ළඟදී මනාලියක් වෙන්නද ඉන්නෙ?

කෙට්ටු අයට මහත් වෙන්න හොඳම ක්‍රම අපි ළඟම තියෙන බව ඔබ දැනන් හිටියෙ නෑ නේද?
නොවැම්බර් 20, 2023

අපේ ගැහැනු ළමයින්ට තියෙන්නෙ ලොකුම ප්‍රශ්න දෙකයි. එකක් තමයි කෑවේ නැතත් මහත් වෙන ප්‍රශ්නය. අනික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක. මහත අඩු කරගන්න නම් ඕනී තරම් ක්‍රම තියෙනව. එත් කෙට්ටු අයට මහත් වෙන්න තියෙන ක්‍රම අඩුයි. අනේ ටිකක් මහත් වෙන්න තිබ්බ නම් කියලා හූල්ලන අයට තමයි අද මේ ලිපිය....

මේ විදිහට ආහාර පාන ගත්තොත් අනිවාර්යෙන් මහත් වෙනවා.

බාර්ලි ඇට අරන් සෝදලා වේළලා කබලේ බදින්න. පසුව කුඩු කරලා බෝතලේකට දාලා සුළං නොවදින්න තියා ගන්න. සෑම උදේකම හිස් බඩ කිරි වීදුරුවට අර බාර්ලි පිටි මේස හැඳි 2ක් සහ ටිකක් දාලා දිය කරලා බොන්න. සතියක් යන්න කලින් මහත් වෙලා තියේවි.

 

2 මුද්දරප්පලම් කියන්නෙ මහත් වෙන්න කැමති අය කන්න ඕනිම කෑමක්. මලල ක්‍රීඩකයන්ට, කායවර්ධනය කරන අයට පවා නිර්දේශ කරල තියෙන කෑමක්. රෑට නිදියන්න පැය බාගයකට විතර කලින් මුද්දරප්පලම් අහුරක් කන්න. කාලා ඒ වෙලාවෙදිම වතුර වීදුරුවක් බොන්න. සති දෙකක් විතර යද්දි බලන්නකො ප්‍රතිඵල කොහොමද කියල.

 

3. කෙසෙල් කියන්නෙ කැලරි වැඩි පලතුරක්. මහත් වෙන්න නම් කැලරි වැඩියෙන් ගන්න ඕනි. පොඩි කෙසෙල් ගෙඩියක කැලරි 90ක් තියෙනවා. ලොකු කෙසෙල් ගෙඩියක කැලරි 121ක් තියෙනවා. මහත් වෙන්න ඕනි නම් දවසකට ලොකු කෙසෙල් ගෙඩි දෙකක්වත් කන්න වෙනවා. ඊට අමතරව මෙන්න මේ වැඩෙත් කරල බලන්න. උදේ නැඟිට්ට ගමන් කෙසෙල් ගෙඩි දෙකක් හරි තුනක් හරි කන්න. ඒ කාපු ගමන්ම කිරි වීදුරුවක් බොන්න. ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා සත්තයි.

 

4. ගිතෙල් කියන්නෙත් මහත් වෙන්න කැමති අයට හොඳ කෑමක්. එදිනෙදා කන කෑමවලට ගිතෙල් ටිකක් එකතු කරගන්න එක පුරුද්දක්කර ගත්තොත් කෙට්ටු අයට මහත් වෙන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඊට අමතරව ගිතෙල් හැන්දකට සීනි ටිකක් එකතු කරලා දවසකට වරක් කන්න. ඔයාටම තේරෙයි ටික දවසක් යද්දි ඔයා හිටියට වැඩිය මහත් වෙලා විතරක් නෙවේ සුදු වෙලා පාටත් වැටිල කියලා.

 

5. ඉක්මනින් මහත් වෙන්න ඕනි අය කන්න ඕනිම එළවළුවක් තමයි කැරට්. කැරට් ගෙඩියක යුෂ දිනපතා බොනව නම් කෙට්ටුව මට්ටු කරන්න ලේසියෙන් පුළුවන්. සීනි ටිකකුත් දාලම බොන්නත් අමතක කරන්න එපා.

 

6. තවත් පහසුවෙන්ම කාලා මහත් වෙන්න පුළුවන් කෑමක් තමයි රටකජු කියල කියන්නෙ. පෘථිවියේ තියෙන පෝෂණයෙන් වැඩිම ආහාරයක් විදිහට මුළු ලෝකයම පිළිගන්න කෑමක් තමයි රටකජු. ප්‍රෝටීන් සහ ශක්තිය බහුලයි. රටකජුවල තියෙන ප්‍රෝටීන් ඉක්මනින් බර වැඩි කරගන්න උදවු කරනවා.

 

7. මී පැණි තේ හැන්දක කැලරි 64ක් තියෙනවා. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 17ක් තියෙනවා. ඒ නිසා මී පැණි කියන්නෙත් මහත් වෙන්න හොඳ කෑමක්. උදේම බොන කිරි වීදුරුවටම මී පැණි කෝප්පයක් කලවම් කරලා බීල බලන්නකො. මේකත් මහත් වෙන්න කැමති අයට හොඳ විසඳුමක්. චීස් බෝලයක් වගෙ මහත් වෙලා ලස්සනට පිරිල ඉන්න කැමති අය මේ පානය දිනපතා බීල බලන්නකො.

 

8. මහත් වෙන්න හිතන අය ටිකක් පරෙස්සම් වෙන්නත් ඕනි. මොකද මහත් වෙන්න කියලා හිතෙන හිතෙන හැටියට කාලා අන්තිමට මහත් වෙන එක කෙසේවෙතත් ලෙඩ ගොඩක් නම් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැදගත් වෙන්නෙ නීරෝගීව මහත් වෙන එකයි. ඒ සඳහා කාබෝහයිඩ්‍රේට් වැඩි කෑම කාලා හරියන්නෙත් නෑ. පිටි කෑම කාලා කාල මහත් වුණොත් නිකම් ලෙඩ ගොඩක් විතරයි ලැබෙන්නෙ. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ප්‍රෝටීන් වැඩිපුර එකතුකර ගන්න. කිරි, බිත්තර, චීස්, අලිගැටපේර, රටඉඳි, මුද්දරප්පලම්, ආමන්ඩ්, ඇට ජාති, යෝගට්, කජු, අර්තාපල් වගේ ආහාර නිතර කන්නත් අමතක කරන්න එපා.

 

තවත් හුඟක් හොඳ දෙයක්. කට්ටිය පටලවගන්න එපා මේ රටකජුයි සහ පීනට් බටර් ගැන නෙමේ කියල තියෙන්නේ, රටකජුවලින් හදන බටර් ගැන. මිල නම් ටිකක් වැඩියි ඒ වුණාට ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද නිකම් වුණත් කන්න පුළුවන්. පීනට් බටර් සිරුරට හුඟක් හිතකර මේද අම්ල සහ කැලරිවලින් සමන්විතයි.

 

9. කල්පනාවෙන් වතුර බොන්න...

 

අපේ සිරුරට වතුර අත්‍යවශ්‍යයි. ඒ නිසා වතුර ප්‍රමණවත් තරම් බොන එකත් අත්‍යවශ්‍යයි. ඒ වුණාට මෙතැනදී කියන්න හදන්නේ සමහර වෙලාවල් තියෙනවා ඒ වගේ වෙලාවල්වලට හුඟක් වතුර බොන්න හොඳ නැහැ. උදාහරණයක් කියන්නම්. සමහර අය පුරුදු වෙලා තියනව කන්න කලින් හුඟක් වතුර බොන්න. මේක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. මොකද හේතුව එහෙම හුඟක් වතුර කන්න කලින් බිව්වම ඔයාට බඩ පිරිලා වගේ දැනෙනවා. ඉතින් ප්‍රමාණවත් ත‍රම් අහාර ප්‍රමාණය ඔයාට ගන්න බැහැ. මොකද වතුර නිසා පොඩ්ඩක් කනකොට බඩ පිරිලා. අනිත් හේතුව තමයි වතුර හුඟක් ආමාශයේ තියෙද්දී අපි කන කෑම දිරවන්න අපහසුයි වගේම කෑම හරියට ජීර්ණය වෙන්නෙත් නැහැ .

 

10. තන්තුමය ආහාර වැඩියෙන් ආහාරයට ගන්න.

 

මේකත් හුඟක් වැදගත් දෙයක්. හැබැයි අපි වැඩිය සැලකිලිමත් වෙන්නෙත් නැති දෙයක්. අපි කොච්චර කෑම කෑවත් ඒක ජීර්ණය පහසු කරන්න සහ බඩවැල් දිගේ නිසි පරිදි ගමන් කිරීමටත් මේ තන්තු හුඟක් වැදගත් වෙනවා. තව දෙයක් තමයි මල බද්ධය වගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්.

 

11. හුඟක් හොඳ ශරීරයට හිතකර කාබෝහයිඩ්‍රේට් සහිත අහාර වැඩියෙන් ගන්න. මෙතැනදී අපි අදහස් කරන්නෙ නිකම් කාබෝහයිඩ්‍රේට්වලට වඩා හුඟක් ගුණදායක කාබෝහයිඩ්‍රේට් වර්ග සහිත ආහාර පාන ගන්න තියෙනවානම් හොඳයි කියන එක. උදාහරණයක් විදියට කියනවා නම් බතල, රතු බත් ඊට අමතරව ඕට්ස් වගේ දේවල් ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද මේවයේ තන්තු ප්‍රමාණය හුඟක් ඉහළයි. ඒක නිසා ජීර්ණ ක්‍රියාවලිය හුඟක් හොඳට වෙනවා. ඒවගේමයි මේ ආහාරවලින් සිරුරට අහිතකර සීනි එකතු වෙන්නේ නැති නිසා තවත් හොඳයි.

 

12. නිදා ගන්න කලින් කන්න

මේකත් හුඟක් වැදගත් කරුණක්. සාමාන්‍යයෙන් අපි නිදා ගන්න ගියාම සිරුර පැය 5 - 6 හෝ ඊටත් වැඩි කාලයක් පවතින්නේ බඩගින්නේ. ඒක හොඳ දෙයක් නෙමේ. රෑ නිදා ගන්න පැය 1/2 කලින් වැඩිය බර නැති සැහැල්ලු හා ගුණදායක දෙයක් ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි.

 

 

උපදෙස්:-

පෝෂණවේදී රේණුකා ජයතිස්ස