තනතුරට ගැළපෙන ලෙස අඳින්න පලඳින්න

නොවැම්බර් 13, 2019

පෞරුෂය කියන්නේ බාහිරින් අපි කවුද කියන එක ලෝකයට පෙන්වන ලෝකයට දැකගත හැකි කැඩපතයි. ඒ නිසාම පෞරුෂය කියන දේ මෙලොව උපදින හැමකෙනතුටම එකසේ වැදගත්.

ඔබ නො සිතුවාට මේ බාහිර පෙනුම වැඩිදියුණු කරගැනීමෙන් ඔබ නො සිතන වටිනාකම් සහ අවස්ථා ජීවිතයට උදාවෙනවා. ඒ නිසාමයි ඔබේ ජීවිතයත් දිනවන මේ වෑයමට අපි මෙලෙස අත්වැලක් ගෙන එන්නේ. ඇත්තටම ඔබට උවමනාවක් තියෙනවා නම්, ජීවිතය වෙනස් කරගෙන, ජීවිතය පැහැබර කරගන්න හිතනවා නම් ඒ සඳහා මේ ලිපි පෙළ ඔබට අගනා තිළිණයක් වනු නියතයි.

එහෙමනම් අපි පසුගිය සතියේ කතාව නතර කළ තැනින් අද ආරම්භ කරමු.

මුඛ සෞඛ්‍යය

ආහාර භාවිතයෙන් පසු හොඳින් දත් පිරිසුදු කරගන්න. කටින් දුර්ගන්ධයක් එන්නේ නම් මවුත් වොෂ් (ථධභබඩ ඹචඵඩ) භාවිත කරන්න. ලිප් බාම් (තඪන ඡචතථ) එක තොල්වල නිතර ආලේප කිරීමෙන් දෙතොල් මත තෙතමනය රඳවා ගත හැකිවනවා.

හිස කෙස්

විවිධ වෘත්තීන් අනුව හිසකෙස් වර්ණ ගැන්වීම වෙනස් වෙනවා. තමන්ගේ සමේ වර්ණයට අනුව නිපුණතාවක් ඇති කෙනකු මූණ ගැසීමෙන් තමන්ට සුදුසු හෙයාර් කලර් (ඩචඪප ජධතධභප) භාවිත කළ හැකියි.

හොඳින් ෂැම්පු භාවිත කර හිස්කබල සෝදා හැරීමෙන් පසු කන්ඩිෂනර් කෙස් ගසට පමණක් යොදා මඳ වේලාවක් තබා යන්තමින් සෝදා හරින්න. කාන්තාවකගේ සුන්දරත්වය, පෞරුෂය මනාව පෙන්නුම් කරනු ලබන අංගයකි හිස. හිස මනාව පිරිසුදු කර පිළිවෙළකට පීරා තබාගැනීම තුළින් මනා සුන්දර පෙනුමක් ඔබට ලබාගත හැකියි.

පාද

අප හැමදෙනාම අඩු සැලකිල්ලක් දක්වනු ලබන්නේ අපගේ දෙපාවලටයි. මුහුණට, දෑත්වලට දක්වන සැලකිල්ල දෙපාවලට ද ලබාදිය යුතුයි. රෝම ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ෆූට් ස්ක්‍රබ්, ෆූට් පැක් (ටධධබ ඵජපභඡ, ටධධබ නචජඬ) ඔබට භාවිත කළ හැකියි. කකුල්වල නියපොතු පිරිසුදුකර, නිය ආලේපන භාවිත කරන්න. සෑම රාත්‍රියකම ෆූට් ක්‍රීම් එකක් භාවිතකර හොඳින් දෙපා සම්බාහනය කරගන්න. මසකට වරක් හෝ ටධධබ ඵනච එකකට යෑමට ඔබට පුළුවන් නම් මනසේ සුවතාව ද ලස්සන පිරිසුදු දෙපා ද ඔබට ලැබෙනවා ඇත.

දෑස්

සුවබර නින්දක් නිතරම ඔබට ලැබෙනවා නම් දෑස් වටා කළුවීම, ඉදිමුම, රැලි වැටීම වළකා ගත හැකිවනවා. රාත්‍රියට අයි ක්‍රීම් (ඥරඥ ජපඥචථ) භාවිත කරන්න. එමඟින් ද දෑස්වල රැලිවැටීම් වළකා ගත හැකිවනවා.

තමන්ගේ මුහුණේ හැඩයට ගැළපෙන ලෙස ඇහිබැම මනාව සකසා ගන්න.

ලබන සතියට...

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/11/13 තරුණි බලන්න