සූරිය සුළඟ හමයි

ඩොනල්ඩ් ජයන්තට 65යි
ජූලි 17, 2023

 

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයක්

මේඝ, නිහාරි ප්‍රධාන චරිතවලට

අශාන්ට සනත්ට වෙනස්මචරිත

ධර්මසිරි ගමගේ පුත් චමින්ද ගමගේ ගීත රචනය හා නිෂ්පාදනය

 

ආදරණීය කතාවක්, දේදුණු ආකාසේ, සකූගේ කතාවක් වැනි අතිශය සොඳුරු නිර්මාණ ඔබට තිළිණ කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගෙනෙන නවතම සිනමාපටයයි. ‘සූරිය සුළඟ‘. මෙහි මුහුරත් උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණි.

සූරිය සුළඟ චිත්‍රපටය සඳහා චම්මික ද සිල්වා, චමින්ද ගමගේ සමඟ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදන දායකත්වය ලබා දේ. මෙහි සහය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙනි.

ඔහු සහය අධ්‍යක්ෂණයෙන් දායකවන 65 වැනි චිත්‍රපටිය සූරිය සුළඟවන අතර ඩොනල්ඩ් ජයන්ත ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රථම වතාවට සිනමාවට සම්බන්ධ වන්නේ ද ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දැහැන‘ චිත්‍රපටයෙනි.

මේඝ සූරියආරච්චි, නිහාරි පෙරේරා, සජිනි රෝයි, සනත් ගුණතිලක, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණි ඉද්දමල්ගොඩ, අශාන් ඩයස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මුතු තරංගා, ප්‍රියංකර රත්නායක, හර්ෂිකා රත්නායක, කීර්තී රත්නායක ආදීන් රංගනයෙන් මේ චිත්‍රපටයට දායක වේ. වජිර කස්තුරි සමඟින් ප්‍රියන්ත කොළඹගේ තිර රචනය ලියූ සූරිය සුළඟහි සංස්කරණය මේඝ කොළඹගේගෙනි. ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාගේ පුත් චමින්ද ගමගේ සූරිය සුළඟහි නිෂ්පාදන, කාර්ය භාරයට අමතරව ප්‍රියන්ත කොළඹගේ සමඟ එකතුව ගීත රචනය කිරීමත් මෙහි විශේෂත්වයකි.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න