වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
වැඩිකල් ජීවත් වෙන්න පොල් වතුර බොන්න

ඉස්සර අපේ අම්මලා පොල් ගෙඩියක් බිඳිනකොට ඒ පොල් වතුර ටික අහකට විසි නොකර පොල් බෑයෙම තියලා දරුවන්ට බොන්න දුන්නා. පොල් වතුර මේ තරම් ගුණයි කියලා අපේ අම්මලා සමහරවිට දැනගෙන ඉන්න නැතිව ඇති. රස බීමක් නිසා දරුවට බොන්න දෙන්න ඇති.
නමුත් අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ස්වාභාවික ශක්තිජනක පානය වන්නේ ද මේ පිරිසුදු පොල් වතුරයි. ගෙදර බිඳින පොල් ගෙඩියේ වතුර ටික නිරපරාදේ ඉවත දමන අපි ෆාමසියට ගිහින් ඇඟපත පණ නැතිකමට ජීවනී පැකට් එකක් හෝ විටමින් පෙති ටිකක් ඉල්ලගෙන බොන්න පුරුදු වෙලා ඉන්නවා.
පොල් වතුරවල කොතරම් ශක්තියක් තිබෙනවාද කියලා දන්නවා නම් ඔබ කවදාවත් පොල් වතුර විසිකරන්නේ නැහැ. වත්මන් ලෝකයේ සිටින දක්ෂතම මලල ක්‍රීඩකයින්, පැසිපන්දු ක්‍රීඩකයින්, ටෙනිස් ක්‍රීඩකයින් තහනම් උත්තේජකයක් ගන්නවට වඩා ආසාවෙන් පොල් වතුර බොනවා. මේ රහස පසුගිය කාලයේ අමෙරිකාව පුරා ප්‍රචලිත වුණේ ජනප්‍රිය විම්බල්ඩන් ටෙනිස් (Wimbledon Tennis) ක්‍රීඩක ජෝන් ස්නර් (John isner) ගේ කතාවක් නිසා. ඔහු පැවසුවේ ලෝකයේ හොඳම ක්‍රීඩා පානය (sport drink) පොල් වතුර බවයි. පොල් වතුර පානය කිරීමෙන් ක්‍රීඩා කිරීමේදී ඇතිවන අධික වියළීම, විජලනය, දැඩි මහන්සිය, පිපාසය, තෙහෙට්ටුව තත්ත්පර ගණනකින් නැති වී යන බව ඔහු පැවසුවා.
දිනපතා ඉතා කුඩා පොල් වතුර වීදුරුවක් (60ml) බීමට ඔබත් හුරුවන්න. පොල් වතුර වුණත් ඕෙනවට වඩා බොන්න යන්න එපා. එවිට වෙනත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්. පොල් වතුරවල ඇති ශක්තිජනක බව ඉතා ඉක්මනින් ලේවලට එකතු වෙනවා. අධික මුත්‍රා දැවිල්ල, මූත්‍රා ටික ටික යෑම, මූත්‍රා නොයෑම වැනි මූත්‍රා මාර්ගයේ ඇතිවන අසනීප බොහෝමයක් මේ පුංචි පොල් වතුර වීදුරුවෙන් නැති වී යනවා.
දහවල් කාලයේදී පොල් වතුර කුඩා
වීදුරුවක් බීමෙන් රුධිර පීඩනය පාලනය කරගත හැකියි. එසේම වෙනත් රසායනික පානයන්ට හුරු වී ඒවායින් මිදෙන්නට බැරිව සිටිනවා නම් හොඳම දේ පොල් වතුර ටිකක් බීමයි. දෛනික පොල් වතුර ටික පිරිසුදු බෝතලයකට දමාගෙන ශීතකරණයේ තබන්න. පිපාසය ඇතිවන හැම අවස්ථාවකම ඉන් උගුරක් බොන්න.
රසායනිකව හදන පැණි බීමවලට අධික ගෑස් ප්‍රමාණයක්, අධික සීනි ප්‍රමාණයක් සහ අධික ලුණු ප්‍රමාණයක් එකතුකරනවා. මේ පානයන් ඉතා ඉක්මනින් රුධිරයට එකතු වී ඔබව රුධිර පීඩන රෝගියෙක්, ගැස්ට්‍රයිටිස් රෝගියෙක් හෝ දියවැඩියා රෝගියෙක් බවට පත්කරනවා. නමුත් කුඩා පොල් වතුර වීදුරුවකින් මේ කිසිවක් වන්නේ නැහැ.
අතීතයේ යුද සෙබළුන් රණ භූමියේ දී තුවාල ලබා අධික ලෙස රුධිරය වහනය වී ගිලන් වූ අවස්ථාවන්වලදී ඔවුන්ට ලේ වෙනුවට ලබා දී ඇත්තේ පොල් වතුරයි. පොල් වතුරවල ව්‍යූහ සැකැස්මත්, රුධිර ප්ලාස්මාවේ ව්‍යූහ සැකැස්මත් සෑදී ඇති ආකාරය බොහෝ සෙයින් එක සමාන නිසා පොල් වතුර මඟින් හොඳ රුධිර සැපයුමක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
රාත්‍රී කාලයේදී අධික ලෙස මත්පැන් ගැනීම නිසා ඇතිවන අධික හිසරදය, ඔක්කාරය සහ කෙඩෙත්තුව උදෑසන හිස්බඩ පොල් වතුර වීදුරුවක් පානය කිරීමෙන් අවම කරගත හැකියි.
පොල් වතුරවල ගුණ
. කැලරි ඉතාම අඩුයි.
. ස්වාභාවික මේදය අඩංගුයි.
. කොලෙස්ටරෝල්වලින් තොරයි.
. කෙසෙල්ගෙඩිවලට වඩා පොටෑසියම් වැඩියි.
. වකුගඩු ගල් දියකරයි.
. ලුණු සංයුතිය අඩුයි.
. රුධිර පීඩනය අවම කරයි.
. ගැස්ට්‍රයිටිස් සුව කරයි.
. ශරීරයට ශක්තිය දෙයි.
. අධික උණ නිසා ඇතිවන විජලනය මඟහරවයි.
. පිපාසය දුරු කරයි.
. වෙහෙස නැති කරයි.
. ලිංගික ශක්තිය වැඩි කරයි.
. සම පැහැපත් කරයි.