ලොව වටා යන රස මිහිර

අගෝස්තු 29, 2022

 

ලොව වටා රස බෙදමින් යන, උපකාර අවැසි මොහොතක ආදරණීය දෑත් දිගුකරන ජනනී ගුරුසිංහ ප්‍රමුඛ අපේ ආදරණීය ළඳුන්ගේ එකතුව “රස ගුණ සමඟ සෙනෙහසින් අපි" සමූහයයි. මේ සමූහගේ හිතමිතුරියන් අතර හුවමාරුවන රසැති කෑම කිහිපයක් අද මෙලෙස ඔබ වෙනුවෙන් ගෙන එනවා.

 

ඉස්සෝ වඩේ

 

කඩල පරිප්පු ග්‍රෑම් 250ක්

ඉස්සෝ

හීනියට කපාගත් රතු ලූනු ටිකක් හෝ බී

ලූනු ගෙඩි 1/2ක්

හීනියට කපාගත් කරපිංචා

හීනියට කපාගත් අමුමිරිස් කරල් 4ක්

රස අනුව ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

කෑලි මිරිස්

කහ කුඩු

පාන් පිටි මේස හැඳි 2ක්

බැදීමට පොල් තෙල්

බී ලූනු ගෙඩියක්

සුදුලූනු

ඉඟුරු

කරපිංචා

සූදුරු තේ හැඳි 1/2ක්

රස අනුව ලුණු කුඩු

මිරිස්කුඩු

සියඹලා ඇට 4ක්

වතුර

 

කඩල පරිප්පු ටික සෝදා පැය 1/2ක් පමණ පෙඟෙන්න දාන්න. (පරිප්පු අලුත් නම් ඉක්මනින්ම පෙඟෙනවා. පරණයි නම් පැයක් 1 1/2ක් පමණ කාලයක් යනවා.) දැන් වතුර ටික හොදින් පෙරා පේස්ට් එකක් වෙනකන් බේලෙන්ඩ්් කරන්න. ඉන්පසු ඉස්සෝ ඇලවීමට පාන් පිටි මේස හැඳි 2 ට වතුර ටික ටික දමා ඝනකම පාප්ප මිශ්‍රණයක් සාදාගන්න.

අඹරාගත් පරිප්පු එකට පොඩියට කපා ගත්ත බී ලූනු, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහකුඩු රස අනුව ලුණු කුඩු දමා හොඳින් කලවම් කරන්න. දැන් අතේ තෙල් ටිකක් හෝ වතුර ටිකක් ගා ගෙන හදා ගත්ත මිශ්‍රණයෙන් ටිකක් අරගෙන අල්ල මත තබා හොදින් රවුමට තුනි කරන්න.හීනියට වඩේ එක හදාගන්න ඕනෙ.

ඉන්පසු පාන් පිටි පාප්ප එක වඩේ එක උඩ ගා ඉස්සෝ අලව ගන්න. දැන් පරෙස්සමට වඩේ එක තෙලට දා බැද ගන්න. ගින්දර අඩු කර ගෙන වඩේ ටික බැද ගත යුතුයි.

බී ලූනු, සුදුලූනු, ඉඟුරු, කරපිංචා, සූදුරු, මිරිස්කුඩු, ලුණු කුඩු, වතුර ස්වල්පයක් දමා බේෙලන්ඩර් කප් එකට දමා හොඳින් අඹරා ගන්න. දැන් පෑන් එකට තෙල් ස්වල්පයක් දමා රත් වී ගෙන එනවිට සියඹලා ටික දමා ටික වේලාවක් තෙලේ තම්බා ගන්න. අඹරා ගත් පේස්ට් එක දමා විනාඩි 3ක් 4ක් තෙලේ උයාගෙන ළිපෙන් බා ගන්න. බැදගත් ඉස්සෝ වඩේ උඩින් හදාගත් සෝස් එක දාගෙන ලූනු ටිකකුත් කපා දා ගෙන රස බලන්න.

 

 

ඡායාරූපය සහ අාහාර වට්ෙටා්රුව ඉදිරිපත් කිරීම  සිතාරා වීරරත්න

******************

ආප්ප

 

 

 

කැකුළු හාල් කෝප් තුනක් (පැය 6 කට වඩා පෙඟෙන්න තබන්න)

පොල් වතුර

යීස්ට් තේ හැඳි එකක්

සීනි තේ හැඳි එකක්

පොල්ගෙඩියක ගාගත් පොල්

ලුණු

ක්‍රීම්කැකර් බිස්කට් දෙකක්

 

 

ගා ගත් පොල් බ්ලෙන්ඩර් කප් එකට දමා එයට පොල් වතුර ද එක්කර බ්ලෙන්ඩ් කර පොල් කිරි ටික මිරිකා ගන්න. එය ඉවත්කර සෝදා නැවත බ්ලෙන්ඩර් කප් එකට සහල් ටික ටික දමා එයට මිරිකා ගත් පොල් කිරි ටික ටික එකතු කරමින් සහල් ක්‍රීම් වනතුරු අඹරා ගන්න. (ටික ටික දමමින් අඹරා ගන්න ඕනේ)

අවසාන අවස්ථාවේ දී සහල් ටිකක් බ්ලෙන්ඩර් කරන විට එයට යීස්ට්, සීනි සහ ක්‍රීම් දෙක කඩා දමා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩරයෙන් අඹරා ගන්න.

භාජනයකට දමා වසා පැයක් පිපෙන්න තබන්න. ඊටපස්සෙ අවශ්‍ය පමණ තවත් පොල් කිරි දමා රස අනුව ලුණු ද දමා ආප්ප මිශ්‍රණයෙන් වඩාත් ඝනකමින් දියාරු නැතුව මිශ්‍රණය සකසා ආප්ප සාදාගන්න.

 

ඡායාරූපය සහ අාහාර වට්ෙටා්රුව ඉදිරිපත් කිරීම දිනුෂා ජයසිංහ

 

 

******************

හාල් පිටි මුරුක්කු

 

මේ සඳහා හාල් පිටි විතරයි ගන්නේ. වෙන මුකුත් පිටි වර්ග එකතු කරන්නේ නැහැ.

හාල් පිටි කිලෝග්‍රෑම් 1ක් (කඩේ හාල් පිටි ගත්තේ)

බිත්තර 1ක්

කහ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු අපේ රස අනුව

මිශ්‍රණය සඳහා පොල් කිරි මිලිලීටර් 500ක් (අඩු වැඩි වෙන්න පුළුවන්. මිටි කිරිවලට දිය කිරි ටිකක් විතර කලවම් කරලා ගන්න. ගොඩාක් දිය කිරි දාන්න එපා. පොල් කිරි ටිකක් උණු වතුරෙන් හදා ගන්න.)

හාල් පිටිවලට බිත්තරය, ලුණු, කහ කුඩු, මිරිස් කුඩු එකතු කර ගන්න. සැරට ඕනේ ගොඩාක් මිරිස් කුඩු දාන්න එපා. තේ හැඳි කාලක් විතර සෑහේ. මොකද තෙලේ බදින්න කලින් නේ මේ ඔක්කොම දාන්නේ ඒකයි. නැත්නම් ටිකක් අමුතු රසක් එනවා වැඩි වුණොත්. ලුණු එකවර ගොඩාක් වැඩි කර ගන්න එපා. රස මදි නම් ටිකක් පස්සේ අනනකොට දාන්න පුළුවන්.

දැන් මේ මිශ්‍රණය පොල් කිරි ටික ටික එකතු කරමින් මිශ්‍ර කර ගන්න. හරියට ඉඳි ආප්පවලට හදන මිශ්‍රණය වගේ පිටි මෝලිය එන්න ඕනෑ.

ඊට පස්සේ මේක එකින් එකට මුරුක්කු හැඩේට වක් කර ගෙන තෙලේ බැද ගන්න. ගොඩාක් අය ෆොයිල් පේපර්වලට වක් කරලා තමයි තෙලට දාන්නේ. ඒත් ඒකට ගොඩාක් වෙලා යනවා. පහසු ක්‍රමයට වෙලාව අපතේ නොයවා තෙල් හැන්දට තමයි මුරුක්කු ලස්සනට රවුමට වක් කරන්නේ. ඊට පස්සේ හැන්ද පිටින් තෙලට එක් කරනවා. එතකොට තෙල් විසික් වෙන්නේ නෑ.

රන්වන් පාට වුණාම තෙලෙන් අයින් කර ටිෂූ පේපර් තියෙන ප්ලේට් එකකට දා ගන්න. එච්චරයි ගින්දර අඩු හරි මධ්‍යම හරි තියා ගන. මොකද වැඩි ගින්නේ බැද ගත්තොත් ඇතුලේ බැදෙන්නේ නෑ නේ ඒකයි .

මුරුක්කු හදන්න ගන්න උපකරණ තියෙනවා. ඒ වෙනුවට ඉඳි ආප්ප වංගෙඩියෙනුත් අයිසිං නොසල් සෙට් එකෙනුත් මුරුක්කු ගන් එකෙනුත් හදන්න පුළුවන්.

 

 

ඡායාරූපය සහ අාහාර වට්ෙටා්රුව ඉදිරිපත් කිරීම සෞම්‍යා මොහොමඩ් ඉන්සාෆ්

 ********************

වම්බටු කරි

 

වම්බටු ගෙඩි 4-5ක්

තක්කාලි ගෙඩියක්

බී ලූනු ගෙඩියක්

අබ ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

තළාගත් ඉඟුරු ස්වල්පයක්

සුදු ලූනු

කරපිංචා

අමු මිරිස්

මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ

අවශ්‍ය පමණ

ගරම් මසාලා (අවශ්‍ය නම්)

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ලුණු කුඩු රස අනුව

වම්බටු ටික පොඩියට කපාගන යන්තම් වගේ බැදගන්න. තක්කාලි ගෙඩියක්, බී ලූනු ගෙඩියක් වෙනම අරන් හොඳට පේස්ට් එකක් වගේ වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න.

දැන් භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ විට අබ, සූදුරු, උළුහාල්, තළාගත් ඉඟුරු, සුදුලූනු, කරපිංචා, අමු මිරිස් සියල්ලම දමා රන්වන් පාට වූ විට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ ටිකක් ගරම් මසාලා (කැමැති නම්), කොත්තමල්ලි කොළ කීපයක්, ලුණු කුඩු දමා යන්තම් බැදීගන එද්දි තක්කාලි පේස්ට් එක දාන්න. දැන් පියනකින් වසා මඳගින්නේ ටිකක් තියන්න. අන්තිමට බටු ටික දමා හොඳට මිශ්‍ර කරගන්න. මේ කරිය හරිම රසයි.

 

ඡායාරූපය සහ අාහාර වට්ෙටා්රුව ඉදිරිපත් කිරීම -නෙතිකලා දර්ශි

******************

බස්බූසා

අරාබි රටවල ප්‍රසිද්ධ ස්වීට් වර්ගයකි. මෙය බස්බූසා (රුලං කේක්) නමින් හඳුන්වයි. ඊජිප්තුවට අයත් රස කැවිල්ලක් වන මෙය හදන්නත් හරිම ලේසියි. ඒ වගේම ගොඩක් රසායි.

 

රුලං ග්‍රෑම් 75ක්

ඩෙසිකේටඩ් කෝකනට් කප් 1/4ක්

පාන් පිටි ග්‍රෑම් 50ක්

යෝගට් හෝ ඇඹුල් නැති මීකිරි කප් 1/2ක්

සීනි ග්‍රෑම් 100ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

තෙල් හෝ දිය කරගත් බටර් කප් 1/4ක්

බිත්තර 2ක්

ලුණු කුඩු පිංචක්

කජු හෝ අාමන්ඩ් ඇට කිහිපයක්

සීනි කප් 3/4ක්

වතුර කප් 3/4ක්

දෙහි යුෂ බිංදු කිහිපයක්

රෝස වතුර තේ හැඳි 1ක්

 

 

මුලින්ම බෝල් එකක් ගෙන බිත්තර හා සීනී ටික වික්ස් එකකින් හොඳින් කවලම් කරගන්න. දැන් එයටම රුලං, පොල්, දිය කර ගත් බටර්, යෝගට් ටික දමා හොඳින් කවලම් කරන්න. දැන් පාන් පිටිවලට බේකිං පවුඩර් ටික දමා කවලම් කර එය ද දමා හොඳින් කවලම් කරන්න.

දැන් මිශ්‍රණය බටර් තැවරූ ට්‍රේ එකකට දමා විනාඩි 45ක් වසා තබන්න. විනාඩි 45කට පසු පිහියකින් කොටු කපා ආමන්ඩ් ඇට ටික කොටුවල මැදින් තබන්න. (ආමන්ඩ් ඇට උණුවතුරවල තියා ගත් විට පොත්ත නිකන්ම ගැලවෙනවා.)

දැන් සෙල්සියස් අංශක 200ට පෙර රත්කරගත් අවන් එකක විනාඩි 10ක් ද අංශක 180ට අඩුකර විනාඩි 20ක්-25ක් ද පමණ රන්වන් පැහැ වෙනතුරු බේක් කර ගන්න.

 

සීනි, වතුර දමා උණු කර ගන්න. සීනී දිය වූ පසු දෙහි යුෂ සහ රෝස වතුර දමා බුබුළු දාන විට ගින්දර නිවා ගන්න. බේක් කර ගත් බස්බූසා එක කොටු කපා ඒක උඩින් සිනී සිරප් එක උණු උණුවෙම වක්කර ගන්න.

 

ඡායාරූපය සහ අාහාර වට්ෙටා්රුව ඉදිරිපත් කිරීම -  සිතාරා වීරරත්න