චිකුන්ගු න්යා හැදුණොත් විඳවන්න වෙයි

අප්‍රේල් 21, 2025

චිකුන්ගු න්යා රෝගය මේ වන විට යළිත් හිස ඔසවා ඇති බව අවබෝධ වන්නේ චිකුන්ගු න්යා රෝගීන් රෝහල් වෙතින් වාර්තා වීමත් සමඟයි. වයිරස් රෝගයක් වන චිකුන්ගු න්යා රෝගය මෙරට තුළ යළිත් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

රෝගය බෝවන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන ආසාදිත මදුරුවන් දෂ්ට කිරීමෙනි.

දැනටමත් වයිරසය ඇති පුද්ගලයකුට දෂ්ට කළ විට එම මදුරුවා රෝග වාහකයකු බවට පත්වේ.

දින 4 සිට 7 දක්වා කාලයකින් පසුව, ආසාදිත මදුරුවා දෂ්ට කිරීම් හරහා වයිරසය වෙනත් පුද්ගලයන්ට බෝවිය හැකියි.

මෙම මදුරුවන් වැඩිපුරම ක්‍රියාකාරී වන්නේ හිමිදිරි උදෑසන සහ සවස් කාලයේදීයි. ඔවුන් බෝ වන්නේ මල් පෝච්චි, ටයර්, බාල්දි සහ කාණුවල ඇති පල්වෙන ජලයේය. මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට සෘජුවම පැතිරෙන්නේ නැත. මදුරුවන් දෂ්ට කිරීමෙන් පමණක් පැතිරීම සිදුවේ.

මෙම රෝගීන් මූලික සුවය ලැබුවත් සන්ධි වේදනාව අවම වශයෙන් මාසයකවත් කාලයක් පවතී.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ අධික උණ, දරුණු සන්ධි වේදනාව, මාංස පේශි කැක්කුම, හිසරදය, ඔක්කාරය, තෙහෙට්ටුව සහ සමේ කුෂ්ට ඇති වීම වැනිදේය. බොහෝ රෝගීන් සතියක් ඇතුළත සුවය ලබයි. ඇතැම් විට වැඩිහිටි පුද්ගලයන් අතර සන්ධි වේදනාව මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකියි.

මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම පැතිරීම පාලනය කිරීම මෙහිදී වඩාත්ම ඵලදායී ක්‍රමයයි.

උපදෙස් : කායික රෝග විශේෂඥ වෛද්‍ය

අචලා බාලසූරිය

 

[email protected]