අවලස්සන පියයුරු නිසා පීඩාවෙන්

අප්‍රේල් 8, 2024

 

ප්‍රශ්නය

මා වයස 24ක තරුණියක්මි. මාගේ පියයුරු කුඩා වන අතර ඒවා එල්ලෙන අයුරක් ගනී. මේ සඳහා කුමක් හෝ ප්‍රතිකාරයක් තිබේ ද?

 

පිළිතුර

පියයුරුවල හැඩය වෙනස් වීමට හේතු ගණනාවක් බලපායි. ඇතැම්විට එය පරම්පරාවෙන් ඇතිවන ජාන හේතුවෙන් ද විය හැකි වුවත්, බොහෝවිට ඊට හේතු වන්නේ කාන්තාවන් සිදුකරන වැරැදි පුරුදුය.

දිනපතා උණුසුම් ජලය ස්නානය කිරීම සුදුසු නොවේ. සාමාන්‍යයෙන් නිතර උණු ජලය ස්නානය කිරීම තුළින් සම ඇදීමකට ලක්වේ. පියයුරුවල සම ඉතා සංවේදීය. එබැවින් සිසිල් ජලය ස්නානය කිරීම වඩාත් සුදුසු වේ. එමෙන්ම සතියකට වරක්වත් අයිස්කැට යොදාගෙන පියයුරු විනාඩි 05ක් පමණ සම්බාහනය කිරීමෙනුත් මෙම තත්ත්වය තරමක් දුරට පාලනයකර ගත හැකිය.

ඒ වගේම බොහෝ කාන්තාවන් ගෙයින් පිටට නොයන වෙලාවට බ්‍රා එකක් අඳින්න එතරම් උනන්දු වෙන්නේ නැහැ. එය පියයුරුවල හැඩය වෙනස් වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් නින්දට යන විටයි සැහැල්ලු ඇඳුමක් ඇදිය යුතු වන්නේ. ඒ වෙලාවට බ්‍රා එකක් ඇදීම අවශ්‍ය වන්නේ නැහැ. නිවෙසේදී බ්‍රා එකක් අඳින එක අනවශ්‍ය අපහසුතාවක් කියලා හිතුවොත් ඔබේ සුන්දරත්වය ඔබටත් නොදැනීම නැති වී යා හැකියි.

එමෙන්ම ඇඟට හිර ඇඳුම් භාවිතයත් මෙයට හේතුවක් විය හැකියි. විශේෂයෙන්ම පියයුරුවලට වඩාත් තද බ්‍රා ඇඳීමෙන් පියයුරු අධික තෙරපුමකට ලක් වෙනවා. එවිට රුධිර සංසරණය ක්‍රමවත්ව සිදු නොවන නිසා පියයුරු එල්ලා වැටීමකට ලක් වෙනවා.

වැරැදි ඉරියව් භාවිතයෙන් ද පියයුරු එල්ලා වැටීම සිදු විය හැකියි. ඔබ ඇවිදීමේදී සහ ඉඳගෙන කරන ඕනෑම කටයුත්තකදී කුදු වී වැඩ කරනවා නම් එය පියයුරුවලට වගේම ඔබගේ කොන්දටත් බලපානවා.

පියයුරු කුඩා වීමට ද හෝමෝන වෙනස්කම්, ජානමය හේතු මෙන්ම පෝෂණ ඌනතා ද හේතු විය හැකියි. සෝයා බෝංචි, කොළ පැහැති එළවළු, මුහුදු ආහාර සහ කිරි ආහාර ඔබේ ආහාර වේලට එක්කර ගන්න.

සෑම කාන්තාවකගේම පියයුරු එකම අයුරක් නොගනී. හෝමෝන වෙනස්කම් සහ ශරීරයේ ස්වභාවය අනුව එහි විවිධත්වයක් පවතියි. එබැවින් ඔබ මේ පිළිබඳව එතරම් සිතිය යුතු කරුණක් නොවන බව ද මතක තබා ගන්න.

උපදෙස් -

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

දයානි සිරිවර්ධන