වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
අභිමානවත් 36 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළට සියල්ල සූදානම්

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය නොහොත් අභිමානවත් සරසවිය සිනමා සම්මාන උලෙළ, 2025 ජූනි මස 24 වැනි දින සවස 7 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතියි.
මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා සලකා බලනුයේ 2024 වර්ෂයේ ජනවාරි 01දා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා තිරගතවූ ශ්‍රී ලාංකේය චිත්‍රපටයි. මෙවර සම්මාන උලෙළ සඳහා ශ්‍රී ලාංකේය දෙමළ භාෂිත චිත්‍රපට ද සලකා බැලෙනු ඇත.
මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදි. මේ එම මොහොතේ අසිරියයි.