නත්තල් ගසක අසිරිය

දෙසැම්බර් 18, 2019

අවශ්‍ය දේවල්

බටර් ග්‍රෑම් 375 ක්

පිටි ග්‍රෑම් 300 ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 75 ක්

සීනි ග්‍රෑම් 375 ක්

වැනිලා තේ හැඳි 1 ක්

බිත්තර 6 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 20 ක්

කිරි මේස හැඳි 2 ක්

 

සාදමු

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා එකතු කරන්න. පිටි , කොකෝ පවුඩර්, බේකිං පවුඩර් හොඳින් හලා ගන්න.

දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. දැන් කිරි එකතු කර කලවම් කරන්න. කිලෝ එකහමාරේ තැටියක් බේකිං පේපර එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න. විනාඩි 8 කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40 ත් 45ත් අතර කාලයක් බේක් කරන්න.

බේක් කරගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න තියන්න. අයිසිං එක සඳහා

බටර් ග්‍රෑම් 375 ක්

අයිසිං සීනි ග්‍රෑම් 750 ක්

කොකෝ පවුඩර්

මේස හැඳි 2 ක්

වැනිලා තේ හැඳි ½ ක්

කිරි මේස හැඳි 1 ක්

කේක් එකට වැඩි රසයක්

සහ ලස්සනක් ගෙන ඒමට

වයිට් චොකලට් ග්‍රෑම් 150 ක්

කිරි කෝප්ප ¼ක්

නත්තල් ගස සඳහා අයිස්

ක්‍රීම් කෝන් එකක්

කවර් කරගනිමු

බටර්, අයිසිං සීනි, වැනිලා කිරි එකට එකතු කර ක්‍රීම් එකක් වනතුරු බිට් කරන්න. දැන් සාදාගත් බටර් අයිසිං එකෙන් ⅓ක ප්‍රමාණයක් මල් සහ කොළ, නත්තල් ගස සැරසීමට වෙන් කරගන්න. ඉතිරි බටර් අයිසිං ⅔ ට කොකෝ පවුඩර් එකතුකර කලවම්කර කේක් එක කවර් කිරීමට වෙන්කරගන්න. නිවුණු කේක් එක උඩ ලෙවල් කරගන්න. කේක් එක උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න.

කිරි සහ වයිට් චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න. නිවෙන්න හැර, හොඳින් නිවුණු පසු, චොකලට් අයිසිං මඟින් කවර් කරගත් කේක් එක මතට වක්කරන්න. දැන් පැයක් පමණ තියන්න.

පසුව මල් සහ කොළ සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එක කොටස් දෙකකට වෙන් කර එක කොටසකට රතු වර්ණකය එක් කරන්න. අනිත් කොටසට කොළ වර්ණකය එක් කරන්න. තව පොඩි ප්‍රමාණයක් වෙන්කර කහ පාට වර්ණය යොදාගන්න. බටර් අයිසිං මඟින් අයිස් ක්‍රීම් කෝන් එක කේක් එක මත රඳවාගන්න. ස්ටාර් නොසල් එක මඟින් නත්තල් ගහේ කොළ යොදන්න. කොළ පාටින් හැඩකරගත් නත්තල් ගසේ පාට පාට බුබුළු සිටින සේ රතු සහ කහ පාටින් හැඩ කරගන්න. ඒ සඳහා ද ස්ටාර් නොසල් එක භාවිත කරන්න. කොළ යෙදීම සඳහා භාවිත කරන නොසල් එක උපයෝගී කරගෙන පොයින්සෙටියා මල සහ වටේ කොළ යොදා හැඩ කරගන්න. අවසානයේ දී උඩින් හිම වැටෙන අයුරු දිස්වෙන ආකාරයෙන් පෙනෙන්නට අයිසිං සීනි ඉසගන්න.

උපදෙස් හා ඡායාරූප ඉතාලියේ පර්මාහි පදිංචි සූපවේදිනී

ජනනී ගුරුසිංහ