වාලම්පුරි පනහ ගහයි

ජුනි 30, 2025

කූඹියෝ අධ්‍යක්ෂණය කරමින් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය දිනාගත් ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පුරි හෙවත් හීන හතහමාරක් සාර්ථක දින පනහ පසු කර තිබේ. වෙනස්ම කතා තේමාවක් රැගත් වාලම්පුරි කතාව, වාලම්පුරියක් විකිණීමට උත්හාස දරන පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔවුන් මුහුණ දෙන සිදුවන අනපේක්ෂිත සිද්ධි දාමය වටා දිවේ.


ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, ඇන්ඩෘ පුල්ලේ, උදයන්ති කුලතුංග වැනි සිනමාවේ අත්දැකීම් බහුල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකවන වාලම්පුරිහි දිවි ගමනින් සමුගත්, දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් ද රංගනයෙන් දායක වේ.

කාලිංග දේශප්‍රිය වාලම්පුරි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයායි. චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩවන මෙහි අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි. සංඛ මල්වත්ත චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියායි.
වාලම්පුරි දමිත චන්ද්‍රසිරි විසින් රචනා කර ඇත.