රසටකන්න සැමොලිනා ෆෘට් කේක්

සැප්තැම්බර් 15, 2021

සැමොලිනා එහෙමත් නැතිනම් රුලං වැඩිහිටියන් අතර වගේම කුඩා දරුවන් අතරත් ජනප්‍රිය ආහාරයක්.

මෙහි යකඩ හා පොටෑසියම් බහුලයි. එමෙන්ම කුඩා දරුවන්ගේ හිමොග්ලොබින් වර්ධනය කරන්නත් රුලං උදව් වෙනවා. එසේම ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, විටමින් වැනි පෝෂක කොටස් ද රුලං සතුයි. ඒ නිසා මේ කාලයේදී රුලං ආහාරයට එකතු කරගන්නවා නම් එය ගොඩක් හොඳයි. ඉතිං අද අප මේ කියලා දෙන්න යන්නේ මේ රුලං එකතු කරගනිමින් හදන කේක් එකක් පිළිබඳයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කරන්ට්ස් ග්‍රෑම් 50ක්

රේසින්ස් ග්‍රෑම්

50ක්

ප්ලම්ස් ග්‍රෑම්

125ක්

චෙරි ග්‍රෑම් 125ක්

කජු ග්‍රෑම් 50ක්

මික්ස් ෆීල්

ග්‍රෑම් 100ක් (වෙළෙඳපොළෙන් ලබාගත හැකියි)

රුලං ග්‍රෑම් 125ක්

බටර් ග්‍රෑම් 125ක්

දුඹුරු සීනි ග්‍රෑම්

100ක්

බිත්තර 2ක්

පැණි මේස හැඳි 2ක්

ලෙමන් යුෂ මේස

හැඳි 2ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2ක්

වැනිලා තේ හැන්දක්

 

සාදන ක්‍රමය

පළමුව රුලංවලට සුවඳ කුඩු කලවම් කර පසෙකින් තබන්න. ඉන්පසු පලතුරු ටික එක බඳුනකට දමා කලවම්කර එයට ලෙමන් යුෂ සහ වැනිලා එකතු කරන්න.

දැන් සීනි, පැණි සහ බටර් තවත් බඳුනකට දමා බීට් කරන්න. එය හොඳින් බීට්

වන විට බිත්තර ද එකතුකර බීට් කරන්න.

මෙය හොඳින් බීට් වූ පසු පලතුරු මිශ්‍රණය දමා කලවම් කරගන්න. රුලං ද එයට

එකතු කරන්න. දැන් අඟල් 6x6 තැටියකට මෙම මිශ්‍රණය දමා ගන්න. එය දැමීමට පෙර තැටිය යටට පත්තර පිටු දෙකක් දමා එහි උඩට ඔයිල් පේපර් එකක් දමන්න. ඉන්පසු මේ මිශ්‍රණය දමන්න.

දැන් සෙල්සියස් අංශක 150ට රත්වූ පෝරණුවක් තුළට මෙම කේක් තැටිය දමා පැයක් එකහමාරක් බේක් කරන්න.

මෙය බාගෙට බේක් වන විට උඩ රන්වන් පැහැයක් ගනියි. එසේ වූ විට ඔයිල් පේපර් කොටසක් උඩින් දමා බේක් කරන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක