නිවෙස සරසන්න කදිම නිර්මාණයක හැඩ

අගෝස්තු 1, 2022

 

සොඳුරු නිවහනක හිමිකාරියක් වීම ඔබේ සිහිනයයි. තමන් ජීවත් වෙන නිවහන කුමක් වුවත් එය අලංකාර, සුන්දර නිවහනක් බවට පත්කර ගන්න ඔබට පුළුවන්. ඔබේ නිර්මාණ හැකියාවෙන් එය වඩාත් ලස්සන කරගත හැකියි. මේ තියෙන්නේ නිවහනේ ඉදිරිපස අලංකාර කරගත හැකි අමුත්තන් සෙනෙහසින් පිළිගන්න කදිම සැකසුමකි.

ඉවතලන කාඩ්බෝඩ්

ටිෂූ කඩදාසි දෙකක්

දුඹුරු වර්ණ හා

එහි මෙට්ලික්

වර්ණ තීන්ත

පින්සලක්, ගම්, වර්ණ

ෆෝම් ෂීට්

රන්වන් පැහැ භාග පබළු

ගෝනි නූල් කොටසක්

 

 

පළමුව කාඩ්බෝඩ්වලින් දිග අඟල් 10ක සහ උස අඟල් 7 1/2ක බෝඩ් කොටස් දෙකක් කපාගන්න. එහි එක කොටසක් ගෙන එල්ලා ගැනීම සඳහා සමබර වන සේ සිදුරු දෙකක් විද නූල් කොටස සිදුරුවලින් යවා අලවාගන්න. පසුව නැවතත් අනෙක් බෝඩ් කොටස තබා හොඳින් ගම් ආලේප කර අලවා ගන්න. පසුව දිග අඟල් 1ක් සහ උස අඟල් 3/4ක් සිටින සේ පොඩි බෝඩ් කොටස් 100ක් පමණ කපාගන්න. එම කපා ගත් බෝඩ් කොටස් සියල්ල දිග අතට බෝඩ් එක මත අලවාගන්න. අලවා ගැනීමේ දී ගඩොල් බැම්මක ස්වාභාවික පෙනුම සිටින සේ අලවාගන්න. පසුව එයට උඩින් නැවත ටිෂූ කඩදාසිය අලවාගන්න. පසුව එහි දුඹුරු වර්ණ තීන්ත ආලේප කරගන්න. එහි තැනින් තැනට ගඩොල් බැම්මක ස්වාභාවික පෙනුම සිටින සේ මෙට්ලික් තීන්ත ද ආලේප කරගන්න.

"Home Sweet Home" යන්නෙන් අතින් ලියා හෝ ප්‍රින්ට් එකක් ගෙන එම කොටස තමන් කැමැති හැඩයටකට කපා හරි මැදින් අලවා එහි වටේට භාග පබළු අලවාගන්න.

මෙහි රෝස මල සාදා

ගැනීම සඳහා දී ඇති පතරොම් භාවිතකර ෆෝම් ෂීට්වලින් අවශ්‍ය පෙති කොටස් කපාගන්න. පළමුව පොඩි පෙත්තක් ගෙන ග්ලූ ගන් එක භාවිත කරමින් එක පෙති කොටසක් අලවාගන්න. නැවත තව පෙති කොටසක් අලවාගන්න. මේ ආකාරයට පෙත්තෙන් පෙත්ත අලවාගන්න. රෝස මලේ හැඩය එන ආකාරයට මල සකසා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට කලින් සාදා ගත් බෝඩ් එක මත මල් අලවා කොළ හා අතු ද සම්බන්ධ කරගන්න.

 

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ