වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
මංගල මාසයේ මනාලියවන ඔබට සෙනෙහසින්
මේ මැයි මාසයේ සොඳුරු මනාලියක ලෙසින් කුල ගෙයට පියමං කරන ඔබට තරුණී වෙතින් පිදෙන අමිල තිළිණයකි. ඔබේ පැතුම ලස්සන මුහුණක්, පැහැපත් පෙනුමක් එය එසේ නේද? එහෙම බලාපොරොත්තුවක් තියාගෙන, රුවට සත්කාර නොකර සිටියහොත් ඒ පිළිබඳ උනන්දු නොවුණහොත් ඒ ලස්සන පෙනුම අපට ළඟාකර ගන්නට අසීරුයි. ෆේෂල් කිරීම මුහුණේ ලස්සන රැකදෙන හොඳම සත්කාරයක්.
ඔන්න ඉතිං සාමාන්‍යයෙන් සිදුකෙරෙන ෙෆ්ෂල් එකකට වඩා වැඩි විශේෂත්වයකින් යුතුව සිදුකෙරෙන ෆේෂල් සත්කාරයක් ගැන අද ඔබට දැනුම්වත් වන්නට පුළුවන්. මනාලියක්වන ඔබගේ මනස නිරවුල්ව සිටියහොත් තමයි මංගල දිනයේදී ඔබේ රුව ලස්සනට, සොඳුරුව පිපුණු මලක් සේ දිස්වනුයේ.
මේ ෆේෂල් එක මානසික ආතතිය දුරුකර සිතටත්, කයටත් මනා සුවයක් ළඟාකර දෙමින් ඔබේ රුව ලස්සන සහ පැහැපත් පෙනුම රැකදීමයි. මෙම සත්කාරය ෆේෂල් ස්පා වශයෙන් හඳුන්වන්න හැකියි. එසේම සත්කාරය කරන අතරතුර සේවාදාකයාගේ මනස සන්සුන්වන ආකාරයෙන් සහ සිත ප්‍රබෝධමත් කරන ආකාරයෙන් අවට පරිසරය පසුබිම සුදානම් වී තිබීම ඉතාම වැදගත්. ස්වභාවික පරිසරයක සුන්දරත්වය මැවෙන අයුරින් කුරුලු ශබ්ද, වතුර ගලා බසින හඬ සහිත සියුම් සංගීත රාවයක් පසුබිමින් ඇසෙන්නට සලස්වයි. එමෙන්ම මෙම ස්පා එකට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගන්නේ නම් වඩාත් සුදුසුයි.
මුලින්ම සේවාදායකයාගේ හිස වටා ආවරණයකර ගන්න. මෙහිදී මුහුණු පිරිසුදු කිරීමට පෙර ශාකසාර තෙල් වර්ගයක් නාසයට සමීපකොට එහි සුවඳ ආඝ්‍රාහනය කිරීමට සැලැස්විය යුතුය. ඉන්පසු මුහුණ ක්ලෙන්සර් කරන්න. ක්ලෙන්සර් කරන අතරතුර ස්ටීම් කළ යුතුයි. එය අවසානයේ උණුසුම් වතුරේ පොඟවාගත් තුවායකින් මුුහුණ පිරිසුදුකර ගන්න. මෙහිදී ශාකසාර තෙල් බිංදු කීපයක් තුවාය මතට දමා එම උණුසුම සහිත තුවායෙන් මුහුණ පිිරිසුදු කරන්න. එවිට ගැල් වූ තෙල් වර්ගය හොඳින් මුහුණට උරා ගැනෙයි. මෙහිදී විවෘත වූ රෝමකූප යථා තත්ත්වයට පත්කරලීම සඳහා ටෝනර් කළ යුතුයි. දැන් සමට සුදුසු ස්ක්‍රබ් එකක් භාවිත කරමින් මුහුණ මෘදුවට පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න. මුහුණ සම්බාහනය කිරීම ඇරැඹීය යුත්තේ මින්පසුවයි. සම්බාහනය කිරීමේ නිලස්ථානය (ෆ්‍රෙෂර් පොයින්ට්) සියුම්ව තෙරපමින් සම්බාහනය කළ යුතු වෙයි. ප්‍රථමයෙන් ඇස් වටා, නළල, කම්මුල් දෙපස මසාජ් කරන්න. මුහුණේ සම උඩු අතට ඔසවමින් සෙමෙන් මසාජ් කරන්න. නැවතත් උණුසුම්කර ගත් තුවායකින් මුහුණ පිස දමන්න. මීළඟට පැක් එක දැමීම සඳහා සුදානම් විය යුතුයි. එයට පෙර අැස් ආවරණයකර ගන්න.සම අනුව තෝරාගත් පැක්එක ගෙන එයට ටෝනර් මිශ්‍ර කරන්න. මෙය මිශ්‍රකර ගත යුත්තේ එය හුමාලයට අල්ලමිනි. මෙහි උණුසුම තිබියදීම බ්‍රෂ් එකක අාධාරයෙන් පැක් එක මුහුණේ ආලේපකර ගන්න. තැවැරූ පැක් එකම උඩින් උණුසුම්කර ගත් තුවායක් අාවරණයකර ස්ටීම් එකට අල්ලන්න. මෙම පැක් එක විනාඩි විස්සක් පමණ මුහුණේ තිබෙන්නට හැර ඉවත් කරන්න. මේ ෆේෂල් ස්පා සත්කාරයෙන් පසු ඔබට මානසික වශයෙන් දැනෙන සුවය මෙන්ම මුහුණේ අව පැහැය ඉවත් වී සම පැහැපත් වී තිබෙන ආකාරය දැකගන්නට ලැබේවි.
උපදෙස්
CHE සැලෝන් හි
රූපලාවණ්‍ය ශිල්පී
චාමික මංචනායක