සාරියට, ඔසරියට හැඩ මවන පැච්පොයින්ට්

පෙබරවාරි 17, 2025

බලන්න, මේ සාරි (ඔසරි) මෝස්තර නිර්මාණය කෙතරම් අපූරුද? ඔබ නිතර දකින සාරි විලාසිතාවන්ට වඩා වෙනසක් නිර්මාණාත්මක වටිනාකමක් මෙම පැච්පොයින්ට් සාරියකින් ඉස්මතු කෙරෙනවා.

 

සාරි මෝස්තර කලාවේ සුවිශේෂී බවක් හිමි කරගත් පැච්පොයින්ට් මුදල් උපයන්න හොඳම පොයින්ට් එකක්.

 

මේ ආකාරයෙන් පැච්පොයින්ට් විලාසිතා මවන්න ඔබත් කැමති ද? ඒ ගැන ඔබට කියන්න අප සූදානම්. මේ පැච්පොයින්ට් කලාවට අයත් අපූරු නවතම නිර්මාණ ඔබට ලබා දෙන්නේ තරුණී වෙතින් පමණයි.

 

පැච්පොයින්ට් මෝස්තර නිර්මාණයේ දී මැසීමක්, ඇප්ලික් කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. මෙහිදී සුවිශේෂී ක්‍රමවේදයක් යොදා ගැනෙනවා. මෙය ඇලවීමේ කලාවක්. රෙදි අලවන සුවිශේෂී ගම් වර්ගයකින් නොගැලවෙන ක්‍රමවේදයකට අනුව යොදා ගැනීම විශේෂත්වයක්. බලන්න, මෝස්තරය නිර්මාණය කෙරෙන හැටි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

අමු රෙදි

කළු, කොළ වර්ණ කොට්න් රෙදි

කළු හා කොළ දිලිසෙන වර්ණ කෝඩ්

පතරොම් කැපීමට කාඩ්බෝඩ්

කතුරක්

ෆැබ්රික් ග්ලූ

 

නිර්මාණය කිරීම:

 

මෙම සාරි මෝස්තරය නිර්මාණය කරගැනීමට පළමුව 01 රූපසටහනේ දී ඇති ආකාරයට පතරොම් කොටස් කපාගන්න. ඉන්පසු එම පතරොම් තබා රෙදි කොටස් කපාගන්න. මෙහිදී ඔබ මතක තබාගත යුතු කරුණක් තිබේ. එනම්, රෙදි කොටස් කැපූ විගසම

සාරිය මත තබා අලවා ගත යුතුයි. නැතිනම් එම කොටස්වල නූල් ඇදීමට ලක්වෙයි.

 

මුලින්ම අවශ්‍ය මෝස්තර ඇඳ කපා සූදානම් කර ගන්න. එය සාරිය මත තබා අවශ්‍ය තැන සලකුණු කර ඉන්පසු මෝස්තරයට අදාළ කොටස් ඒ ඒ වර්ණවලින් කපාගන්න. දැන් එම කොටස් මෙහි පෙනෙන සේ ග්ලූගම් එකක ආධාරයෙන් අලවාගත යුතුයි. දැන් එම මෝස්තරය වටා සිහින් කෝඩ් එකක් අලවා ගන්න.

 

උපදෙස්:- ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී

ප්‍රීතිකා වික්‍රමසිංහ

 

නිරූපණය කේෂලා

රූ රටා:- නිලක්ෂි ආරියරත්න

 ඡායාරූප:- ශාන් රඹුක්වැල්ල