වර්ෂ 2024 ක්වූ September 09 වැනිදා Monday
සේවාදායකයා සතුටු කරන ෆේෂල් එකක්
ෆේෂල් පිළිබඳ කාන්තා පත්තරවල පත්ඉරු පුරාවට ඕනෑතරම් කතාකර ඇති. සැලෝන් එකකට ගිහින් ෆේෂල් එකක් කරගන්නා අන්දම පිළිබඳ, එහෙමත් නැත්නම් තනිවම නිවෙසේදී ෆේෂල් එකක් කරගන්නා අයුරු පිළිබඳයි ඒ කතාබහ.
අද අපේ කතාබහ සැලෝන් එකක් එහෙමත් නැත්නම් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන, රූපලාවණ්‍යාගාරයක සේවය කරන ඔබ සේවාදායකයකුගේ ෆේෂල් එකක අවශ්‍යතාව ඉටුකරලන්නේ කොහොමද? ෆේෂල් එකක් මනාව කිරීමෙන් ගනුදෙනුකරුවන් තමා වෙත අද්දවා ගන්නේ කොහොමද? යන්න පිළිබඳයි.
ෆේෂල් එකකින් කරනු ලබන ප්‍රතිකාරය බලපානු ලබන්නේ මැද සමටය. එම නිසා ප්‍රතිකාරයේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට දින දෙකක් හෝ තුනක් ගත වෙයි.
ෆේෂල් එකක් කිරීම මඟින් මුහුණ පිරිසුදු කරයි. රුධිර ගමනය ක්‍රමවත් කරයි. එම නිසා සමට තෙතමනයක් ඇති කරයි. ග්‍රන්ථි උද්දීපනය ඇති කරයි. පේශීන්වල තත්ත්වය සුරකී. දුර්වල පේශීන් තන්තු ශක්තිමත් කරයි. වැඩිපුර වියළි බව, වැඩිපුර තෙල් ගතිය, කළු ලප, සුදු ලප වයසට යන විට ඇතිවෙන රැලි හා කුරුලෑ සුව කළ හැකියි.
මෙමඟින් වයසට ගිය සමට තරුණ බවක් ලබාගත හැකි වේ. කුරුලෑ ඇති අයට සම්බාහනය, මැරුණු සම ඉවත් කිරීම නුසුදුසුය. සම්බාහනයේදී මේද ග්‍රන්ථි උද්දීපනය වී කුරුලෑ වැඩිවිය හැකියි. කුරුලෑ ඇති සමට සම පිරිසුදුකර, ස්ටීම්කර කුරුලෑ සඳහා සැකසූ මුහුණු ආවරණයක් යෙදිය හැකියි. පේෂල් එකක් කිරීමේදී අනුගමනය කරනු ලබන සම්බාහනය ඉතා වැදගත්ය. සම්බාහන පියවරවල් ක්‍රියාත්මක කළ යුත්තේ එහි ස්වභාවය හොඳින් හඳුනාගත් පසුවයි. වියළි සමට සම්බාහනය ඉතා හොඳ ප්‍රතිකාරයකි. සම්බාහනයේ දී නිල තෙරපුම මඟින් සුවදායක බවක් මෙන්ම සමට ජීවී බවක්ද ලබාදෙයි.
ෆේෂල් එකක් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
* සම නිවැරැදිව හඳුනාගන්න.
* රූපලාවණ්‍ය ශිල්පියා නිවැරැදි මනසකින් හා පැහැදිලි අවබෝධයකින් එම කාර්යය සිදුකළ යුතුයි.
* ෆේෂල් එකක් කිරීම සඳහා ආලේපන තෝරා ගැනීමේදී එම ආලේපනවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න. ප්‍රමිතිය ගැන සැලකිලිමත් වන්න.(ISO ප්‍රමිති සහතිකය SLS ප්‍රමිති සහතිකය)
* ආලේපන තෝරා ගැනීමේදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය පිළිබඳව සැලකිලිමත් වන්න.
* ස්වභාවික ශාකසාර භාවිතකර සමට සත්කාර කරන විට අහිතකර ප්‍රතිඵල ඇතිවීම අවම කරයි. නමුත් ස්වභාවික ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතා පවතී.
* ආයුර්වේද ක්‍රමය අනුව ස්වභාවික ද්‍රව්‍ය භාවිතය, නිල තෙරපුම, සම්බාහනය මඟින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරයි.
* ෆේෂල් කිරීමේදී ස්ටීම් කිරීම අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය නම් පමණක් ස්ටීම් කරන්න. ස්ටීම් කිරීම මඟින් තෙල් සමෙහි ඇති අපිරිසුදු දෑ සම මතුපිටට එයි. ඊට අමතරව ලප කැලැල්, බිබිලි බුරුල් වෙයි.
ෆේෂල් කිරීමේදී ගනු ලබන ආලේපන
ෆේස් වොෂ් (Face Wash)
ෆේස් වොෂ් එකකින් සිදු කරන්නේ සම මතුපිට ඇති කුණු දූවිලි ඉවත් කිරීමයි. සම අනුව මෙය තෝරා ගත යුතුය. දිනකට දෙවරක් ෆේස් වොෂ් භාවිත කිරීම ප්‍රමාණවත් වේ.
ඩීප් ක්ලෙන්සර් (Deep Clenser)
ක්ලෙන්සර් එකක් මඟින් සිදු කරන්නේ රෝම කුප තුළ ඇති කුණු දූවිලි ඉවත් කිරීමයි. ෆේෂල් කිරීමේදී අනිවාර්යයෙන්ම භාවිත කරන අතර සාමාන්‍ය භාවිතයේදී රාත්‍රියට පමණක් ප්රමාණවත්ය. ක්ලෙන්සර් කිරීමේදී රෝම කුප තුළ ඇති කුණු දූවිලි ඉවත්වන නිසා රෝම කුප විවර වේ. රෝම කුප යථා තත්ත්වයට පත් කිරීමට ටෝනර් භාවිත කරයි. ක්ලෙන්සර් මඟින් මුහුණේ රෝම කූපවල ඇති කුණු දූවිලි හා තෙල් ඉවත් වෙයි.
ක්ෙලන්සර් ප්‍රධාන වර්ග දෙකකි.
1. ඔයිල් බේස් ක්ලෙන්සර්
2. ජිල් බේස් ක්ලෙන්සර්
ඔයිල් බේස් ක්ලෙන්සර්(Oil base clenser) මෙය සාමාන්‍ය සමට හා වියළි සමට භාවිත කරයි.
ජෙල් බේස් ක්ලෙන්සර්
(Gel base clenser)
ක්ලෙන්සර් භාවිතයේදී තිත් ආකාරයට මුහුණ මත හා ගෙල වටා තබාගන්න. දෙඅතේ ඇඟිලි තුඩුවලින් මේවා ආලේප කරන්න. උඩු අතට පිටතට හොඳින් පිරිමදින්න. ස්පර්ශය මෘදු විය යුතුයි. ඉන්පසු තෙත පුලුන් මඟින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ක්්ෙලන්සර් එකකදී තෙල් ගතියකින් යුක්ත නම් මඳ උණුසුම් ජලයෙන් ඉවත් කළ හැකියි.
ටෝනර් (Toner)
සාමාන්‍යයෙන් ටෝනර් එකක් භාවිත කරන්නේ පුලුන් කැබැල්ලකට තෙත මාත්තු කරන ආකාරයටමයි. මෙමඟින් සමට ප්‍රබෝධමත් බවක් ලබා දෙයි. එමෙන්ම සමේ අනවශ්‍ය තෙල් ඉවත් කරයි. විවෘත වූ රෝම කුපය යථා තත්ත්වයට පත් කරයි. සාමාන්‍යයෙන් වෙළඳපොළේ ටෝනර් දෙයාකාරයකට පැමිණෙයි.
* ඇල්කොහොල් ටෝනර් (Antrogen Lotion)
* ඔයිලි ටෝනර්(Alcohol free)
ඇල්කොහොල් ටෝනර්
තෙල් සහිත සම සඳහා සැකසූ
එකකි. මෙය සුදුසු වන්නේ තෙල් සමටයි. ඇල්කොහොල් ටෝනර් බෝතලය සෙලවූ විට හොඳින් පෙණ දමනු ලැබේ.
ඔයිලි ටෝනර්
ඇල්කොහොල් අඩංගු නැත. මෙම ටෝනර් වර්ගය සාමාන්‍ය සමට, වියළි සමට සුදුසුය.
* Astragenic Toner - තෙල් සහිත සමට
* Lon Toner - සාමාන්‍ය සමට
* Medicated Toner - වියළි සමට
මෙම ටෝනර් වර්ගද සම අනුව වර්ග කළ හැකියි.
Astragenic වැනි ටෝනර් ඇස් මත ගැල්වීම නොකළ යුතුය. ආලේප කිරීමෙන් රෝම කුපය වසා දමයි. විෂබීජනාශනය කරයි. සමේ තෙල් ස්රාවය පාලනය කරයි. ටෝනර් වෙනුවට අයිස් වෝටර් හෝ රෝස් වෝටර් භාවිත කළ හැකියි.
ස්ක්‍රබ්(Scrub)
මැරුණු සම ඉවත් කිරීම සඳහා භාවිත කරනු ලබයි. නමුත් ස්වභාවයෙන්ම අපේ සම දින 24කට වතාවක් අලුත් වෙයි. එම නිසා සාමාන්‍යයෙන් මසකට වතාවක් ස්ක්‍රබ් භාවිත කිරීම සෑහේ. මැරුණ සම ඉවත් කිරීම සඳහා ස්ක්‍රබ් ආකාරයට හා Feel of mask ආකාරයට වෙළඳපොළට එයි. Feel if mask මඟින් කළු ලප හා සුදු ලප කුඩා රෝම ආදිය ගැලවී යයි. ස්ක්‍රබ් කිරීමේදී ඉතා සියුම්ව මෘදුව පිරිමැදිය යුතුයි. ඇස් වටා හා කට වටා ස්ක්‍රබ් කළ යුතුයි.
Scrub Exfoliation
මැරුණු සම ඉවත් කිරීමට භාවිත කරයි. ස්ක්‍රබ් එකක් හා සමානව පාවිච්චි කරන්න.
Facial scrub
Body scrub
Foot scrub
Hand scrub
Scrub ප්‍රධාන වර්ග 2කි.
Enzime base scrub
Michanical scrub
මෙමඟින් මැරුණු සෛල ඉවත් කිරීම සිදුවේ. පළමුව සමට උරා ගැනීම සිදුකර ඉන් පසු එහි ඇති කැට මඟින් මැරුණු සම ඉවත් කිරීමට Enzime scrub එකක් ආලේපකර විනාඩි 5ක් තබා ඉන්පසු ස්ක්‍රබ් කළ යුතුයි. සම්බාහනයේ දී සම නොඇදෙන ලෙස සම්බාහනය කළ යුතුයි. අවබෝධයෙන් තොරව සම්බාහනය කළහොත් ශක්තිමත් වීම වෙනුවට මස් පිඬු ලිහිල් වීම සිදුවේ. සම්බාහනයේදී භාවිත කරන ඇඟිලි පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
ඉදිරිපත් කිරීම
ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ