ප්‍රසව සහ නාරි රෝග නසන යෝගාසන

අප්‍රේල් 8, 2024

 

ඔසප්වීම කියල කියන්නෙ වැඩිහිටි කාන්තාවන් හැම කෙනෙකුගෙම ශරීරයේ මාසිකව සිදුවෙන සංසිද්ධියක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවනෙ. මේ ඔසප්වීම පවතින දින කිහිපය ඉතින් කාන්තාවන්ට වෙනදා තරම්ම පහසුවෙන් වැඩ රාජකාරි කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ දවස්වලට සිදුවෙන හෝ්මෝන වෙනස්වීම් සහ අපහසුතාවන් නිසා ඒ දවස් ටිකක් කරදරකාරීයි. ටිකක් නුරුස්සනා ගතිය, මඳ වශයෙන් දැනෙන බඩේ කැක්කුම සහ ඔය පොඩි පොඩි අපහසුතා මේ දවස්වලට සාමාන්‍ය දේවල්. හැබැයි එදිනෙදා ජීවිතයේ වැඩකර ගන්න බැරි තරමට එය වේදනාවක් නම් එය ගැටලුවකි.

අද වනවිට අප රටේ බහුතරයක් කාන්තාවන් විඳින රෝග තත්ත්වයකි ප්‍රසව හා නාරි රෝග (PCOD). මෙම රෝග තත්ත්වයන් ලංකාව තුළ වර්ධනය වීමට ප්‍රධාන හේතුව වූයේ කාන්තාවන් තම ශරීරය ගැන සැලකිලිමත් නොවීමයි. අද කාන්තාවන් 10ක් ගත්තොත් අවම වශයෙන් 6-7ක් දෙනකුගේ ගර්භාශය ඉවත්කොට ඇත. ගර්භාශය ඉවත් කිරීම සමඟම විවිධ සංකූලතා ඇතිවන අතර ඒ හා සම්බන්ධව ගන්නා ඖෂධ මඟින් යම් ආකාරයක හෝ්මෝන සමතුලිතතාවක් ඇති කරන නමුත් එය ස්වාභාවික ක්‍රියාවලියට පටහැනි වේ.

අනෙක් කරුණ නම් PCOD තත්ත්වයට අනුව කාන්තාවන්ට දරුඵල අහිමි වීමයි. සමහර කෙනකුට දරුඵල අහිමි වීම, මාස්ශුද්ධිය ක්‍රමානුකූලව සිදුනොවීම, හයිබ්‍රොයිඩ් වැනි ගෙඩි හටගැනීම, පිරිමියකු මෙන් සිරුර හැම තැනම රෝම හට ගැනීම, අධික තරබාරුව, නිතර ඇතිවන මානසික තත්ත්ව, අකලට හිසකෙස් පැදීම හෝ ගැලවීම සිදු වේ. එකල කාන්තාවන් දරුවන් වැදූ අතර ඔවුන්ට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැත. එයට ප්‍රධානම හේතුව වූයේ ජීවත් වීම ව්‍යායාමයක් වූ නිසාය. නමුත් අද වන විට දෑතේ වැඩක්, සිරුර වෙහෙසවා කරන කිසිදු වැඩක නියැළෙන අය නොවන අතර මනස පමණක් වෙහෙසන පරිගණකයේ සහ ජංගම දුරකතනයේ රැඳෙන තත්ත්වයක් උදා වී ඇත. එකම ඉරියව්වක වැඩි වෙලාවක් රැඳී සිටීම අපගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපාන අතර විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ එළවළු පලතුරු විවිධ එන්නත්කරණයට ලක් කළ කුකුළු මස් වැනි මස් වර්ග මෙම තත්ත්වයට බලපායි. බොහෝ දෙනා ක්ෂණික ආහාරවලට හුරු වී ඇති අතර ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වැනි දෑ ආහාරයට ගනිති. මේ හේතුව නිසා ලොකු බඩ ගෙඩියක් සහිත තරබාරු කාන්තාවන් බහුතරයක් වෙසෙන අතර එය අඩුකර ගැනීම සඳහා ජිම් වෙත දිව යති. මොනදේ කළත් ස්වභාවික ජීවන රටාවෙන් මිදී මේවාට ස්ථිරසාර විසඳුම් සොයාගත නොහැකිය.

මෙම රෝගවලින් මිදීමට නම් ඒ සඳහා ස්වභාවික ව්‍යායාමයකට හුරුවිය යුතුය. ස්වභාවික ව්‍යායාමයක් යනුවෙන් අදහස් කරනුයේ ඇවිදීම, දිවීම වැනි දෑ වන අතර ඊට අමතරව යෝග වැනි අභ්‍යාසද ඉතාම වටිනා අභ්‍යාස වේ.

යෝගා නිවැරැදිව පවත්වා ගැනීමට ආහාර රටාව ද වැදගත් වේ. ඔබගේ ආහාර රටාව වේල් 2කට සීමා කරන්න. කිසිදු විටෙක ආහාර ගැනීමෙන් පසු වාඩි වී සිටීම, නිදාගැනීම නොකළ යුතු අතර අවම වශයෙන් අඩි 150ක් පමණවත් අවිදිය යුතුය.

යෝගා අභ්‍යාසවල දැක්වෙන ප්‍රාණයාම වැදගත් වන අතර පළපුරුදු යෝග උපදේශකවරයෙකු යටතේ ඒ සඳහා නියමිත යෝග අභ්‍යාස පුරුදු පුහුණු විය හැකිය.

උපවිෂ්ඨ කෝණාසනය

අද මා දක්වන ආසන 2 කාන්තා රෝගවලට වැදගත්වන අතර පළමුව දැක්වෙන්නේ උපවිෂ්ඨ කෝණාසනය නම් පාද විහිදවීමේ ඉරියව්වකි. මුලින්ම පාද දෙක ඈත් කර අත් දෙකෙන් පා දෙකේ මහපට ඇඟිලි අල්ලාගෙන නාස් පුඩුවලින් හොඳින් හුස්ම ගන්න. ඉන්පසු හුස්ම පිට කරන්න. දැන් නළල පො‍ෙළාව දෙසට ගෙන එන්න. මෙය දිනකට වාර 6 -12ක් පුහුණු වීම වැදගත් වේ.

බද්ධ කෝණාසනය

මෙම ආසනය සඳහා මුල් ඉරියව්වෙන්ම සිටින්න. රූපයේ පරිදි වම් පාදය ලිංග ප්‍රදේශය දෙසට නමාගන්න. දකුණු පාදය ද එසේ නමාගන්න. එසේ නමාගෙන වම් අතින් වම් විළුඹ ද, දකුණු අතින් දකුණු විළුඹ ද අල්ලාගෙන රූපයේ ආකාරයේ ඉරියව්වට පැමිණෙන්න. ඉන්පසු හොඳි ආශ්වාස කරන්න. ආශ්වාස කරන ගමන් දණිස් දෙක ඉහළට ඔසවන්න. ප්‍රාශ්වාස කරන ගමන් පාද පො‍ෙළාවට ගේන්න. මෙය සමනලආර ආසනය ලෙසද හඳුන්වයි.

මෙම ආසන කිරීමෙන් පසු පා දෙක සහ අත් දෙක ඈත් බිම නිම වැතිරී සිරුර සැහැල්ලුවෙන් තබාගන්න. එය ස්වාසනය ලෙස හඳුන්වයි. මෙය දිනකට 15 -20 වරයි කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

 

ඡායාරූප - රංජිත් අසංක

 

 

 

ඔසප්වීම කියල කියන්නෙ වැඩිහිටි කාන්තාවන් හැම කෙනෙකුගෙම ශරීරයේ මාසිකව සිදුවෙන සංසිද්ධියක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවනෙ. මේ ඔසප්වීම පවතින දින කිහිපය ඉතින් කාන්තාවන්ට වෙනදා තරම්ම පහසුවෙන් වැඩ රාජකාරි කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ දවස්වලට සිදුවෙන හෝර්මෝන වෙනස්වීම් සහ අපහසුතාවයන් නිසා ඒ දවස් ටිකක් කරදරකාරී. ටිකක් නුරුස්සනා ගතිය, මඳ වශයෙන් දැනෙන බඩේ කැක්කුම සහ ඔය පොඩි පොඩි අපහසුතා මේ දවස්වලට සාමාන්‍ය දේවල්.

හැබැයි එදිනෙදා ජීවිතේ වැඩකර ගන්න බැරි තරමට එය වේදනාවක් නම් එය ගැටලුවකි.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

ඡායාරූප - රංජිත් අසංක