අධික හිසරදය, මිග්‍රේන් සම්පූර්ණයෙන් සුවකරන ‘රස වෙදකම’

සැප්තැම්බර් 25, 2019

අපර්ණා සුපුරුදු ලෙසින් කාර්යාලයේ සිට නිවෙසට පැමිණියේ ඉවසන්න බැරි හිසරදයෙන්. “මොකක්ද මේ කරදරේ. ඉවසන්න බැහැ. පැළෙන්න ඔළුවේ කැක්කුමයි. ඒ මදිවට ඔෆිස් එකේ වැඩත් ඉවරයක් නැහැ.”

මේ අත්දැකීම අපර්ණාට විතරක්ම තියෙන ලෙඩක් නොවෙයි. බොහෝ දෙනකුට තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට බහුලයි. වර්තමානයේ බොහෝ දෙනකු මුහුණදෙන මෙම රෝගය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ පවතින සරලම ප්‍රතිකාරය තමයි වේදනානාශක. හිසේ වේදනාව ඇති වූ අවස්ථාවේදී ලබාදෙන මෙම වේදනානාශක දිගු කාලයක් පාවිච්චියෙන් ඇතිවන අතුරු ආබාධ තරමක් භයානකයි. ඒ වගේම වේදනාව තාවකාලිකව යටපත් වුණත් ලෙඩේ සුව වෙන්නෙත් නැහැ.

නමුත් මේ සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රතිකාර හරිම සරලයි. එපමණක් නොවෙයි නිට්ටාවටම සුව කරන්නට පුළුවන්. මෙම රෝගය සඳහා ඉතාම සාර්ථක ලෙසින් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. අප මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය භූෂන මහේෂ් අතුරලියගෙන් විමසීමක් කළා.

කාලයක් පවතින අධික හිසරදය කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් හිසේ කැක්කුමක් කියන්නේ ඕනෑම අයකුට නිතරම පාහේ හැදෙන්නට පුළුවන් රෝගයක්. හැබැයි ඉරුවාරදය කියන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. මෙය ඉංශ්‍රීිසි භාෂාවෙන් මිග්‍රේන් (ර්ඪඨපචඪද) ලෙසයි හඳුන්වන්නේ. හැබැයි මෙම මිග්‍රේන් සාමාන්‍ය හිසරදයකට වඩා වෙනස්. තරමක් බරපතළ රෝගී තත්ත්වයක්.

මොකක්ද මේ මිග්‍රේන් නැතිනම් ‘ඉරුවාරදය’ කියන්නේ?

මෙය වෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කරනවා නම් ඉරුවාරදය කියන්නේ ස්නායු රෝගයක්. අපේ මුහුණට සංවේදනය ලබාදෙන පස්වැනි කපාල ස්නායුවේ අධි ක්‍රියාකාරිත්වයක් ඇතිවීම ‘ඉරුවාරදය’ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ මේ රෝගය හේතුවෙන් අපේ ජීවිතයේ එදිනෙදා දෛනික කටයුතුවලට විශාල බාධාවක් සිදුවීමයි. ඒ විතරක් නොවෙයි ශරීර සෞඛ්‍යයත් පිරිහෙනවා.

මේ රෝගය වැඩිපුරම හැදෙන්නේ කාන්තාවන්ට බව මතයක් පවතිනවා. ඇත්තටම එය සත්‍යයක්ද?

බොහෝ විට මෙම රෝගය හට ගන්නේ අවුරුදු 40 ට අඩු අයටයි. එම වයස් සීමාවේ අයට මෙම මිග්‍රේන් තත්ත්වය බහුලව පවතින බව කරන සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ වගේම ඔබ මුලින් සඳහන් කළ ආකාරයට පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් මෙම රෝගයෙන් පීඩා විඳින සංඛ්‍යාව වැඩියි.

මේ රෝගය උත්සන්න වීමට හේතුවන සාධක මොනවාද?

විශේෂයෙන්ම මෙම රෝගය උත්සන්නවීම සඳහා බාහිර සාධක රැසක්ම හේතුවෙනවා. හිරු එළියේ සිටීම, වැඩි කාලයක් අධික ආලෝකයට නිරාවරණය වී සිටීමත් එක් හේතුවක්. එමෙන්ම අධික ශබ්දය ඇති ස්ථානවල සිටීමත් බලපානවා. මෙම සාධකවලට අමතරව පමාණවත් නින්දක් නොලැබීම, මානසික ආතතිය, හිස අධික ලෙස සෙලවීම යන හේතු බලපාන අවස්ථාද තිබෙනවා. එසේම වැඩි කාලයක් කුසගින්නේ සිටීමත් ඇතැම් විට මිග්‍රේන් ඇතිවීමට හේතුවක්. විශේෂයෙන්ම කාන්තාවන්ට තමුන්ගේ ඔසප් කාලසීමාව තුළ ඇතිවන අධික වේදනාවත් සමඟ මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්.

මේ හේතුවලට අමතරව ඇතැම් ආහාරපාන නිසාත් ‘ඉරුවාරදය’ වැඩිවෙන බව මතයක් තිබෙනවා නේද?

මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. චොකලට් සහ චොකලට් සහිත ආහාර හා පාන වර්ග නිසාත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම චීස් සහ චීස් අඩංගු පීසා වර්ග, බර්ගර්, සැන්ඩ්විච් වැනි ආහාරත් බලපානවා. එසේම කැෆේන් සහිත බීම වර්ග, යුෂ සහිත බීම, මධ්‍යසාර, අයිස් ක්‍රීම් වැනි අධික ශීත ආහාරපානත් ඉරුවාරදය ඇති වෙන්න බලපාන අවස්ථා පවතිනවා.

ආයුර්වේද

රූපලාවණ්‍ය වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය

 

2019/09/25 තරුණි බලන්න