වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
DR.DOOR

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
එච්.ඩී. විජේසිංහ
කාලයක සිට පවතින බඩ රිදීම, බඩේ දැවිල්ල
මගේ දියණියට වයස අවුරුදු 21කි. ඇයට දැන් කාලයක සිට බඩ රිදීම, බඩේ දැවිල්ල, වමනය යාමට ඒම, ආහාර ගත් විගස ගමන්ම බඩේ දැවිල්ල වැඩිවීම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේ තත්ත්වයට ප්‍රතිකාර ගත යුතු ද?
මෙය බඩේ තුවාල ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝගය විය හැකිය. බොහෝ විට කෑම වෙලාවට නොගැනීම නිසා විය හැකියි. හන්දි කැක්කුම වැනි රෝගවලට වැඩිපුර බෙහෙත් වර්ග ගැනීම නිසාත් ඇතිවිය හැකිය. එහිදී විශේෂයෙන් රෝගියාගෙ ලේ අඩුකමක් තිබේදැයි කියා බැලිය යුතුය. එමෙන්ම උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුය. මෙය අසාධ්‍ය රෝගයක් නෙවෙයි. වයස් භේදයකින් තොරව වැලඳිය හැකි රෝගී තත්ත්වයකි. නව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා ගැස්ට්‍රයිටිස්වලට. ඒ සමඟම ලේ අඩු ගතියක් තියෙනවා නම් තව හේතුවක් තිබේද කියා සොයා බැලීමට අවශ්‍යයි. මෙය මේ වයසට අසාධ්‍ය රෝගයක් නොවේ.
එහෙත් කෙටි කාලයක් මිරිස් ආශ්‍රිත කෑම අඩු කරන්න.
------------------------
අස්ථිවල වේදනාව නිසා ජීවිතය එපා වෙලා
මම අවුරුදු 45ක කාන්තාවකි. ටික කාලයක සිට අස්ථිවල වේදනාව, වෙහෙස ගතිය, කොන්ද ආශ්‍රිත වේදනාව, බරක් ඔසවා ගැනීමේදී අසීරු බව වැනි රෝග ලක්ෂණ ඇත. මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් භයානකද?
මෙයට හේතු කිහිපයක් තිබෙනවා. ඒවගේම ආතරයිටීස් වර්ග තිබෙනවා. ටුමෝටයිඩ් ආතරයිටීස්, යනුවෙන් කලාතුරකින් හැදෙන රෝග ද ඒ සමඟම හෙලිමයිල්ජියා හා ඇන්කටිඩෝසින් ඒවා වැඩි වශයෙන් සෑදෙන්නේ පිරිමි පාර්ශ්වයට මිස කාන්තාවන්ට නොවේ. සමහර අවස්ථාවන්හි දී අවුරුදු 45යි නම් ඇඟට මහන්සි ගතියක් දැනෙනවා නම් තයිරොයිඩ් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මාසික ඔසප් වීම නතර වී හෝ නතර වීමට ආසන්නයේ සිටීමත් මෙයට හේතුවකි.
කැල්සියම් ඌනතාව සහ හෝර්මෝන් අඩුකම නිසා ඇතිවන ඔස්ටියෝපොරෝයිස් රෝගය ද මෙයට හේතුවක් විය හැකිය. නමුත් බොහෝ අයට තිබෙන ඔස්ටියෝ ආතරයිටීස් රෝගය හටගන්නේ වයස අවුරුදු 45 පසුවීමෙන් ය.
පළමුව මෙය හන්දි කැක්කුමක් ද? හන්දි ඉදිමී තිබේද යන්න පරීක්ෂා කර බැලිය යුතුය. එමෙන්ම කොන්දෙ කැක්කුම නිසා ස්නායුවල බලපෑමක් තිබෙනවාද යන්නත් පරීක්ෂා කිරීම වැදගත්. මෙයට හේතුව සොයා ගැනීමට ලේ පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය වේ. ඊට අමතරව මෙයට සමාන රෝග තත්ත්වයක් වන ටුමෝටයිඩ් ආතරයිටීස් රෝගය තත්ත්වයක් වන ටුමෝටයිඩ් ආතරයිටීස් රෝගය දැයි පරීක්ෂා කිරීමට ලේ පරීක්ෂණයක් කළ යුතුය. කොන්දේ වේදනාව අධික නම් X- rax කර බැලීමට සිදු වේ. අවුරුදු 45වීම ආර්ථවහරණයට ආසන්න නිසා මේ තත්ත්වය ඇතිවීමට එය ද බලපානු ඇත.