පෙරළන පොතට ආදරණීය සලකුණක්

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම් ඉටු කරනා කතිර මැහුම් ඉස්කෝලේ
පෙබරවාරි 10, 2025

ඔබේ ජීවිතයට අලුත් ආරම්භයක් දෙන්න කැමැති ද? කාන්තාවක් කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක්. ඉතින් තම දෑතේ වීර්යයෙන් තමන්ගේ පවුලට හයියක් වෙන්න, ආර්ථික මට්ටමක් ගොඩනඟා ගන්න පුළුවන්නම් ඒ ශක්තිය තවත් වැඩි වෙනවා. අන්න එහෙම හිතන දිරිය කාන්තාවන් වෙනුවෙනුයි මේ අපූරු අදහස ගෙනඑනුයේ.

මේ අනගි කතිර නිර්මාණය ඔබට පොත් සලකුණක් (Book Mark) ලෙසත් නිර්මාණය කරගත හැකියි.

නිර්මාණය ඉතාමත් පුංචි වුණත් මෙයින් ඔබට ලැබෙන මුදලේ වටිනාකම වැඩි විය හැකියි.

ඒ වගේම විශේෂයෙන්ම තමන්ගෙ අතින් නිර්මාණය කරගෙන මෙම පොත් සලකුණ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් වැලන්ටයින් දිනයේ තිළිණ කරන්නත් කදිමයි.

 

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති

අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්

රාමුව

ඉඳිකටු

කතුර

 

මෙම නිර්මාණය අඟල් 1.6 x 6.0 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම්

හෝ අඟලට කොට දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.

කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැතිනම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසුවේ. කොටු ගණන් කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.

 

[email protected]