අපේ ප්‍රින්සිපල්ට දින 50යි

පෙබරවාරි 12, 2024

 

ක්‍රිෂ් ඇන්තනී අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල් සිනමාපටය මේ දිනවල ඊ ඒ පී ප්‍රදර්ශන මණ්ඩලය තුළ ඉතා සාර්ථක ලෙස තිරගත වේ.

පෙබරවාරි මස පළමුවැනිදාට එය තිරගත වීම අරඹා දින 50කි. එදින සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේ සිනමා පටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සමඟින් සිනමාපටයට සම්බන්ධ රංගන ශිල්පී ශිල්පිනියන් ද එක්ව දින පනහ සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්විය. උපුල් ධර්මසේන සමඟින් ඉන්දික විමලරත්න විසින් නිෂ්පාදනය කළ අපේ ප්‍රින්සිපල් මත්ද්‍රව්‍ය තුළින් තරුණ ජීවිත විනාශවන ආකාරය හා වත්මන් තරුණ පරපුර මේ වනවිට මුහුණ දී ඇති ගැටලු රාශියක් පිළිබඳ ඉතා සංවේදී අයුරින් කතිකා කෙරේ. විනාශ මුඛයට යමින් තිබූ පාසලක් වෙත නව පත්වීමක් ලබා පැමිණෙන ගෞරවණීය විදුහල්පතිනියක විසින් තම දරුවන් බේරා ගැනීමට කටයුතු කරන ආකාරය ඉතා ප්‍රශස්ත ලෙස මේ සිනමාපටය තුළින් විදහා දක්වනු ලබනවා.