බෝ වන/නොවන රෝග අතර තරගයක්

තරුණ ප්‍රජාව අතර සමාජ රෝග
පෙබරවාරි 10, 2025

බෝ නොවන රෝග සහ බෝ වන රෝග නිසා සමාජය පීඩාවට පත්වේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, වකුගඩු ආශ්‍රිත තත්ත්වයන්, ආදිය පිළිබඳව ඔබ හොඳින්ම දැනුවත්. ලෝක සෞඛ්‍ය සංවිධානය මානසික රෝග ද බෝ නොවන රෝග ගණයට එක් කර තිබේ.

 

වයස්ගත වීම සමඟින් බෝ නොවන රෝග වැඩි වේ. මේ නිසාම සහන සත්කාරක සේවා ද වැඩි කළ යුතු වේ. එනම්, වයස්ගත වන විට ඔවුන්ව රැක බලාගැනීමට සේවාවන් අවශ්‍ය වේ.

බෝ වන රෝග බොහොමයක් සඳහා එන්නත් නිපදවා ඇත. සියයට 90 - 95 අතර පිරිසක් එන්නත් ලබා ගෙන තිබීම බෝ වන රෝගවලින් වැළකීමට හේතුවකි. නමුත් අවාසනාවකට මෙන් යම් යම් කාණ්ඩ අතර එන්නත් ලබා නොගැනීමේ ප්‍රවණතාවක්ද තිබේ.

 

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝ වන රෝග යටතේ ඉහළින්ම තිබේ. තරුණ ප්‍රජාව අතර මේ තත්ත්වය සුලභව ඇත. අවුරුදු 15 සිට 24 දක්වා වූ කාණ්ඩය ඒ සඳහා වැඩියෙන්ම ගොදුරු වෙයි. ප්‍රජනන සෞඛ්‍යයේ අඩු දැනුම්වත්භාවය නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැඩිවනවාත් සමඟම අඩු වයසින් අනවශ්‍ය ගැබ් ගැනීම් ද ඇතිවේ.

 

සමාජ මාධ්‍ය භාවිතය මේ සඳහා ඍජු බලපෑම් එල්ල කර ඇත. මේවා ඒ ඒ අවස්ථාවලට පමණක් සීමා වන අතර, මොවුන් ලිංගිකව එක් වන්නට ද සිතයි. මේවා බොහෝ විට අනාරක්ෂිත ලිංගික හැසිරීම්ය. අඩුම තරමේ කොණ්ඩමයක් හෝ භාවිත කරන්නේ නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් යම් තරමකට හෝ වැළකී සිටිය හැකි වෙයි. නිසි වයසට ගැළපෙන ලිංගිකත්වය පිළිබඳ ඔබ දැනුම්වත් වී සිටීම අත්‍යවශ්‍ය වේ.

 

ඩේටින් ඇප් හරහා තරුණ ප්‍රජාව විවිධ සබඳතා ගොඩනඟා ගනී. ඉන් නොනැවතී මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයට ද යොමු වෙයි.

 

 

උපදෙස් :

විශේෂඥ වෛද්‍ය

වින්ද්‍යා කුමාරපේලි