දුරුතු කුමාරියට රෝස තට්ටු ගවුමක්

ජනවාරි 22, 2024

රටේ හැමතැනම ඇඳුම් සාප්පු පිරිලා. ඇඳුම් මෝස්තරත් ඕනෑ තරම්. අම්මාට, තාත්තාට, දුවට, පුතාට සාප්පුව පුරාම රිසි සේ ඇවිදලා කාලය ගත කරන්න පුළුවන්. අනෙත් එක එකම සාප්පුවක පවුලේ සියලුම දෙනාටම නිමි ඇඳුම් තියෙනවා. ඒ මොන දේ වුණත් හිතේ රැඳි ඇඳුම, හිතේ රැඳි පැහැයෙන් ගන්න එක නම් ලෙහෙසි පහසු නැහැ. ඒ නිසාම තමන් කැමැති මෝස්තරයක් කැමැති පැහැයකින් මසා ගැනීම තමයි හොඳ කියලා ඔබට සිතුණ වාර අනන්තයි නේද? හිතලා බලන්නකො සාප්පු සවාරියේ යන කාල වේලාව, මහන්සිය කෙතරම් නම් ඉතුරු වෙනවාද? නවීන විලාසිතාවේ ඇඳුම් කෙතරම් තිබුණත් ඒවා අහස උසට ගිනි ගණන්. මේ සියල්ල ගැනම හොඳින් හිතා බලා ඔබේත් පවුලේ සාමාජිකයන්ගෙත් ඇඳුම් ඔබම මසා ගැනීම බෙහෙවින්ම වටී.

 

* මේ ඇඳුම් මසා ගැනීම සඳහා රෙදි තෝරා ගැනීිමේදී ඉතා ඝනකමක් නැති සැහැල්ලු රෙදි වර්ගයක් තෝරා ගන්න.

ගවුම මසා ගැනීමට අවශ්‍ය මිමි

* කර ගැඹුර අඟල් 6 1/2

* පපු උස අඟල් 9 1/2

* ඉණ උස අඟල් 14

* පපු අතර

පළල අඟල් 7

* ගවුම උස

අඟල් 40

* උරහිස අඟල්

16 - 1 = අඟල් 15

* අත දිග

අඟල් 16

* අත අග වට අඟල් 9

* පපු වට

අඟල් 36

* ඉණ වට

අඟල් 30

 

 

සාය උස සැකසීම

ගවුම උසින් අඩුකර කඳ උස අඟල් 45 -14 = අඟල් 31 රැ 3 = අඟල් 10 3/8 එය සාය පළමුවැනි කොටස් සහ දෙවැනි කොටසට සායට තබන ෆීලීට් අඟල් 1/4ට 1/2 බැගින් ෆීලිට් 2ට අඟල් එක බැගින් පළමු කොටස් දෙකට උසට එකතු කරන්න. (අඟල් 10 3/8+1+මැහුම් වාසි අඟල් 1“) සහිතව තුන්වනි කොටසට අඟල් 1 එකතු නොකර මැහුම් වාසි අඟලක් පමණක් එකතු කරන්න.

* සාය පළල සැකසීම 1 සාය ඉණවට අඟල් 30“ට ඉණට අඟල් 1/2 (15) එකතුකර පළල 45ක් ද උරහිසට පෙර සඳහන් කළ මිම්ම ගන්න.

* දෙවැනි සාය කොටස පළමු සාය කොටසට එකතුකර අඟල් 1/2ක් එකතු කරන්න.

* තුන්වැනි සායට දෙවැනි සායට පළලට අඟල් 1/2ක් එකතු කරගන්න.

 

කඳ කොටස (ඉදිරිපස, පිටුපස) පතරොම සැකසීම.

 

* අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිපස සඳහා කොටස් 2ක් එන ආකාරයට ගෙන අඟල් 1/2ක් තබා සිරස්ව රේඛාවක් ගසා ගන්න.

1. එහි ඉහළ කෙලවරේ තිරස් රේඛාවක් ගසා උරහිස දෙකෙන් බෙදා මැහුම් වාසි ලකුණුකර අඟල් 1 3/4ක් හැඩයට නියමිත උරහිස ඇඳගන්න.

2. උස ලකුණු කිරීම එම රේඛාවේ සම්මත මිම්මේ සිට පහතට පපු උසට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර ඉණ උසට + උරහිසට සහ ඉණට අඟල් 1/2ක් බැගින් අඟල් 1ක් ලකුණුකර තිරස් රේඛා ඇඳගන්න.

3. පපුවට මහත අඟල් 4 බෙදා එයට සම්මත 1 1/2 තිරස්ව එකතු කරන්න.

4. ඉණ මහත - අඟල් 4+ඩාට් අඟල් 1ක් මැහුම් වාසි ලෙස ගන්න.

5. ඩාට් ලකුණු කිරීම (පපු අතර පළල අඟල් 2න් බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න.

6. කර පළල ලකුණුකර අවශ්‍ය කර උසට ලකුණු කිරීම

 

පිටුපස පළුව

1. කපාගත් ඉදිරිපසට වඩා අඟල් 1ක් උස්සන්න. ඉදිරිපස පළුව පිටපත් කරගන්න. පිටුපස කර ගැඹුර අඟල් 2ක් හෝ අඟල් 1 1/2ක් හැඩකර කපා ගන්න.

 

මසා ගැනීම

 

ඉදිරිපස පිටුපස ඩාට් මසා ලූප් සඳහා එම රෙදි පටිය නවා මසා හරවා ගන්න. එය දකුණු පසට අඟල් 2“ට කපාගත් ලූප් ටැග්කර පේසීම අල්ලා නිමකර ගන්න. කරට පේසින් ද අල්ලා හරවා උරහිස මුට්ටුකර සැකසූ අත බැලන්ස් කට්මාක් හරහා මසා ගන්න. අංශය මුට්ටු කරන්න. සාය කොටස් 3 ද රැලිකර එකින් එකට යාකර කඳ කොටසට අල්ලා ගන්න. ගැළපෙන බොත්තම් වර්ගයක් අල්ලා අලංකාර කරගන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් උපදේශිකා

කුසුම් පටබැඳිගේ