වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ස්මාර්ට් ලෝකයට නව ගැජට් සහ ඇප්ස්

වර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ ‘ඵථචපබ’ වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති ඵථචපබ නඩධදඥ, පරිගණකය, ටැබ්ලට් උපාංග පමණක් නොව, ඔබේ නිවෙසේ ඇති රූපවාහිනිය මෙන්ම සමස්ත නිවෙසම පාහේ ඵථචපබ වී තිබේ.
නිවෙසක භාවිත වන විදුලි බුබුලේ සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වා ද ඵථචපබ තාක්ෂණය අඩු වැඩි වශයෙන් පැතිර ගොස් තිබේ.
මෙවැනි පසුබිමක දී ඔබත් ස්මාර්ට් නොවුණහොත් එය ඔබේ දෛනික දිවිය පසුබෑමකට ලක්කරාවි. ඒ නිසාම මෑතකදී ස්මාර්ට් ලෝකයට පිවිසි ගැජට් කිහිපයක් සහ ඇප්ස් කිහිපයක් අද ඔබට ගෙන එනවා.
ශරීර සුවතාවට ස්මාර්ට් සහකරුවා Fitbit Versa
ෆිට්නස් ට්‍රැකර් හෙවත් ශරීර සුවතා මැන බැලීමේ උපාංග මේ වනවිට ලෝකයේ බොහෝ දෙනකු විසින් භාවිත කරන අතර වැඩි පිරිසකගේ අවධානය ලබාගෙන තිබෙනවා. කාර්යබහුල ජීවිතය මඟින් වැඩිවන ශරීර සුවතා ගැටලුවලට යම්කිසි පිළියමක් මෙයින් ලබාගත හැකි නිසා ක්‍රීඩකයන් වැනි අයට වඩාත් නිරවද්‍ය ලෙසින් සිය ව්‍යායාම ආදිය කළමනාකරණය කරගැනීමට සහය ලැබෙනවා.
මූලික අදියරේ සිටි ෆිට්නස් ට්‍රැකර් එකට නව විශේෂාංග සහිතව වැඩි දියුණු කර පසුගියදා Fitbit Versa නමින් එළිදක්වනු ලැබුවා.
උපදෙස් - අනුරාධ කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක
2019/07/24 තරුණි බලන්න