(ෆිලෙට් ඕෆ් මලට් ෆිෂ් පාර්සල් විත් ඔරේන්ජ් සෝස්)

සැප්තැම්බර් 11, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

පැතලි ගල් මාළු කැබැල්ලක්

ඔලිව් ඔයිල් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

Spring rolls pastySheet 2 ක්

Fresh Soybean Sprouts ස්වල්පයක්

හීනියට කපාගත් කැරට් ටිකක්

රතු සහ කහ පාට බෙල්පෙපර් ස්වල්පයක්

බෝංචි හෝ ඵදධඹ ඕඥචදඵ ස්වල්පයක්

තයිම් ස්වල්පයක්

බිත්තර කහමද 1 ක්

බැදගත් වියළි කජු ස්වල්පයක්

සිහින්ව ලියා ගත් බී ලූනු ස්වල්පයක්

හීනියට ලියාගත් තක්කාලි ස්වල්පයක්

සුදු ලූනු ස්වල්පයක්

චීස් පෙති 1 ක්

දොඩම් ගෙඩියක යුෂ

පාන් පෙති 2 ක්

ලුණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට

දෙහි යුෂ ස්වල්පයක්

දුඹුරු සීනි ස්වල්පයක්

 

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් මාළු කැබැල්ල හොඳින් සෝදා ලුනු, ගම්මිරිස්, දෙහි යුෂ, ඔලිව් ඔයිල් ස්වල්පයක් සමඟ කලවම්කර පසෙකින් තබාගන්න. ඉන්පසු සෝදා කපාගත් සියලුම එළවළු බටර් ස්වල්පයක් සමඟ වතුර ස්වල්පයක් දමා බාගෙට තම්බාගන්න. වතුරෙන් ඉවත්කර පසෙකින් තබන්න. ඉන්පසු මාළු කැබැල්ල spring roll sheet එක මත තබා බිත්තර කහමදය ද එහි තවරා තක්කාලි සමඟ තම්බාගත් එළවළු ස්වල්පයක් කුඩාවට කපා චීස් පෙති දෙක සමඟ රෝල් එකත් ආකාරයට ඔතාගන්න. ඉන්පසු එය ස්ටීම් කරගන්න. විනාඩි 5 කින් පමණ එය හුමාලයෙන් ඉවත්කරගන්න. ඉන්පසු දොඩම් යුෂ සහ දෙහි යුෂ මිරිකා එකට කලවම් කරගන්න. රත් වූ නන්ස්ටික් පෑන් එකකට දුඹුරු සීනි එකතු කර මඳක් කැරමල් වන ආකාරයට පැමිණි පසු බටර් සමඟ දෙහි හා දොඩම් යුෂ එයට එකතුකර හින්දාගන්න. මඳක් උකුවන ආකාරයට, පිළියෙල කරගත් සියලු ද්‍රව්‍ය නැවත රත්කර සකසාගන්න.

මාළු කැබැල්ල නැවත රත්කිරීමේදී නන්ස්ටික් පෑන් එකට බටර්, තයිම්, ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා ගි‍්‍රල් කරගත හැකියි. නැතහොත් සෙල්සියස් අංශය 200 උෂ්ණත්වයට විනාඩි 10 ක් පමණ අවන් කරගන්න. ඉන්පසු පිඟානට සකසාගත් සියලු දෑ දමා ඒ මතට සාදාගත් ඔරේන්ජ්

 

2019/09/11 තරුණි බලන්න