පහතරට මනාලියගේ සුන්දරත්වය පෙන්වන්නේ වේල් එකෙනි

පෙබරවාරි 26, 2020

උඩරට මනාලිය සේම පහතරට මනාලිය ද අපේ රටේ යුවතියන් සොඳුරු මනාලියන් ලෙස හැඩ ගැන්වෙන ක්‍රමයකි. දැන් දැන් බොහෝදෙනා උඩරට මනාලියක ලෙසින් සැරසුණත් වේල්දමා ඉන්දියන් ක්‍රමයට සාරිය ඇඳ පහතරට ක්‍රමයට මනාලියක් ලෙස හැඩවෙන අවස්ථා ද තිබේ.

පහතරට ක්‍රමයට මනාලියක් වන්නට සිහින මවනා සොඳුරු යෞවනියන්ටයි මේ ඇරියුම. බලන්න, ඔබේ තේරීමට අපෙන් ලැබෙන සහය වටිනා අංගයක් වේ දැයි කියා.

වේල් දමා සාරිය අඳින පෝරුවේ චාරිත්‍ර ඉටු කරනා මනාලියන් සේම, දේවස්ථානයේ විවාහ මංගල කටයුතු කරන මනාලියන් ද සිටියි. දේවස්ථානයේ විවාහ මංගල්‍යයක් පවත්වන ඇතැම් මනාලියන් එම ඇඳුමින්ම උත්සව ශාලාවේ ඇති විවාහ මංගලෝත්සවය සඳහා සහභාගී වෙයි.

ඇතැමුන් වෙනත් ඇඳුමක් මංගලෝත්සවය සඳහා තෝරාගනියි.

මෙවන් අය බොහෝවිට දේවස්ථානයේ පැවැත්වෙන මංගල සිරිත් විරිත් සඳහා දිගින් ඉතාම වැඩි වේල් එකක්.

පහතරට මනාලිය සඳහා ක්‍රම කිහිපයක්ම

පහතරට ක්‍රමයට සැරසෙන මනාලියන් සාමාන්‍ය යාර හයේ සාරියක් ඇඳ, වේල් එක සඳහා යාර හතක් යොදා ගනියි.

එහෙත් දැන් පහතරට මනාලියන් සාරිය අඳින ක්‍රම හත, අටක්ම තිබේ.

 

 

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය

 

2020/02/26 තරුණි බලන්න