දුම්වැටියට මත් වතුරට කෝවිඩ් එන්නතේ බලය නැති වෙනවා කියන්නේ ඇත්තක් ද?

පෙබරවාරි 24, 2021

 

එන්නත ගත් පසුවත් මාස හයක්වත් දුම් ඉරීමෙන් මත් වතුර පානයෙන් දුරු විය යුතුයි

 

කෝවිඩ් - 19ට එරෙහි එන්නත කොයි කාගේත් වසරේ බලාපොරොත්තුව වුණා. දැන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා. අපේ පුංචි රටේදීත් ඔක්ස්ෆර්ඩ්/AstraZeneca එන්නත ලබා ගැනීමට අවස්ථාව කාට කාටත් උදාවේගෙනයි එන්නෙ.

ඒත් බොහෝ ලෙඩ රෝගවලට ඔසු වගේම ඇවතුම් පැවතුම් ද වැදගත්. ඔක්ස්ෆර්ඩ් එන්නතටත් එය පොදුයි. මත් වතුර, දුම් වැටි නැති ලෙඩ ඇති කරන බව නො දන්නා කෙනෙක් නැති නමුත් අඩුවක් නැතිව මේවාට ඇබ්බැහිවූවන් ඕනෑතරම්. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ ආශ්‍රිතයන් ද ඉන් බැට කනවා. මතට දුමට ඇබ්බැහිවූවන්ට ඔක්ස්ෆර්ඩ්/AstraZeneca එන්නතින් නිසි ප්‍රතිඵල ලබා ගන්න බැහැ. එපමණක් නොව ආශ්‍රිතයන්ගේ ප්‍රතිශක්තිය ද දුබල කරනවා. ඒ නිසා මේ අය එන්නත ලබා ගත්තාට රෝගය වැලඳීමේ අවදානම අඩු වන්නේ නැහැ. ඔවුන් පහසුවෙන්ම රෝගී වෙන්න පුළුවන්. අඩු වශයෙන් එන්නත ලබා ගැනීමට මාස 3 - 6 ක කාලයක සිටවත් මත් වතුරෙන්, දුම් වැටියෙන් ඈත් වී සිටිය යුතුයි. එන්නත ගත් පසුවත් මාස හයක්වත් දුම් පානයෙන් මත් වතුර පානයෙන් දුරු විය යුතුයි. ඒසේ නො ක ළෛාත් එන්නත ලබා ගැනීමෙන් කිසිම වැඩක් වන්නේ නැහැ.

මේ නරක පුරුදු දෙකම සිරුරේ ප්‍රදාහයන් ඇති කරනවා. කෝවිඩ් - 19 වැලඳීමට තිබෙන ඉඩ ද මත් වතුර හා දුම් වැටි වැඩි කරන බව මීට කලින් වෛද්‍යවරුන් පෙන්වා දී තිබුණා. ඉන්ෆ්ලුවෙන්සා වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බොහොමයකට දුම් වැටිය, මත් වතුර බලපාන බව රහසක් නො වෙයි. මත් වතුරෙන් අක්මාවේ මේද තැන්පත් වන අතර අක්මා ක්‍රියාකාරිත්වයත් අක්‍රමවත් කරනවා. එය කෝවිඩ් - 19ට ඉතා අහිතකර ලෙසින් බලපානවා.

අපේ රෙට් කාන්තා ජනහනයෙන් 1/5 ක් අක්‍රීය දුම් පානයට ගොදුරු වෙනවා. දරුවන් ද විශාල වශයෙන් අක්‍රීය දුම්පානයට ලක් වෙනවා. කෝවිඩ් - 19ට පමණක් නොවෙයි නියුමෝනියාව පවා අක්‍රීය දුම් පානයට ගොදුරු වන දරුවන්ට වැඩි බව වෛද්‍ය පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.

දුම් වැටියේ විස වැඩිපුරම අහිතකරව බලපාන්නේ අපේ ස්වසන පද්ධතියට. කෝවිඩ් - 19 ත් වඩාත්ම බලපාන්නේත් ස්වසන පද්ධතියටයි.

අමෙරිකාවේ දිනකට අක්‍රීය දුම්පානයෙන් සිය දෙනකු මිය යනවා.

අපේ ර ටේත් විශාල පිරිසක් නිහඬවම අනුන්ගේ නරක පුරුද්දක් නිසා රෝගී වෙනවා. මිය යනවා. කිසිම වෙනසක් නැහැ. අක්‍රීය දුම් පානයෙන් ද ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි වෙනවා. මේ අයට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ඉඩත් වැඩියි. සැමියා, සොයුරා හෝ පවුලේ කවුරුන් දුම් පානය කළත් ඊට ඒරෙහි වීමට ඔවුන ගේ දුම නො ඒන තැනකට යාමේ අයිතිය අක්‍රීය දුම් පානයට ගොදුරු වන්නාට තියෙනවා. මේ අන් කවර කාලයකටත් වඩා දුම් වැටියට එරෙහි විය යුතු කාලයක්. නව කොරෝනා ආසාදිතයකු දුම් පානය කරද්දී ඔහුට මුහුණු ආවරණය ඉවත් කිරීමට සිදුවෙනවා.

ඒවිට අවට සිටින්නන්ට විස බීජ යාමේ ඉඩකඩ ද වැඩි වෙනවා. තමන් කරන වරදට දුම් වැටි උරන්නා දඬුවම් විඳීනවා.

 

ඒත් අනුන් කරන වරදට පවුලේ අයත් සමාජයත් වන්දි ගෙවිය යුතුද? අප අපෙන්ම විමසා මේ සෞඛ්‍ය අනාරක්ෂිත පුරුද්දට වාරණයක් දීමට කාලය පැමිණිලා.

එන්නත ගැනීමට නවත්වන නරක පුරුදු දෙකට දිගටම සමු දෙන්න පුළුවන් නම් දුම් පානය කරන්නා, මත් වතුර පානය කරන්නා සුව විරුවන්ට සහාය දෙන ජනතා විරුවෙක්. පවුලේත් වීරයෙක්.

 

 

ආතතිය, නිදි මැරීම, ව්‍යායාම නො කිරීම, සමබල ආහාර නො ගැනීම අපේ ප්‍රතිශක්තිය දුබල කරයි.

දුම්පානය කරන්නන්ගේ ප්‍රතිදේහවල ආයු කාලය දුම් පානය නො කරන්නන්ට වඩා අඩු බව අධ්‍යයනවලින් හෙළිවී තිබෙනවා.නිදි මැරීම, මානසික ආතතිය ප්‍රතිදේහ නිෂ්පාදනය අඩු කරනවා. ඒ නිසා ඒන්නත ගැනීමට දින කිහිපයකට පෙර හොඳ නින්දක් ලබා ගැනීම වඩාත් යහපත් බව වෛද්‍ය මැතිව් පිලිප් පෙන්වා දෙනවා.

පුද්ගලයාගේ නීරෝගි භාවය අනුව නව කොරෝනා වෛරසයට ඒරෙහි ප්‍රතිශක්තිය පවතින කාලය වෙනස් වෙනවා. ඒය මාස 4 සිට වසරක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

දුම් පානය කරන කෝවිඩ් - 19 රෝගියකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට, මිය යාමට තියෙන ඉඩ දුම් නො බොන්නකුට වඩා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒයට හේතුව දුම් වැටියේ අඩංගු විස නිසා පෙණහලු අක්‍රීය වී තිබීමයි.

ඒන්නතින් සිදු කරන්නේ නව කොරෝනා වෛරසය පිළිබඳ මතකයක් තබා ගෙන නැවත ඒ් වෛරසය ශරීරගත වුණොත් ඊට එරෙහිව ක්‍රියා කිරීමට සිරුරට ශක්තියක් ලබා දීමයි. දුම් පානය කරන විට, මත් වතුර පානය කරන විට එය නිසි ලෙස සිදු වන්නේ නැහැ.

 

උපදෙස්

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ

ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ