කතා කරන ඇස් දෙකක්, ඉඟි බිඟි කරන තොල් දෙකක්....

ජුනි 10, 2024

 

නිල්වන් දෙනයනක්, නාදලුවන් දෙතොලකට හිමිකම් කියන්නට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි. එවන් ඇස් දෙකකට, තොල් දෙකකට මේක්අප් කිරීමෙන් පසු ලැබෙන්නේ අපූර්වතම ආශ්චර්යයකි.

 

දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකුට ඇස් දෙක, තොල් දෙක කලාත්මකව හැඩ ගැන්වීමට පුළුවන. විවිධ අන්දමින් හැඩ ගැන්විය හැකි ඇස්වල පෙනුම තමන්ට අවශ්‍ය ලෙස චාම්ව විශිෂ්ට අන්දමින් යොදා ගත හැකි වේ. ඇස් සඳහා මේක්අප් තෝරා ගැනීමේදී සහ භාවිත කිරීමේදී සීමාවක් නොමැත.

 

අයි ෂැඩෝ(Eye Shadow)

 

ක්‍රීම්, දියර සහ පවුඩර් ආදී වර්ගවලින් සහ වර්ණ රැසකින් සාදා ඇති අයි ෂැඩෝ ආලේපනය සඳහා වෙන් වූ බ්‍රෂ් වර්ග තිබේ. ඇසේ ස්වභාවික පෙනුම ඉස්මතු කරන අයි ෂැඩෝ නැචුරල් අයි ෂැඩෝ නමින්ද දිලිසෙන දීප්තිමත් වැඩි උත්කර්ෂවත් බවක් ලබා දෙන වර්ණ Metalic නමින් ද හැඳින්වේ. Mate Eye Shadow පහසුවෙන් ගැලවිය හැකි ජනප්‍රිය වර්ගයකි

 

අයි ලයිනර් (Eye Liner)

 

ඇසේ හැඩය වෙනස් කිරීමට ප්‍රමාණය ලොකු හෝ කුඩාකර පෙන්වීමට මේවා භාවිත කරයි. දියර අයි ලයිනර් කළු, දුඹුරු සහ සුදු වර්ණයන්ගෙන් මෙන්ම නිල්, කොළ, රතු ආදී වර්ණයන්ගෙන්ද මිල දී ගත හැකියි. දියර අයි ලයිනර් මිල දී ගැනීමේදී වතුරට දිය නොවන(Water proof) අයි ලයිනර් තෝරාගත යුතුය. අවශ්‍යතාව අනුව අඳින හැඩය හා ඝනකම වෙනස් වේ. මේ සඳහා කළු සහ දුඹුරු පැන්සල්වලින් හැඩය වෙනස්කර ඇඳ ගැනීමටද පුළුවන.

 

මස්කාරා

 

බොහෝ විට කළු, දුඹුරු හා නිල් යන වර්ණයන් භාවිත කරයි. ඇස් පිහාටු පීරා ඝනකම් කිරීමෙන් ඇස්වලට ස්වාභාවික පෙනුමක් ලබා දෙයි. මේවා Water proof විය යුතුය. ආලේප කරන පින්සල් නොයෙක් හැඩයෙන් වෙළඳපොළින් මිලදී ගත හැකිය. අවශ්‍ය පරිදි ආලේප කර ස්වාභාවික පෙනුමේ සිට ඝනකම් ඇස් පිහාටු දක්වා වර්ධනය කරගැනීම සඳහා මස්කාරා උපයෝගි කරගත හැකියි.

 

Eye Gel/Eye Diffiner ඇස් ඇර යටි දාරය මත

(Water line) ඇසේ කෙළවර දක්වා අයි ලයිනර් ආදී සීමාව සමඟ සම්බන්ධවන සේ ගැල්වීමට හැකියි.

 

Eyebrow Pencil

 

ඇහිබැම හැඩ කිරීම සඳහා භාවිත කරයි. දුඹුරු, කළු වශයෙන් වර්ණ ගණනාවක් ඇත. වඩාත් අඩු ඇහිබැමක් නම් ඇත්තේ අයි බ්‍රෂ් එකකින් පීරා හැඩ කරගත යුතුය. තවද ඉරි ආකාරයට අඳිනු ලැබේ. මෙහි නිමාව ස්වාභාවික විය යුතුය.

 

Lip Liner

 

ලිප්ස්ටික් ආලේපයේදී ලිප් ලයිනර් භාවිතය ඔබේ තොලට මනා නිමාවක් ලබා දෙයි. මේ ලිප් ලයිනර් භාවිත කළ යුත්තේ ලිප්ස්ටික් එකට ගැළපෙන ලෙසයි. ලිප්ලයිනර් එක ඇඳීමේදී මුලින්ම තොලේ

 

 

V හැඩය ළඟින් පටන්ගෙන දෙපසට අඳිනු ලබයි. සිනාසෙන්නට කියා යටි තොල අඳිනු ලබයි. ලිප් ලයිනර් එකෙන් දෙකෙළවර යා කළ යුතුය.

 

ලිප් ලයිනර් පෙන්සිල් එක හෝ බ්‍රෂ් එක මඟින් තොල් ඇතුළත ආලේප කිරිමෙන් ලිප්ස්ටික් බොහෝ වේලාවක් රඳා පවත්වා ගත හැකි වෙයි. ප්‍රමිතියෙන් උසස් ලිප්ස්ටික් හා ලිප් ලයිනර් භාවිත කිරීම අනිවාර්ය වේ.

 

ලිප්ස්ටික් (Lipstick)

 

ලිප්ස්ටික් භාවිතය ඇඳුමේ වර්ණය හා බැඳී පවතී. එමෙන්ම සමේ වර්ණය හා බැඳී පවතී. සමේ පැහැය වැඩි අය සඳහා තද වර්ණ භාවිත කරයි.

 

රෝස පාට ඇඳුමක් ඇන්ද විට රෝස පැහැයට ආසන්න පැහැයකින් ආලේප කළ හැකියි. වර්ණ දෙකක් මිශ්‍රකර තනි වර්ණයක් ලබා ගත හැකියි. නමුත් පැහැයෙන් අඩු අය සඳහා ළා පාට භාවිත නොකළ යුතුය.

 

කොළ වැනි වර්ණයක් ඇන්ද විට දුඹුරු පැහැයට හුරු කොපර් වර්ණයක් භාවිත කළ හැකියි. පැහැපත් සමක් සඳහා Mute Colour යොදාගත හැකිවන අතර ඕනෑම වර්ණයක් පැහැපත් සමක් සඳහා සුදුසු වේ.

 

ලිප් ග්ලොස් (Lip Gloss)

තොලේ ආරක්ෂාවට ලිප්ස්ටික් ආලේපයට ප්‍රථම ලිප් බාම් ආලේප කළ යුතුය. ඉන් අනතුරුව ලිප්ස්ටික් ආලේපකර ලිප් ග්ලොස් ආලේප කළ හැකියි. ලිප් ග්ලොස් භාවිතයේදී එය කොතරම් දුරට සේවාදායකයා සඳහා ගැළපේදැයි හඳුනාගත යුතුය.

 

පවුඩර් (Powder)

 

ඕනෑම ෆවුන්ඩේෂන් වර්ගයක් ආලේපයෙන් පසු එය අධික වියළි සහිත සමක් නොවේ නම් සමේ වර්ණයට අනුව ගළපා ගනිමින් පවුඩර් භාවිත කළ හැකියි. විවිධ ආකාර ලෙස පවුඩර් වෙ‍ෙළඳපොළෙන් මිල දී ගත හැකි අතර එහි තුනී බව සහ ඝනකම

(Micro/Thick) අනුව පවුඩර් වර්ග තෝරා ගත හැකි වේ. එසේම ඒවා භාවිතයේදී Fixin Powder සහ Finishing Powder ලෙසද යොදා ගැනේ.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ