කවරය සරසන නෙළුම් කුළුණේ අයිතිකාරයෝ

මැයි 26, 2025

අද කවරය සරසනු ලබන්නේ ඉලංගෝ රාම සහ හිරන්‍යා පෙරේරායි. ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය නෙළුම් කුළුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉලංගෝ රාම වන අතර හිරන්‍යා එහි නිෂ්පාදිකාවයි. ඉලංගෝ පවසන්නේ හිර්න්‍යා ඔහුගේ සෙවණැල්ල සේ මෙම සාර්ථකත්වය පිටුපස රැඳී සිටි බවයි. හිරන්‍යාට පරිදි එය ඇයගේ වගවීම ලෙස ඇය කියයි. කෙසේ හෝ මේ දෙදෙනා නිමවූ නෙළුම් කුළුණ මේ වනවිට රටවල් 21ක ප්‍රදර්ශනය වේ. දින හැටක් නොකඩවා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය පසුගිය අරගල සමයේ නිර්මාණය වූවකි. බොහෝ බාධක මැද ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය රාම් සහ හිරන්‍යා දෙපළට අපේ සුබපැතුම් එක් කළ යුතුය.