රවුම් මුහුණට ගැළපෙන ඒ ලේයර් බේසික් හෙයාර් කට් එකක්

පෙබරවාරි 6, 2023

 

සුන්දරත්වයෙන් හැඩවෙන්න, විලාසිතා මවන්න සෑම ළලනාවක්ම දක්වන්නේ අසීමිත උනන්දුවක්. තමන්ගේ මුහුණ දෑත් හා දෙපා හැඩ කරගන්නවාටත් වඩා කොණ්ඩය හැඩ කරන්න සෑම යුවතියක්ම සෑම කාන්තාවක්ම වෙහෙසෙනවා.

 

මුහුණේ සුන්දරත්වය අපූර්ව ලෙස පෙන්වන්නට හිස කෙස් විලාසිතාවකට හැකියි. සමහර කාන්තාවන් ස්වාභාවිකවම ඝනකම් කෙස් කලඹක් ලබයි. එය වාසනාවක් වුවද හැසිරවීම අපහසු විය හැකියි. සමහර යුවතියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සිල්ක්, සිහින් හිසකෙස් තිබේ. මේ කුමන කොණ්ඩයක් තිබුණ ද මුහුණට ගැළපෙන ලෙස විලාසිතාව තෝරාගත යුතු වෙයි. නැතිනම් ගෙනෙන්නේ අවලස්සනකි. අද මේ ගෙන එන්නේ රවුම් හැඩැති මුහුණකට ගැළපෙන නවතම කොණ්ඩා විලාසිතාවකි.

තමන්ගේ පෙනුමට ගැළපෙන කොණ්ඩා විලාසිතාවක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය පමණක් නොව කොණ්ඩයේ ඝනත්වය සහ දිග ප්‍රමාණයත් බලපානවා. ඒ ලේයර් බේසික් හෙයාර් කට් එකක් කිරීමට නම් කෙස් කලඹේ ගුණාත්මකභාවයත් බලපනවා. හානි වූ කෙස් කලඹකට නම් මේ විලාසිතාව කරන්න අපහසු වේවි. තරුණ යුවතියන්ට ගැළපෙන මේ විලාසිතාව කෝණයේ දිග ප්‍රමාණය අනුව වෙනස්කම් කරගත හැකියි.

හෙයාර් කට් එක කරන්න ප්‍රථම හිස් කෙස් ෂැම්පු කර සෝදා වියළා ගන්න.

01. පළමුව කෙස් කලඹ කොටස්වලට වෙන්කර ගත යුතුයි.

 

02. එහිදී කන දෙපස කොටස් දෙක, හිස් කබල පිටුපස කොටස සහ හිස් කබල ඉදිරිපස කොටස ලෙස කෙස් කොටස් 4කට වෙන් කරගන්න.

 

03. එක් එක් කොටස් සෙක්ෂන් ක්ලිප් මඟින් රඳවා ගන්න.

 

04. ඉන්පසු කතුර සහ පනාව යොදා ගනිමින් අවශ්‍ය දිග ප්‍රමණය අනුව එක් එක් කොටස් පොයින්ට් කට් ආකාරයෙන් කපා කපන්න.

 

05. ඉන්පසු නැවත එක් එක් කොටස් බ්ලෝ ඩ්‍රයර් (Blow dryer) එක යොදාගනිමින් රූපයේ පරිදි බ්ලෝ ඩ්‍රයර් කරන්න.

 

06. අවසානයේදී හෙයා ස්ප්‍රේකර විලාසිතාවට නැවුම් බවක් එක්කර ගන්න.

 

 

උපදෙස් :

ප්‍රවීණ කේෂාලංකරණ ශිල්පී

ජීවන් ගුණසේකර

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

නිරූපණය - සකුනි