නෙක වර්ණ රැඳි ගෙත්තමක සිරිය

ජනවාරි 29, 2024

නෙක වර්ණ කපු කැරලි නූල් භාවිත කරමින් ගෙත්තම් කරනා තවත් අනගි කතිර මෝස්තරයකි.

ආලින්දය හැඩ කරනා කුෂන් කවරයකට වුව කදිමයි. ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය විදහාපාන මෙවැනි මල් පොකුරකට කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවෙන් ලැබෙන ජීවය කෙතරම් දැයි ඔබට පෙනේවි.

මෙන්න කතිර රටා මවන්න

ඔබට අවශ්‍ය කරන දේවල්,

 

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරලි නූල්

රාමුවක්

කතුරක්

ඩබල් සයිඩ් ටේප් එකක්

මේ විදියට නිර්මාණය කරගන්න,

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 20 x 20 ප්‍රමාණයේ එකකි. පළමුව අදාළ සංකේතය සඳහා දී ඇති වර්ණයන් භාවිතකර මෝස්තරය මසාගන්න. මලෙහි මැද හා වටේට ආපසු මැස්මෙන් මසාගන්න. ඉන්පසු මසාගත් නිර්මාණය අඟල් 16 රාමුවේ ඉදිරිපස රාමුවට තබාගන්න. නිර්මාණයේ ඇති වර්ණ රාමුවේ පැන්සලකින් ලකුණු කරගන්න. පසුව රාමුව ගලවා ඉදිරිපස රාමුවේ ඇතුළු පැත්තට ඩබල් සයිඩ් ටේප් එක ඇතුළු පසෙකින් අලවා ගන්න. මෙහිදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබේම මෝස්තරයේ රාමුව අසලම ඇති වර්ණය මේ සඳහා ගැනීමටය. වර්ණයක් නොමැති ස්ථානවලදී ඔබට සුදු පැහැය යොදාගත හැකියි. මසා නිමකර ගත් පසු ඔබ මැසූ මෝස්තරය රාමුවට දාගන්න. අඟල් 1 පමණ ඉතුරුකර ඉතිරි රෙදි කොටස කපා ගන්න. ඉන්පසු ඉතිරි රෙදි කොටස නූල් දිවවීමෙන් රූපයේ පෙන්නා ඇති ආකාරයට රැලි කරගන්න. අවසානයේ රාමුවේ ප්‍රමාණයට ෆෙල්ට් සුදු පැහැ රෙදි කැබැල්ලක් ගෙන එය මසාගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇදගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. අඟලට කොටු ප්‍රමාණය මත තෝරා ගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරාගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසා ගත හැකියි.

වෙ‍ෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයකින් මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න.