වර්ෂ 2024 ක්වූ May 13 වැනිදා Monday
කහකඩ මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය
කහකඩ ග්‍රෑම් 250
බැදගත් මිරිස් කුඩු ස්වල්පයක්
බැදගත් සූදුරු කුඩු ස්වල්පයක්
බැදගත් කොත්තමල්ලි
කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
බැද කුඩුකරගත් උළුහාල්
තේ හැඳි 1/2 ක්
කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
රම්පේ, කරපිංචා
ලුණු
මිටිකිරි අඬු කෝප්ප 1/2 ක්
දියකිරි අඬු කෝප්ප 1 ක්
සාදන ක්‍රමය
කහකඩ කැබලි කපා සෝදා මැටි ඇතිළියකට දමන්න.
මිටි කිරි හා බැදගත් උළුහාල් කුඩු හැර අනෙකුත් පහේ සියල්ලම දමා දිය කිරෙන් ඒදා ළිප තබන්න.
කහකඩ තැම්බුණු විට මිටි කිරි දමා උතුරවා ගෙන උළුහාල් කුඩු උඩින් ඉසගන්න.