වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
මල් මෙන් හැඩැති හතු මසමු

සුන්දර පෙනුමක් ගෙනදෙන මල් මෙන්ම ලස්සන හතුවල හැඩ බලන්න. ස්වාභාවික පෙනුම ගෙනදෙන මේ හතු මල් කිහිපය නිර්මාණය කර ගන්නා ආකාරය අපි බලමු.
මෙහිදී හතු කිහිපයක්, වියැළී වැටුණු කොළ හා ගෙඩි කිහිපයක් නිර්මාණය කර ගෙන ඇත. ඒවා වෙන් වෙන්ව මසා ගන්නා ආකාරය දැන් ඉගෙන ගනිමු.
හතු මසාගන්නා ආකාරය
අංක 1 රූපයෙන් දක්වා ඇත්තේ හතු සඳහා දළ රූප සටහනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
තද රතු පැහැයට හුරු තැඹිලි හෝ රෝස පැහැ කැරැලි නූල්
ළා තැඹිලි හෝ ළා රෝස පැහැති කැරැලි නූල්
ළා කහ පැහැති කැරැලි නූල්
සිහින් සුදු පැහැති බේබි වූල්
ගේජ් 20/22 කම්බි
කළු පැහැති හා ළා පැහැති ලිනන් රෙදි
රාමුව
කතුර
අවශ්‍ය අනෙකුත් දේවල්
මසාගන්නා අකාරය
මෙම හතු මසා ඇත්තේ කළු පැහැති රෙද්දක වුවද ඒ සඳහා ඔබට සුදු හෝ ළා පාහැති රෙදි ද තෝරාගත හැකියි. මුලින්ම ඒ අකුරුවලින් දළ සටහනේ දක්වා ඇති කොටස් සියල්ල ළා පැහැති වෙනත් රෙද්දක ඇඳ ගන්න. ඒවාට කම්බි තබා කවුච් කරගන්න.
දැන් කැරැලි නූල් එක් වර්ණයකට, වරකට පොටවල් දෙක බැගින් ගෙන දිග කොට මැස්මෙන් පුරවා ගන්න. වර්ණ එකිනෙක ගැළපෙන අයුරින් මසා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. මසා අවසන් වූ කොටස් ප්‍රවේශමෙන් කපා ගෙන ළා පැහැති නූලෙන් ඉතා කුඩාවට බොත්තම් කාස මැස්මෙන් වටේට මසා ගන්න.
උපදෙස් ප්‍රවීණ උපදේශිකා පූර්ණා කුලරත්න