"ගුත්තිල" දැන් රිදී තිරයේ

ජුනි 5, 2023

 

පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය ඇසුරින් සනත් අබේසේකර තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ " ගුත්තිල " සිනමා පටය දැන් දිවයින පුරා සිනමා ශාලාවන්හී තිරගත වේ.

 

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රථම වරට සිනමා රංගන ශිල්පියකු ලෙස , ගුත්තිල ගාන්ධර්වයාගේ චරිතයට පණපොවමින් සිනමා රංගනයට පිවිසෙන්නේද " ගුත්තිල " චිත්‍රපටයෙනි. විශාල පිරිවැයක් දරා නිෂ්පාදනයකර ඇති මෙහි සෙසු චරිත සඳහා අකිල ධනුද්ධර, චුලක්ෂි රණතුංග , යශෝධා විමලධර්ම, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අයිරාංගනී සේරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, ගිරිරාජ් කෞෂල්‍ය, නදීකා ගුණසේකර , හේමන්ත ඊරියගම, අමිල කරුණානායක , සරත් චන්ද්‍රසිරි, මහින්ද පතිරගේ ඇතුළු විශාල නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සහය අධ්‍යක්ෂණයෙන් ආනන්ද එස්. කපුගේ, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න , කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත , අංග රචනයෙන් තරංග රුක්මල්වල , සංගීත අධ්‍යක්ෂණයෙන් දිනේෂ් සුබසිංහ , ගේය කාව්‍ය රචනයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ සමඟින් මහාචාර්ය සුනිල් ආරියරත්න , ගීත ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි, අකිල ධනුද්ධර, නර්තන නිර්මාණයෙන් චන්දන වික්‍රමසිංහ සමඟින් චන්න විජේවර්ධන ද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජේ හේරත් ද එක්වී ඇති " ගුත්තිල " තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.