ක් පමණ අවශ්‍ය වේ. තෙවැනි ත්‍රෛමාසිකයේ දී දෛනිකව ගන්නා කැලරි ප්‍රමාණය 400 - 450 දක්වා වැඩිවේ. මෙම කැලරි ප්‍රමාණය ගැනීමට අමතරව බත් වේලක් ගත යුතු නැත. යෝගට් කෝප්පයක් ආහාරයට ගතහොත් එහි කැලරි දෙසීයක් පමණ අඩංගු වේ. පළමු මාස 3 දී ගැබිනි මවට ඇතිවන විවිධ අපහසුතා අතර බඩ වේළීමත් අයත් වේ. එය මලබද්ධය දක්වා යාවී.මේ නිසා ගැබිනි කාලය පුරාවට කෙඳි සහිත ආහාර ගැනීම අතිශයින් වැදගත් වේවි.ලංකාවේ කෙඳි සහිත එළවළු,පලතුරු ඕනෑතරම් තිබේවි.

 

අසාත්මිකතා

ගැබිනි කාලයේදී අසාත්මිකතා ඇති ආහාරපාන භාවිතයෙන් ඈත් වීම සුදුසුයි. අන්නාසි, ගස්ලබු කෑවොත් දරුගැබ ගබ්සා වේ යැයි එදා වැඩිහිටියන් කියන්නට විය.එහි යම් සත්‍යක් පවතී. අසාත්මිකතා නැති කෙනෙකුට හොඳින් ඉදුණු මේ පලතුරු ගත්තාට වරදක් නැහැ. අසාත්මිකතා නැති නැති අයට එය මේ පලතුරු ගත්තාට වරදක් නැහැ. අසාත්මිකතා ඇති අයට එය ගැබිනි කාලයේදී තව තවත් වැඩි වන්නට පුළුවනි.අසාත්මිකතා නැති අයට ඉස්සෝ, දැල්ලෝ වුවත් ගත්තාට වරදක් නැහැ. සති 12 පසුවන විට බොහෝ දෙනකුට උදෑසන අපහසුතා අවම වේ.

සති 12 දී පටන් යකඩ පෙත්ත සහ කැල්සියම් පෙත්ත පටන් ගනියි.යකඩ පෙත්ත උදේ වරුවේ ගනියි නම් කැල්සියම් පෙත්ත ගත යුත්තේ හවස් වරුවේයි.එසේ නොවුණහොත් යකඩ අවශෝෂණය අඩු වේවි.බබාගේ අස්ථි පද්ධතියේ වර්ධනයටත් මවගේ අස්ථි පද්ධතියේ සුරක්ෂිතතාව පවත්වා ගැනීමටත් ඉවහල්වේ.එසේ නොවුණහොත් පසු කලෙකදී මවට ඔස්ටියෝපොරෝසිස් තත්ත්ව ඇතිවේවි.

තෙවැනි ත්‍රෛමාසිකයේ දී දරුවාගේ වර්ධනයත් සමඟම මවගේ ආමාශය තෙරපේ. විශාල ආහාර වේල් ගතහොත් ගැස්ට්‍රයිටිස් =වලට යා හැකියි. මේ නිසා ආහාර වේල් ප්‍රමාණය වැඩි කරමින් ආහාර වේලේ අඩංගු ආහාර ප්‍රමාණය අඩු කරන්න.දිනකට ගන්නා ආහාර වේල් තුන ආහාර වේල් පහක් බවට පත්කරගන්න.

 

ප්‍රෝටීන අවශ්‍යතාව

ගැබිනි මව ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය පිළිබඳ

මෙහිදී සැලකිලිමත් විය යුතුයි. ප්‍රෝටීන් ලැබෙන කුකුළු මස්, බිත්තර, මාළු වැනි දේ දිනකට තුන් වතාවක් හෝ ලැබිය යුතුයි. බිත්තර දර්ශක ප්‍රෝටීනයක් ලෙස ලබාදිය හොඳම ප්‍රෝටීනයකි.ප්‍රෝටීන් අඩංගු ආහාර එක් වේලකට පමණක් සීමා කිරීම ප්‍රමාණවත් නොවේ.

මස් මාංස නොගන්නා කෙනකුට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ශාකමය ආහාරවල ප්‍රෝටීන් ප්‍රමාණය අත්‍යවශ්‍ය ලෙස නැත. සෝයා බෝංචි වැනි දේවලින් හැකි තරමින් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලන්නට සිදුවේ.එවැනි අයකුට ප්‍රෝටීන් අඩංගු අමතර පිටි වර්ගයකට යෑමට වෛද්‍ය නිර්දේශය ලැබේවි. නමුත් ගැබිනි කාලයේ අමතර පිටි වර්ගයක් ගැනීම අවශ්‍ය දෙයක් අවශ්‍ය නොවේ.

 

 

 උපදෙස්

කාසල් කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර