මේ පුරුදුවලින් ඈත් වුණොත් ඔබේ පෙනුම තවත් ලස්සන වේවී

සැප්තැම්බර් 4, 2023

හැමෝම කැමති කොච්චර වයසට ගියත් බොහොම තරුණ විදිහට ඉන්නනෙ. මේ නිසා ගැහැනු වගේම පිරිමි අයත් නොකරන දෙයක් නෑ. වෙළඳෙෙපාළට එන අලුත් අලුත් දේවල් මේ අය අත්හදා බලන්නේ කොහොම හරි තරුණ පෙනුම රැකගන්න. හැබැයි කොච්චර මේ දේවල් භාවිත කරත් වැඩක් නෑ ඔබ අතින් සමට හානි වෙන දේවල් නොදැනුවත්ව හරි සිදු වෙනවා නම්. අන්තිමට වෙන්නේ ඔබ සම රැකගන්න කොච්චර වියදම් කරත්, ඔබේ වයසටත් වඩා වියපත් පෙනුමක් ඔබට ලැබීමයි. බලන්නකෝ මෙච්චර දවසක් ඔබ අතිනුත් මේ වැරදි ටික වුණාද කියලා.

 

ඉක්මනින් මුහුණ සේදීම

 

ඔබ මුහුණ හෝදන්න කොපමණ වෙලාවක් වැය කරනවද? තත්පර 30ක් හෝ විනාඩියක්? මේ වගේ කාලයක් ගත කරනවා නම් එය හොඳයි. නමුත් ඔබ මීටත් වඩා අඩු වෙලාවක් නම් මුහුණ සේදීම සඳහා වැය කරන්නේ, එයින් ඔබේ සමට සිදු වන්නේ යහපතකට වැඩි හානියක්. බොහෝ කාන්තාවන් කරන්නේ ඉක්මනින් මුහුණේ සබන් ටිකක් ගාගෙන වතුර දෙපාරක් තුන්පාරක් මූණට දාගන්න එක. මේ වැඩෙන් ඔබේ සම නිවැරදිව පිරිසිදු වෙන්නෙත් නෑ. ඔබ මුහුණ සේදීම සදහා යම් facewash වර්ගයක් හෝ cleanser වර්ගයක් භාවිත කරනවා නම් ඉන් මුහුණට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලබා ගන්න එය අවම වශයෙන් තත්පර 20ක් වත් හොඳින් මුහුණේ අලේප කරමින් සම්බාහනය කල යුතුයි. ඉන් පසුවයි එය සෙමෙන් හොඳින් මුහුණින් සෝදා ඉවත් කළ යුත්තේ. නැතිනම් වෙන්නේ ඔබේ සම මතුපිට ඇති විෂබීජ පමණක් ඉවත් වීමයි. මේ නිසා අවසානයේ ඔබේ සම වියළිභාවයට පත් වෙනවා වගේම ඉක්මනින් වියපත්භාවයටත් පත් වෙනවා.

 

මුහුණ සේදීමෙන් පසු හොඳින් වියළා නොගැනීම

 

බොහෝ කාන්තාවන් මුහුණ සේදීමෙන් අනතුරුව මුහුණ හොඳින් පිසදා වියළා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඔවුන් කරන්නේ ඉබේම මුහුණ වියළීයාමට ඉඩදී බලා සිටීමයි. රස්නය අධික කාලයට මෙය ඔබට සහනයක් ගෙන දෙන කාරණාවක් වුණාට ඇත්තටම මුහුණේ වතුර ඉබේම වියළී යාමට ඉඩ හැරීම නිසා සම වියළිභාවයට පත් වෙනවා. මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි මුහුණ සේදීමෙන් අනතුරුව හොඳින් පිසදා වියළාගෙන සුදුසු moisturizer වර්ගයක් අලේප කරගන්න.

 

එකම තුවාය ඇඟට සහ මුහුණට භාවිත කිරීම

 

බොහෝ දෙනෙක් ඇඟට සහ මූණට වෙන වෙනම තුවා භාවිත කරන්නේ නෑ. නමුත් ඇත්තටම අපි මුහුණට සහ ඇඟට වෙන වෙනම තුවා භාවිත කළ යුතුයි. මොකද නැත්නම් අපේ ඇෙඟ් තියන බැක්ටීරියා අපිම අරන් මුහුණේ ගාගන්න එක තමයි වෙන්නේ. මොකද බොහෝ වෙලාවට අපි මුහුණ හොදින් පිරිසිදු කර ගත්තත් ඇඟ හොඳින් පිරිසිදු කර ගන්නේ නෑ. මේ නිසා හොඳම දේ තමයි ඇඟට සහ මුහුණට වෙන වෙනම තුවා භාවිත කරන එක.

 

උණුසුමින් වැඩි ජලය මුහුණ සේදීම සදහා භාවිත කිරීම

උණුසුම් ජලයෙන් නාන්න, ඇඟ සෝදන්න වගේම මුහුණ හෝදන්නත් කවුරුත් කැමතියි. නමුත් ඕනෑවට වඩා රස්නේ වතුරවලින් මුහුණ හෝදන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ නිසා ඔබේ සම ඉක්මනින් වියළිභාවයට පත්වෙන්න පුළුවන්.

 

Makeup Brush නිතර පිරිසිදු කර තබා නොගැනීම

 

makeup brush කියන්නේ දිනපතා අපි භාවිත කරන දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් සිතන්නේ නෑ මේවා නිතර පිරිසිදු කර ගැනීම අනිවාර්ය දෙයක් බව. නමුත් අපි makeup brush පිරිසිදු කර ගන්නේ නැතුව සතියකට වඩා කාලයක් භාවිත කරනවා කියන්නේ අනවශ්‍ය බැක්ටීරියා සහ විසබීජ විශාල ප්‍රමාණයක් makeup සමග මුහුණේ ආලේප කරගන්නවා කියන එක. මේ නිසා වෙන්නේ ඔබේ මුහුණේ කුරුලෑ ඇති වී මුහුණේ සම අසාදනය පත් වීමයි. ඔබට හැමදාමත් මුහුණ ලස්සනට තියාගන්න ඕනේ නම් අනිවාර්යයෙන් දින තුනකට වතාවක්වත් ඔබේ makeup brush ටික පිරිසිදු කර ගන්න.

 

 

නින්දට යාමට පෙර මුහුණ නොසේදීම

 

ඔබ නින්දට යාමට පෙර මුහුණ සේදීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද ඔබ නිදා ගන්න ගිය විට ඔබේ සම එය විසින්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කාලය තුල ඔබේ සම කිසිදු ආකාරයක අහිතකර බැක්ටීරියා සහ විෂබීජ වලින් තොරව ස්වයං ක්‍රියාකාරිත්වයක යෙදීම ඔබේ සම නීරෝගි වීමට බලපානවා.

 

මේ වැරදි ඔබ අතින් සිදු වෙනවා කියල ඔබ බිය විය යුතු නෑ. මොකද 90% වගේ පිරිසක් අතින් මේ වැරදි එකක් හෝ දෙකක් නැත්නම් සියල්ලක්ම පාහේ සිදු වෙනවා. මේ නිසා අපි කළ යුත්තේ මේ වැරදි මඟ හරවාගෙන සම ආරක්ෂා කර ගන්න කටයුතු කරන එකයි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර