මංගල දිනය කලඑළි කරනා කදිම කේක් ඇසුරුම්

මාර්තු 14, 2022

 

ආදරෙන් බැඳුණු දෙසිතක් කුලගෙයට පියමනින දා අපූරුතම මල් මංගල්ලයකි. තුරුණු වියේ පසුවන සෑම තරුණ, තරුණියකගේ ජීවිතයේ සුවිශේෂීතම දිනයයි මේ. එබැවින් මේ මංගල දිනය වෙනුවෙන් ලකලෑස්ති වන්නේ ද කල්තියාමයි.

 

එහිදී උත්සවය පවත්වන ශාලාව වෙන්කර ගැනීමේ සිට ඇඳුම් පැලඳුම්, මල් සැරසිලි ආදිය තම සිතැඟි පරිදි තෝරා ගැනීමට උනන්දු වෙති. ඒ සමඟම මේ සොඳුරු දිනයේ සතුට බෙදා හදාගන්නට පැමිණෙන තම නෑ හිත මිතුරන් වෙත යවන ආරාධනා පත්‍රය සේම එදිනට පැමිනෙන අමුත්තන් වෙත පිළිගන්වන මංගල කේක් ඇසුරුම් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරති. ඇතැම් කෙනකු මේවා සකස් කරන ස්ථානයකින් හෝ වෙළෙඳපොළෙන් මිලදී ගත්ත ද නිර්මාණශීලී හැකියාවන් උපයෝගී කරගෙන තම දෑතින්ම සකසා ගන්නට උනන්දු වන යුවතියන් ද ඕනෑතරම්.

 

නේක වර්ණ සහිතව, විවිධ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සකසා ඇති මේ අපූරු මංගල කේක් ඇසුරුම් නිර්මාණ එවැනි ඔබ සඳහාමයි.