වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
අවශ්‍ය සැමට උරන ඖෂධ
ජාත්‍යන්තර ඇදුම දිනය නිමිත්තෙනි
මැයි 12, 2025

- ලොව වෙසෙන ජනගහනයෙන් ලක්ෂයක් ගතහොත් ඉන් 3300කට ඇදුම රෝගය පවතී. එයිනුත් නව යොවුන් වියේ පසුවන දරුවන් වැඩි වශයෙන් ඇදුම රෝගයෙන් පෙළෙති. එය සියයට 11කි. කුඩා දරුවන් සියයට 9ක් හා වැඩිහිටි අය සියයට 6ක් ඇදුම රෝගයෙන් පෙළෙති.
- ලොව මරණ අතුරින් පෙණහලු ආසාදනය වූ විට සෑදෙන මරණවලින් දෙවැනි තැන ගන්නේ ඇදුම රෝගය නිසා ඇතිවන මරණයි. පළමු වන ස්ථානයේ තිබෙන්නේ නියුමෝනියාව නිසා ඇතිවන මරණයි.
- මානසික ආතතිය වැඩිවීම, පරිසර දූෂණය වැනි කාරණා ඇදුම රෝගය වැඩිවීමට හේතුවයි.
- ඇදුම යනු යහපත්ව පාලනය කළ හැකි රෝගයකි.
- වියළි කැස්ස, ඇතැම් අයට සව් ඇට මෙන් පිටවන සෙම, බෑන්ඩ් එකක් තද කළාක් මෙන් පපුවට දැනෙන තද ගතිය, මහන්සිය, හුස්ම පිට කරද්දී ඇතිවන රාං රූං ශබ්දය, හුස්ම පිට කරද්දී පුංචි කුකුළු පැටවුන් හඬ නඟනවා මෙන් ඇතිවන ශබ්දය බොහෝ අයගෙන් දක්නට ලැබේ. ඇදුම රෝග ලක්ෂණ වැඩිපුරම පෙන්වන්නේ රාත්‍රී කාලයේදීය.
- ඇදුම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සෑදේ. අසාත්මික තත්ත්ව ඇති අයට අසාත්මික ඇදුම ඇතිවීමට ප්‍රවණතාවක් පවතී. මෙය පළමු කාණ්ඩයයි. දෙවන කාණ්ඩය නම් අසාත්මික නොවන ඇදුම ඇති අයයි. මේ දෙවර්ගයේම අවසාන ප්‍රතිඵලය එකම වුවද ආරම්භයේ වෙනසක් පවතී.
- අසාත්මික ඇදුම ඇති අයට දූවිලි අංශු එනම් තිර රෙදි, ඇඳ ඇතිරිලිවල මයිටාවෙක් සිටියි. එම සතාගේ ඇඟේ... ඇතිවන ප්‍රෝටීන, ප්‍රතිදේහ ලෙස ක්‍රියාකර අපේ සිරුරට සංවේදීතාවන් ඇති කරයි. මකුළුවාගේ සෙම ශ්‍රාව වල ඇති ප්‍රෝටීන, එනම් මකුළුදැල්, පූසන්ගේ සහ බල්ලන්ගේ ලෝමවල මෙන්ම උන්ගේ ඛේටය ඇතැමුන්ට අසාත්මික වෙයි.
- ඇදුම හැදෙන ඇතැමුන් සමහර කෑම කෙරෙහි දක්වන්නේ බියකි. මේ නිසාම ඇතැම් දරුවන් මන්ද පෝෂණ තත්ත්වයට පවා පත්ව තිබේ. කිරි, අයිස් ක්‍රීම් ඔවුන්ට තහනම් වෙයි.
- ඇදුම තත්ත්වය පාලනය වන ඖෂධ නිසි ලෙස ලබාගතහොත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැකියි. මේ නිසා කෑමට ප්‍රියතාවක් දක්වන ආහාර නොගෙන සිටීමට අවශ්‍ය නැත. නිසි ලෙස ඖෂධ නොගෙන ඇදුම තත්ත්වය පාලනය නොකළ අයට ආහාරවලින්ද බලපෑම් එල්ල විය හැකියි.
--------------------
- අසාත්මික නොවන ඇදුම රෝගී තත්ත්වයේදී ජානමය තත්ත්වය මෙන්ම මානසික ආතතියද ඇදුම සඳහා බලපෑ හැකියි.
- මාසික ඔසප් වීමේදී කාන්තාවන්ට ඇදුම රෝගී තත්ත්වය වැඩිවීමට පුළුවනි.
- ඍතු භේදය අනුව සීත කාලවලදී අසාත්මික නොවන ඇදුම රෝගී තත්ත්වය වැඩිවීමට පුළුවනි.
- ඇදුම රෝගියකුට අසාත්මික ඇදුම රෝගී තත්ත්වය මෙන්ම අසාත්මක නොවන ඇදුම රෝගී තත්ත්වය ද ඇතිවීමට පුළුවනි.
- ආශ්වාසය සක්‍රිය වුවද ප්‍රශ්වාසය අක්‍රිය එනම් තරමක් අපහසු එකක් විය හැකියි.
- ඇදුම රෝගය නිසා බොහෝ අය විඳවන්නේ නොදැනුම්වත්කම නිසයි. මේ නිසා ජීවිතය ආපස්සට යා යුතු නැත. ඇදුම යනු රෝගයක් නොව අසාත්මිකතාවකි. එය පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.
මීට වසර කිහිපයකට පෙර ඇදුම රෝගය සඳහා තිබුණේ බොන පෙති පමණි. මේ නිසා රෝගීන්ට ස්ටීරොයිඩ් වර්ගයේ පෙති හය හත බොන්නට සිදුවිය. ඇදුම නිසා නොව, ඒ සඳහා ගන්නා ඖෂධවල අතුරු ආබාධ නිසා දියවැඩියාව, ඔස්ටියෝපොරෝසීස් රෝග සෑදුණු අය ද සිටිති. - එම යුගය අවසන් කොට දැන් ඇදුම රෝගය සඳහා ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමය තිබේ. රෝගයේ නිසි තත්ත්වය අවබෝධ කරගෙන රෝගයත් සමඟ ඉදිරියට යෑමයි කළ යුතු වන්නේ.
- මීට වසර ගණනාවකට පෙර ස්ටීරොයිඩ් වර්ගයේ පෙති දිනකට හය හතක් පමණ ඇදුම රෝගීන්ට ලබාදේ. එක පෙත්තක් මිලිග්‍රෑම් පහකින් පමණ යුතුවේ. එහෙත් ඉන්හේලර් ප්‍රතිකාරයක එක් මාත්‍රාවක ඇත්තේ මයික්රෝග්රෑම් 100ක් 200ක් වැනි ප්රමාණයකි. එය සිය ගුණයකටත් වඩා අඩු ප්රමාණයකි.
- ඉන්හේලර් ප්‍රතිකාරයේ අතුරු ආබාධ ඉතාම අවම වේ. ඇතැම් විට අතුරු ආබාධ නැතිම තරම්ය.
බොහෝ අය හිතන්නේ ඉන්හේලර් ප්‍රතිකාරය ගතහොත් එය නැවැත්විය නොහැකි බවයි. මේ නිසා පළමුව ඖෂධ වර්ග ලබා දී පසුවට ඉන්හේලර් ප්‍රතිකාරය ලබාගන්නට යෝජනා කරයි. මෙය අනිසි තත්ත්වයකි. ඇදුම රෝගය හොඳින් පාලනය කළහොත් නීරෝගි ජීවිතයක් ගත කරන්නට හැකි රෝගයකි. පාලනය නොවුණහොත් එය මාරාන්තික විය හැකියි.
උපදෙස්:
ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ආශා සමරනායක,
ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සමන්මලී දල්පදාතු