රෝග රැසකට සුව දෙන ජල ව්‍යායාම

මැයි 8, 2019

ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට හිතකරය. නමුත් ජලය තුළ සිදුකරන ව්‍යායාම සෞඛ්‍යයට වාසි රැසක්ම සපයනවා. ඔබ ගොඩබිමේ ව්‍යායාම සිදු කරනවා මෙන් ජලය තුළ ව්‍යායාම සිදු කිරිමේ දී ශරීරයට එතරම් තද ඝට්ටන වීමක් සිදු නොවන නිසා ශරීරය 90% ක්ම සැහැල්ලු ස්වභාවයක් ගනු ලබනවා.

ඇතැම්විට ජල ව්‍යායාම ලෙස හඳුන්වන ජලය තුළ සිට සිදුකරනු ලබන මෙම ව්‍යායාම සිදුකිරීමේදී වෙහෙසට පත් නොවී නැවුම් ආකාරයක අත්දැකීමක් ද සමඟ සතුටක්ද විඳින්නට පුළුවන්.

ජලයේ ව්‍යායාම කිරිම මඟින් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා වයස් ඛාණ්ඩවල ඕනෑම අයෙකුට සෞඛ්‍ය වාසි අත්විඳින්නට පුළුවන්.

මාංශ පේශීන් සහ අස්ථිවලට හානි වී ඇති පුද්ගලයින් මෙන්ම ගර්භනී කාන්තාවන් සහ අධික තරබාරු පුද්ගලයින්ට පවා මෙවැනි ව්‍යායාම සිදු කළ හැකියි.

මේ ඕනැම ව්‍යායාමයක් පිහිනුම් තටාකයක සිට පහසුවෙන්ම කරන්න පුළුවන්.

 

ශරීරයේ බර අඩුවීම

ජලය තුළ සිදුකරන ව්‍යායාම මඟින් ශරීරයේ බර පහසුවෙන් අඩුකර ගන්නට පුළුවන්. ව්‍යායාම සඳහා යොදනු ලබන කාලය සහ ජලය මඟින් සැපයෙන ප්‍රතිරෝධය එකට එක්වීම මඟින් ශරිරයට පරිපූර්ණ ව්‍යායාමයක් ලැබෙනවා.

ජල ව්‍යායාම දිනපතා විනාඩි 30 සිට 60 දක්වා සිදුකිරීම මඟින් දිනකට කැලරි 300 සිට 500 දක්වා ප්‍රමාණයක් දහනය කර ගන්නට පුළුවන්.

අස්ථිවල වර්ධනයට

ජලය තුළ සිදු කරන ව්‍යායාම මඟින් අස්ථිවල සෞඛ්‍යය වර්ධනය වීමක් සිදු වෙනවා. ජලය තුළ ඇති ප්‍රතිරෝධතාවය මඟින් අස්ථි මතට හානිදායක පීඩනයක් එල්ල නොවන නිසා වේදනාව සහ තෙහෙට්ටුව වැනි බලපෑම් ඇතිවීම වැළකෙනවා. ආතරයිටිස් වැනි සන්ධි ආබාධ සහ වෙනත් අස්ථි ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයින් සඳහා මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායි වෙනවා.

ජලය තළ ව්‍යායාම සිදුකිරිම මඟින් ඡ්ඩඥථධනඩඪතඪච වැනි රෝග ඇති පුද්ගලයින්ට එදිනෙදා කාර්යයන් කිරීම සඳහා අස්ථිවල ශක්තිය වර්ධනයට සහ චලනයන් වර්ධනය කර ගැනීමටත් උපකාරී වනවා.

නම්‍යතාවය සහ සංචලතාවය වර්ධනයට

සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන ව්‍යායාමවල චලනයන් ගුරුත්වාකර්ෂණ බලයට සහ බිම ඇද වැටේවි යැයි යන බිය නිසා සීමා වෙනවා.

නමුත් ජලය තුළ ව්‍යායාම සිදු කිරීමේදී විශාල පරාසයක චලනයන් සිදු කිරීමට හැකිවීම නිසා අස්ථි වඩාත් නම්‍යශීලී වෙනවා

ජලය තුළ සිදු කරන ව්‍යායාම පිට කොන්ද ප්‍රදේශයේ නම්‍යශීලිභාවයට වඩාත් වාසිදායකයි. ශරීර යෝග්‍යතාවයට නම්‍යශීලීත්වය වඩාත් වැදගත් වන නිසා ජලය තුළ ව්‍යායාම සිදුකර නම්‍යශීලීත්වය වර්ධනය කිරීමෙන් ශරීරයේ නිසි සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්.

රුධිර පීඩනය අඩු කර ගැනීමට

ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මඟින් ජලයෙන් නිකුත්වන ප්‍රතිරෝධය නිසා ශරීරය පුරාම රුධිරය සංසරණය වීම වඩාත් කාර්යක්ෂම කරනු ලබනවා.

මෙමඟින් රුධිර පීඩනය නියාමනය කර ගැනීම සහ අක්‍රිය හෘද ස්පන්දනය නිසි තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි